ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පරීක්ෂණය මෙහෙයවීම පංච පුද්ගල කමිටුවට භාරදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය සම්බන්ධ ගැටලු විමර්ශනය කිරීම සඳහා නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් විනය කමිටුවක් පසුගියදා පත්කරනු ලැබීය.
මෙම කමිටුවේ පළමු කාර්යය වනුයේ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිමට චෝදනා ලැබූ මෙන්ඩිස්, දික්වැල්ල සහ ධනුෂ්ක යන ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය මෙහෙයවීමයි. එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ මෙම ක්‍රීඩකයන් මේ වනවිට තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කර ඇති අතර,
වාර්තා වන පරිදි ඔවුනට එරෙහි මෙම තාවකාලික තහනම එළඹෙන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදීත් බලපැවැත්වෙනු ඇත.මෙම විනය කමිටුවේ සභාපතිත්වයට අජිත් වීරසිංහ පත්කර ඇති අතර, සෙසු සාමාජිකයන් වනුයේ නිරෝෂන් පෙරේරා, නලින්ද ඉලංගකෝන්, අනුර චන්ද්‍රසිරි සහ එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා ඇතුළත් කර ඇත්තේ ප්‍රථම වරටය. ඒ අනුව එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිර්ම සම්බන්ධයෙන් උපනායක කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ලට සහ ධනුෂ්ක ගුණතිලකට මෙම විනය කට්ටුව විසින් පරීක්ෂණ පවත්වා ලබා දෙන දඩුවම තීරණය කරනු ඇත.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කර සිටියේ මෙම ක්‍රීඩකයන්ගෙන් උපනායක කුසල් මෙන්ඩිට, නිරෝෂන් දික්වැල්ලට වසරක තරග තහනමකුත් ධනුෂ්ක ගුණතිලකට වසර 02ක තහනමකුත් පනවනු ඇති බවයි. ධනුෂ්ක ගුණතිලක මීට පෙර අවස්ථා කිහිපයකදීම විනය විරෝධී සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අතර, අවසන් වරට ඔහුට අත්හිටවූ දඩුවමක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔහුගේ දඬුවම් අනෙක් දෙදෙනාට වඩා වැඩි වනු ඇතැයි වාර්තා වේ. පසුගිය 29 වැනිදා මෙම ක්‍රීඩකයන් තිදෙනා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැණුනු අතර, ඔවුන් මේ වනවිට මීගමුවේ හෝටලයක් තුළ නිරෝධායනයට ලක් කර ඇත. එමනිරෝධායනය අවසන් වූ පසු මෙම මස 13 වනදායින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
(සුරේෂ් දේශාන්)
0 Comments