බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිද හෙවත් ක්‍රේම්බ්‍රිජ්හි ආදිපාදිවරිය වන කේට් මිඩිල්ටන් පසුගියදා විම්බ්ල්ඩන් ටෙනිස් පිටියේ පිහිටි රාජකීය කුටියේ සිට තරගයක් නරඹමින් සිටිදී ලැබුණු හදිසි ඇමතුමක් සමග 



එම ස්ථානයෙන් වහාම ඉවත්ව ගිය බවට එරට මාධ්‍ය සඳහන් කරයි.එම මාධ්‍යවලට අනුව ඇය ඉක්මනින්ම හුදෙකලා විය යුතු බවට ලැබුණු දැනුම්දීමක් අනුව මෙම පියවර ගෙන තිබෙන බව පැවසෙයි.

එහිදී ඇයට දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා සදහන් කර ඇති ආකාරයටම ඇය COVID-19 ආසාදිත බවට හඳුනාගත් යම් පුද්ගලයෙකුගේ ඉතාමත් සමීපතම ආශ්‍රිතයෙකු බව දැනුම් දෙන්නට ඇති බවත්, ඒ අනුව ඇය එතෙක් නොපැලද සිටි මුඛ ආවරණ පවා යළිත් පැලද ගනිමින් එම ස්ථාතය පිටත්වීම සිදුව ඇති බවත් සඳහන් වෙයි. දැනටමත් COVID-19 මදන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති කේට් මිඩිල්ටන්, මෙම තරගාවලිය නැරඹීමට ඇතුළුවීමේදී අනිවාර්යෙන් සිදුකරන පරික්ෂාවේදිද COVID-19 සදහා ඝෘනාත්මක ප්‍රතිඵල දක්වා ඇත.