නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය මෙහෙයවීම සඳහා පංච පුද්ගල කමිටුවේ සභාපතිත්වයට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පත් කර ඇත.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේන්ජර් ජෙනරල් එම්.ආර්. ඩබිලිව්. ද සොයිසා යන මහත්වරු කටයුතු කරයි.එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත්, විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ මෙම ක්‍රීඩකයන් මේ වනවිට තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කර ඇති අතර, ඒ හේතුවෙන් ඔවුනට එළඹෙන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදීත් ක්‍රීඩා කිර්මට නොහැකි වනු ඇත. එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් උපනායක කුසල් මෙන්ඩිස්ට, නිරෝෂන් දික්වැල්ලට සහ ධනුෂ්ක ගුණතිලකට ත්ථෙමෙම කමිටුව විසින් පරීක්ෂණ පවත්වා ලබා දෙන දඩුවම තීරණය කරනු ලබන අතර එනිසා ඔවුන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තේරීම් සඳහා නිර්දේශ නොකරන ලෙස කමිටුවට දැනුම් දී තිබේ.
පසුගිය 29වැනිදා මෙම ක්‍රීඩකයන් තිදෙනා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැණුනු අතර, ඔවුන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටියි. එම නිරෝධායනය අවසන් වූ පසු මෙම මස 13 වනදායින් පසුව ඔවුන් විනය පක්ෂණය සඳහා මෙම කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
(පැතුම් ශ්‍රී විජේරත්න)
0 Comments