ketua-tim-uji-klinis-vaksin-sinovac-meninggal-dunia-ini-profil-dr-novilia-sjafri

චීනයේ සිනොවැක් එන්නත ඉන්දුනීසියාවෙහි අත්හදා බැලීම් පිළිබඳ ප්‍රධාන විද්‍යාඥවරිය කොවිඩ් -19 රෝගයෙන් මියගිය බව ඉන්දුනීසියානු මාධ්‍ය උපුටා දක්වමින් සීඑන්එන් වාර්තා කර තිබේ.
නොවිලියා සාෆ්රි බැචියාර් නමැති ඇගේ මරණය සමග එරට එන්නත් වැඩසටහන් පවත්වා යන අය කම්පනයට පත්ව ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
සීනෝවැක් එන්නත වැඩිපුරම භාවිතා කර ඇති රටවලින් එකක් වන ඉන්දුනීසියාවේ කොරෝනා වෛරස් වලින් සිදුවන මරණ වාර්තාගත මට්ටමකට ළඟා වී තිබූ අවස්ථාවක මෙම මරණයද සිදුවිය. ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යන බැවින් ඉන්දුනීසියාවේ රෝහල්වල දුසිම් ගණනක් මිය යන බවට වාර්තාවන අතර සිනොවැක් එන්නත එයට ප්‍රතිරෝධ නොදක්වන බව වාර්තාවී තිබේ.
එරට දේශීය මාධ්‍ය ජාලයක් වන කුම්පාරන් ප්‍රවෘත්ති සේවය පැවසුවේ නොවිලියා කොරොන වයිරසයෙන් මිය ගොස් ඇති බව සනාථ කළ හැකි බවයි. කෝවිඩ් -19 ප්‍රොටෝකෝලය අනුව ඇයව භූමදාන කළ බවද වාර්තා කර තිබේ.
එන්නත නිපදවන බයෝ ෆාර්මා සමාගම තමාට සිදු වූ “විශාල පාඩුව” ගැන ශෝකය පළ කරමින් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය එරික් තෝහිර් ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ පණිවුඩයක් පළ කර තිබේ.


"ඇය අපගේ ප්‍රධාන විද්‍යාඥවරියක වූ අතර, සීනෝවාක් සමඟ සහයෝගයෙන් කොවිඩ් -19 එන්නත සායනික අත්හදා බැලීම් ද ඇතුළුව බයෝ ෆර්මා විසින් කරන ලද සායනික අත්හදා බැලීම් දුසිම් ගණනක ප්‍රධානියා වූවා ය." යනුවෙන් එහි දැක්වේ.
සිනොවැක් එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ සෞඛ්‍ය සේවකයින් ආසාදන වීම් රෝහල්ගතවීම මරණ වැඩිපුර වාර්තාවී ඇති අතර සෞඛ්‍ය සේවකයින් 131 ක් ජුනි මාසයේ සිට මේ දක්වා මියගොස් ඇති බව සීඑන්එන් වාර්තා කර තිබේ.
ඉන්දුනීසියාවේ ඊයේ බදාදා පළමු වරට දිනකට කොරොන වයිරස් මරණ 1000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ අතර වාර්තාගත ආසාදන 34,379 කි. නවතම ආසාදන රැල්ල මෙහෙයවනු ලැබුවේ ඩෙල්ටා ප්‍රභේදයෙනි.
ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව උදාසීන කිරීමේ බලපෑම එන්නත තුන් ගුණයකින් අඩු කළ බව සීනෝවාක් ප්‍රකාශක ලියු පීචෙන්ග් පසුගිය මාසයේ රොයිටර් පුවත් සේවයට පවසා තිබූ මුත් එම ප්‍රකාශය මේ වනවිට විවාදයට හේතුවී ඇත.