kuliyapitiya-brothers-death

කොබෙයිගනේ, ඇඹලයාගම ප්‍රදේශයේදී දැදුරුඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු පසුගිය 25 වැනිදා සවස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව කොබෙයිගනේ පොලිසිය පවසයි.   මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17සහ 24 වයස්වල ඥාති සොයුරන් දෙදෙනෙකි. මෙම 17 වියැති තරුණයා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අපේක්ෂවෙන් සිටින සිසුවෙකු වන අතර 24 වියැති තරුණයා රැකියාවක් අපේක්ෂාවෙන් සිටින උපාධිධාරියකු බවද පොලිසිය සඳහන් කරයි.



ඥාති සොයුරන් සිවු දෙනකු සති අන්තයේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට නිකවැරටිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවසට පැමිණ කොබෙයිගනේ ඇඹලයාගම ප්‍රදේශයේදී දැදුරුඔයේ දිය නෑමට යාමේදී ඔය තුළ තිබූ ගැඹුරු වළක ගිලීමෙන් තරුණයන් දෙදෙනා මරණයට පත්ව ඇති බවට මූලික පරික්ෂණවලදී අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.  මියගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු මේ වනවිට  නිකවැරටිය මූලික රෝහලට බාරදී ඇති බවද සිරුරු පිළිබඳව වූ හදිසි පරික්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවද පොලිසිය සඳහන් කරයි. කොබෙයිගනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

 -නිමල් ප්‍රේමචන්ද්‍ර- -