lasith-malinga-speaks

මම අද කතා කරන්න ආවෙ  ලංකා කණ්ඩායමත් ඒ වගේම එංගලන්ත කණ්ඩායමත් අතර T20 තරගාවලිය  3-0 ලෙස පරාජයට පත්වෙලා ඉවරයි  ශ්‍රී ලංකා කණ්ඩායම නමුත් එය තරගාවලියෙන් පසුව දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරඟ තුනකට සහභාගි වෙන්න තියෙන ඉතින් අපි තරඟාවලියක් පැරදුණා කියලා ඊළඟ තරගෙට යනකොට ඒ පරාජය වෙච්ච මානසිකත්වයෙන් හෝ  ඒ යම් යම් තැන්වල වෙච්ච දුර්වලතාවයන් හඳුනාගෙන ඒකට පිළිතුරු සපයන් නැතුව  අනිත් තරගාවලියට ගියොත් අපිට ඒ වගේම කණගාටුදායකයි අත් විඳින්න වෙනවා ඒ නිසා මම අද ඕගොල්ලොත් එක්ක කතා කරන්න ආවෙ T20  තරග 3නේ පිතිකරුවන් පන්දු යවන්නන් කරපු හොඳ දේවල් කරපු හොඳ හොද නැති දේවල් ඒ වලින් අපි එක්දින තරඟයට අරගෙන යන්න ඕන මොන වගේ හොඳ දේවල් ද එක්දින තරගය තුළදී අපි වැඩියෙන් කළ යුත්තේ මොකක්ද ඒ වගේ මට මේ තරඟාවලිය දැක්කට පස්සේ මම හිතපු දේවල් සහ මේ වගේ දේවල් උනා නම් හොඳයි

මොකද මම වසර 14 පමණ ක කාලයක ලබපු අත්දැකීම් එක්ක ඒ වගේම ජේෂ්ඨ පීඩකයන් සමඟ dressing  room එකේ ඉද්දි කතාබහ වෙච්ච දේවල් ඔවුන් කතා කරපු දේවල් ඒ හැම දේමත් එක්ක මම ඉගෙනගත්ත දේ ඕගොල්ලොත් එක්ක කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ පළවෙනිම කාරණාව මම කියන්න ඕන අපි T20 තරග දෙකක මුලින් පන්දුවට පහර දුන්නා නමුත් තුන්වෙනි තරඟයට යනකොට අපි කාසියේ වාසිය ජයග්‍රහණය කළා අපි එතනට තීරණය කළා අපි මුලින් පන්දු යවන්න මම එතනින් දකින එක negative point එකක් තමයි අපිට තරඟ දෙකකදී අපි කාසියේ වාසිය ජයග්‍රහණය කරලා ඇයි අපි මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කළේ ඒ තීරණය කළේ කණ්ඩායමක් විදිහට පිතිකරුවන් විදිහට තමන්ගේ පිතිකරුවන්ගේ මානසිකත්වය හොඳ මට්ටමක තියෙන decision තමයි ගායකයෙක් විදියටත් කණ්ඩායමක් විදිහටත් ඒ ගත්තේ හැබැයි තරඟ දෙකක් පැරදුනාට පස්සේ සමහර විට අපිට පස්සේ bat කරොත් හොඳ වෙයි කියන මතේ ඉඳගෙන  අපි තුන්වැනි තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළත් අපි හැදුවා ශ්‍රී ලංකා කණ්ඩායම පස්සේ පන්දුවට පහර දීලා එංගලන්ත කණ්ඩායම ලබා ගත්ත ලකුණු සංඛ්‍යාව හඹාගෙන යන්න මම එතනින් positive දෙයක් දකින්නේ නැහැ අපි හේතුව කණ්ඩායමක් විදිහට decision  එකක් ගත්ත නම් අපි මුලින් පිතිකරණයේ යෙදීම තමයි අපේ තියෙන strong point එක කියලා අපි එක trusted කරලා තමයි  තරග දෙකක් ම මුලින් පන්දුවට පහර දුන්නේ ඉතිං එහෙම පන්දුවට පහර දුන්නට පස්සේ අපේ පරාජයත් එක්ක  කිසිම හේතු සාධකයක් නැතුව අපි මුලින් පන්දු යවන්න තෝරා ගන්නවා කියලා කියන්නේ ක්‍රීඩකයන් තුළ සහ කණ්ඩායම් සලසුම හදද්දි කිණක අතර තියෙන්නෙ අන්‍යෝන්‍ය trust එක නැත්තං




අනිත් player ව trust  කිරීමේ හැකියාව  ගිලිහිලා කියලා එහෙමත් නැත්නම් නැති වෙලා කියලා හැඟීමක් මට දැනෙනවා එහෙම වුණේ වුනේ නැත්තම් පිතිකරුවන් විදියට ඒ ගන්න decision  එක අපිට prove කරලා පෙන්නන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන පිතිකරණ ලැයිස්තුවට අනුව බැලුවොත්  පින් ඒ දේ උනේ නැහැ උනේ නැහැ ඒ අතරින් මට හිතුනා කණ්ඩායමේ ක්‍රීඩා කරන එකොළොස් දෙනා සහ decision  එක ගත්ත හැමෝමත් එක්ක එකතු වෙලා බලනකොට තමන් ගත්ත decision වලට trust කරලා   back කරන්න හැකියාවක් නැද්ද කියන  තැන ප්‍රශ්නාර්ථයක් එක්ක මට ඉතුරු උනා  මොකද පිතිකරුවන්ට ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමට නොහැකි වීමත් එක්ක වෙන විකල්පයක් හොයනවාට වඩා අපි හොයාගන්න ඕන ඇයි අපිට වැරදුනේ අපි පිතිකරුවන් හය දෙනෙක් අහස් දෙනෙක් එකතු වෙලා management එකත් එක්ක එකතු වෙලා කරපු decision එක අපිට ඇයි අපේ පැත්තට හොඳ විදිහට කරගන්න බැරි වුණේ අපේ අතින් වෙච්ච mistakes මොනවද අපි ඒවා හදා ගත යුතු යි  නැත්තං අපි ගත්ත desicion එකෙන් පලා යනවා අපි ගත්ත decision  එක trust  


කරන්නැතුව අපේ සියලු වැරදි අපි ගත්ත decision එක මත තියලා  වෙන decision  එකකට යනවා කියන්නේ කණ්ඩායමේ තියෙන morale එක එහෙමත් නැතිනම් හිතේ ශක්තිය සහ තමන්ගේ thinking pattern එකේ තියෙන ශක්තිය යම්තාක් දුරට අඩු වීමක් වගේ දැනෙනවා....ඉතිං ඒ අඩු වීමත් එක්ක එක් දින තරඟ වලට යන එක එච්චර සුදුසු ක්‍රියාවක් නෙවෙයි  මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි අපි තරගාවලියක් පැරදුනොත් තවත් තරගාවලියක් පටන් ගන්න කොට ඒ පැරදුනු දෙයින් පරාජය පැත්තකට තියලා අපි කරපු හොඳ දේවල් අරගෙන අපිට කරන්න තිබුණ කියල දේවල් අරගෙන ඊළඟ තරගයට එහෙමත් නැත්නම් තරඟාවලියට යන එක තමයි සුදුසුම කාරණාව ඒක තමයි මම දකින දේ තරඟාවලිය පුරාම මම දැකපු negative  දෙයක් තමයි ඒ ගත්ත decision එක decision එකේ වරදක් නැහැ නමුත් පිතිකරුවන් විදිහට ගත්ත ඒ  decision එක bat  කරගන්න බැරුව ඒක positive විදියට කණ්ඩායමට ගන්න බැරි හින්දා තමයි වෙනත් විකල්පයක් හොයන්න හැදුවේ නමුත් තමන් ගත්ත දෙයින් උපරිම ය කණ්ඩායමට දෙන්න සහ කළේ නෑ කියන හැඟීමක් දැනෙනවා ඊට පස්සේ මම ඕගොල්ලොත් එක්ක අද කතා කරන්නේ මුලින්ම කියන්න ඕනේ ලැබෙන ආරංචි අනුව කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක සහ දික්වැල්ල තරඟ කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත භාවයක් තියෙනවා මම ඒ ගැන හරියටම දන්නේ නැහැ නමුත් එක්දින තරඟයට යනකොට කුසල් ජනිත් ගේ නායකත්වයෙන් ආරම්භක පිතිකරුවෙක් විදිහට කුසල් ජනිත් ක්‍රීඩා කළ යුතුයි කියන මතයේ මම ඉන්නවා ඒ නිසා කුසල් ජනිත් පසුගිය T20 තරගාවලිය දී  මොනවද ඔහුගෙන් වෙච්ච mistakes ඒ වගේම එංගලන්ත පන්දු යවන්නන් ඔහුව හොඳින් පාලනය කරන්න ඔවුන් කර දේවල් මොනවද කියන එක මට දැනුන විදියට ඕගොල්ලොත් එක්ක කතා කරන්න කැමති මුලින්ම ගත්තොත් කුසල් ජනිත්  


දැවීයාම් තුනකදී  ඔහු දැවී යාම් දෙකක් වාර්තා කරලා තියෙන්නේ mid-off කලාපයක් extra cover කලාපයත් අතර කලාප දෙක ට තමයි දැවී යාම්  දෙකක් සිදු වෙලා තියෙන්නේ  ඊට අමතර ව  mid - wicket කලාපයට එක දැවී යාමක් තියෙනවා  එතකොට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ඒ වගේම කුසල් ජනිත් ලකුණු ලබාගත්තම  අපි දන්නවා කුසල් ජනිත් හරි ආසයි පන්දුවේ ඉඩ එනවනම් wicket එක දෙපැත්තට උඩින් හයියෙන් ගහන්න හැබැයි එංගලන්ත පන්දු යවන්නන් ඒ දේ දැන ගෙන කුසල්  ජනිත්ට වැඩිපුර පන්දු සංඛ්‍යාවක් යොමු කරල තියෙන්නේ ඔහුගේ bodyline එක නැතිනම් off stump එක සහ middle stump එක යන line එක through ඒක එක  line එකක් කියලා ගත්තට පස්සේ අපිට length එක කියන එක හරිම වැදගත් ඒ කියන්නේ පන්දු යවන්නාගේ පන්දු අතින් ගිලිහුනට පස්සේ කඩුල්ලේ කොතනද පලවෙනි pitched  වෙන්නෙ  ඒ pitched වෙන හැම පන්දුවක් ම මීටර අටක් මීටර හතරක් කියන දුර සීමාව තුළ තමයි පන්දුව පතිත වෙලා තියෙන්නේ ඒ කියන්නේ එංගලන්ත කණ්ඩායම එක් දින තරඟ වලට යනකොට කුසල් ජනිත්ට වැඩිපුර පන්දු සංඛ්‍යාවක් ඔහු eyeline එක වැහෙන්න එහෙම නැත්තං ඔහුගේ අත් දිග ඇරලා පන්දුවට පහර දෙන්න බැරි වෙන ආකාරයට  middle and leg middle and off කියන lines දෙකේ මීටර් හතරක් මීට අටත් යන  length එක භාවිතා කරයි වැඩිපුර කුසල් ජනිත් පිතිකරුවෙක් විදියට තීරණය කරන්න ඕනේ ඒ වගේ උපක්‍රමයක් ඔවුන් භාවිතා කරලා T20 තරඟවලදී මොකද ඔහුගේ ලකුණු ලබා ගැනීමේ percentage එක ගත්තොත් ඒ bodyline  එකේ  එහෙම නැතිනම් මම කතා කරපු line එකේ සහ length එකේ එකදු boundary යක් වත්  එකදු හය පාරක් හෝ හතරේ පහරක් ලබා ගන්න ඉඩ දීලා නෑ ඒක නිසා හොඳටම පැහැදිලි වෙනවා එංගලන්ත පන්දු යවන්නන් කුසල් ජනිත් ව ව අධ්‍යයනය කරලා තමයි තරඟයට එන්නේ ඒ නිසා ඔහුට  off stump එකෙන් පිට outside the off stump පන්දු ගොඩක් අවස්ථාවක් දෙන එකක් නැහැ ඒ පැත්තෙ පන්දුවට පහර දෙන්න


 ඉතිං  ඒ දේ  T20 තරඟ තුන ඉවර වෙනකොට කුසල් ජනිත්ගේ වගකීමක් තියෙනවා  team එකේ computer analyst ලා එක්ක එකතු වෙලා ඔහු මොනවද මම මිස් වෙච්ච බෝල  මට ලකුණු ලබාගන්න බැරි වුණේ ඇයි එහෙනම් ඒ වගේ line එකක එක්දින තරගවල දී ත්  එක තරඟයේ දී ත් මට පන්දු යවයි පලවෙනි එක්දින තරඟයේ දී ඒක නිසා මම ඒකට යොදා ගන්න solution එක මොකක්ද තමන් line එක වෙනස් කරනවා ද   එහෙමත් නැති නම්  wicket එකෙන් ඉස්සරහ චුට්ටක් bat කරනවද  ඒක පුහුණුකරු සහ ඔහුගේ දැනුම අනුව තමන්  එකක් හදා ගන්න ඕනේ game එක organized කරගන්න ඕනෙ අර ගන්න ඕනේ ඒ තැන් වලට ball කළොත් කොහොමද  එතනින් එළියට ඇවිල්ලා  single එක ලබාගන්න කියන එක ඊට අමතරව ඔහුගේ ඇඟ පැත්තට වැඩිපුර ball කරන නිසා තමයි  ඉඩ අරගෙන ලකුණු හයක් හතරක් ලබා ගන්න mid off කලාපය සහ extra  කලාප වලට එල්ල කරපු පහරවල් උඩ පන්දු විදිහට ගිහිල්ලා ඔහු දැවී ගිල්ල නිසා මම හිතනවා කුසල් ජනිත් එක්දින එක්දින තරඟවලදී තව මීට වඩා වෙලා අරගෙන නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරයි කියලා පන්දුවාර තිස් පහක් හතළිහක් වෙනකන් ලොකු inning එකක් ගහන්න බලාපොරොත්තු වෙන්න ඕනේ එහෙම වෙන්න නං  පන්දු   130 ක් 150 ක අතර ප්‍රමාණයක්  තමන් තනියම පිතිකරණයේ යෙදෙන්න මනස හදාගන්න ඕන එහෙම හදා ගත්තොත් විතරයි ලොකු inning එකක් හදා ගන්න පුළුවන් වෙන්නේ ....අප හිතනවා දැන් ඔහු ඒ දේ හරියටම කරයි කියලා.....ඊට පස්සෙ මම කතා කරන්න කැමතියි දසුන් ශානක....දසුන් ශානක ගත්තට පස්සේ පලවෙනි සහ දෙවෙනි T20 තරඟ වලදී හොඳින් පිත්ත හැසිරවූ  ඔවුන් ලකුණු 50 ක් ලබා හැබැයි ඊට පස්සේ එංගලන්ත පන්දු යවන්නන් ඔහුගේ වේගවත් පහරවල් කොහෙටද ගහන්නේ mid wicket  එක පැත්තට සම්පූර්ණයෙන්ම  leg එක පැත්තට ගහන නිසා ඔහු ඒ power එකෙන් එලියට අරගෙන ඊළඟ තරඟයේ දී ඔහුට පුලුවන්නම් off එකෙන් එහෙම නැත්නම් කෙලින් ගහන්න කියලා  challenge එකක් දුන්නා ඒ challenge  එකේදි දසුන් fail  වුණා




  ඒක නිසා මතක තියාගන්න ඕන දසුන් දැන් එයාට ආයිමත් එක්දින තරඟ වලදී වුනත්  එයාට කිසිම වෙලාවක රිසි සේ තමන්ට කැමති විදිහට leg side එකේ   පහරවල් ගහන්න ඉඩ ලබා දෙන එකක් නැහැ මොකද ඔවුන් පුළුවන් තරම් පන්දු ව  ඔහුගේ ඇගෙන් එලියට අරගෙන යයි එතකොට මේ ක්‍රීඩා කල තරඟ තුන අධ්‍යයනය කරලා  තමන් තනියම ඒ ගැන analyzing කරලා මට මෙන්න මේ line වල පන්දු යවයි   එහෙම වුනොත් මම කොහොමද ලකුණු ලබා ගන්නේ කියන plan එකක්  organizes වීමක් වෙලා  එක්දින තරගයට ගියොත් එයාට හොඳ හැකියාවක් තියෙනවා inning bill යන්න මොකද ඔහු පෙන්නලා තියෙනවා නොම්බර 6 7 8 යන ස්ථානවල ක්‍රීඩා කරලා  කණ්ඩායම වෙනුවෙන් ලකුණු 60 70 ඉතා ඉක්මනින් සහ team එකට අවශ්‍ය විදිහට වේගයෙන් ලබා දෙන්න පුළුවන් කියන එක මොකද ඔහුට ලොකු role එකක් තියෙනවා  එක් දින තරඟ වලදී....ඉතින් ඒක නිසා මම හිතනවා  එංගලන්ත පන්දු යවන්නන්ගේ tactics එහෙම නැත්තං thinking pattern එකට දසුන්ට prepare වෙන්න වෙනවා එක්දින තරඟයේ දී හොඳින් පන්දුවට පහර දීලා ඔහුගේ ලොකු පාරවල් කරා යන්න...


ඒ වගේ ම දසුන්ට ගොඩක් වෙලාවට  outside the off stump පන්දු යවනවා හේතුව දසුන් කැමති wicket cover කරලා leg side එකට ලකුණු ගහන්න ඉතිං එයාට වැඩිපුර  boundaries ලබා ගන්න බැරි වෙච්ච හේතුව විශාල ප්‍රමාණයක් තියෙන්නේ outside the off stump එහෙම නැතිනම් හයවෙනි කඩුල්ල  6th off stump කියලා ඒ 6 වැනි කඩුල්ල කෙලින් මීටර් හතරක් මීටර අටත්  කියන length එකේ 6 වැනි කඩුල්ල කියන line එකේ පන්දු යවලා තමයි ඔහුට   අතර ඒවා සහ  ලකුණු ලබා ලබා ගැනීම සීමා කරගෙන තියෙන්නේ එක්දින තරඟයට යනකොට තවත් ඒ line එකේ  සහ ඒ length එකේ  පන්දු වැඩිපුර ප්‍රමාණයක් යොදවයි මොකද දසුන්ගේ weak point එකක් විදිහට ඒගොල්ලො එක අධ්‍යනය කරලා තියෙන නිසා...දසුන් smart වෙන්න ඕනේ අවුරුදු 7ක විතර experience  එකක් තියෙනවා ජාත්‍යන්තර තලයේ ඉතිං ඒ experience එක used කරලා කොහොමද මම මේ මට යොදන tactic එකට  මම කොහොම ද පෙරළා ප්‍රතිචාර දක්වන්න කියලා  දසුන් අද ඉඳලා ඉගෙන ගන්න ඕන කාරණාවක්....ඒ වගේ ම මම ඊලඟට කතා කරන්න කැමති අවිශ්ක ප්‍රනාන්දු පසු ගිය T20 innings හතම ගත්තොත්  ලකුණු දහයකට වඩා ලබා ලබාගන්න අවස්ථාවක් හම්බ වෙලා නෑ නමුත් අපි දන්නවා 2013 ලෝක කුසලානෙ එංගලන්තයට එරෙහි ව  ලකුණු 49 ක් ලබාගත්තා ඉතා වේගයෙන් පන්දු යවන පන්දු යවන්නන්ට පහර දීලා ,ඔහුට හොඳ එක්දින ඉනිම ක්‍රීඩා කිරීමේ හැකියාවක්  තියෙනවා කුසල් ජනිත් සහ අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් විදිහට කණ්ඩායමට එයි කියලා ඉතින් ඒක නිසා අවිශ්කගේ වගකීමක් තියෙනවා T 20 තරගාවලියේදී වෙච්ච mistakes ටික අමතක කරලා එක්දින තරඟයට යනකොට තමන් කොහොමද ලකුණු සීයෙ  ඒවා ලබාගන්නේ සීයේ ලබා ගත්තහම තියෙන සතුට  අවිශ්ක සියක් ගහපු නිසා දන්නව ඒක..ඉතින් ඒ ලකුණු සීය ලබාගන්න නම් වැදගත්ම කාරණාව තමයි අවිශ්ක දැනගන්න ඕනේ ground එකට ගියාට පස්සේ  ground  එකේ pockets කියනවා  pockets කියන්නේ දුර පැති ලඟ පැති කොතනද මොන angle එකේද මම ළඟ පැත්තට ගහන්නේ  දුර පැත්තට මාව ගස්ස ගන්න හදන්නේ මොන length එකේ බෝල කරලද  ඒ හැම දෙයක්ම ground එකට ගිහාම තමන්ට හැකියාව තියෙන්න ඕනේ

 ground එක දිහා බලලා wind එක  හුළං හමන දිශාව බලලා මම අද මොන පැත්තට ද වැඩිපුර effort එකක් දීලා බෝලෙට ගහන්න ඕනේ time කරන්න ඕනේ මොන පැත්තටද ඒ වගේ  tactically ground එක ගැන අධ්‍යයනයක් හරි පහසුයි පිතිකරුවෙක් විදිහට පිත්ත හසුරවනකොට  තමන්ට අවශ්‍ය pocket එකට පන්දුව ගහන්න මොකද හේතුව තමන් කොච්චර හොඳ පිතිකරුවෙක් වුණත් එන පන්දුවට ගහනවට වඩා අර වගේ ground එක ගැන හුළඟ ගැන අධ්‍යයනයක් කරලා තිබුනොත් lineකොට line එකේ දුර පැත්ත කොහෙද එතකොට එයාට හැකියාවක් තියෙනවා දුර පැත්තට ගහන්න හදනවා ද එහෙම නැතිනම් single එක ගහලා wicket අතර දුවලා අනිත් පැත්තෙන් කොට පැත්ත බලලා ගහනවද කියන එක අධ්‍යයනයක් කර ගන්න pressure එක වැටෙන ඒක නිසා හොඳට මතක තියාගන්න මම හිතනවා අවිශ්ක ඒ දේ කරයි තමන් ground එකට ගියහම  උදේ බලන්න ඕනේ පළවෙනිම කාරණාව අද ground  එකේ හුලං මොන පැත්තටද boundary line එකේ කොට පැත්ත මොන මම ලකුණු ගහනවා නම් මොන පැත්තටද ගන්නෙ කියන එක හරි වැදගත් කාරණාවක් ඒ නිසා  මම හිතනවා අවිශ්ක ටත් කුසල් ජනිත් වගේ ඔවුන් ඉඩ දෙන්නේ නැතුව off stump එකේ එළිය bowl කරන්නෙ නැතුව  wicket to wicket  bowl කරයි ගොඩක් පන්දු සංඛ්‍යාවක් මොකද හේතුව අවිශ්කත් කුසල් වගේම wicket එක දෙපැත්තට bat කරන්න...ඒ නිසා අවිශ්ක ට වගකීමක් තියෙනවා පන්දු සීයක් එකසිය විස්සක් තරඟයේ ක්‍රීඩා කරන්න එහෙම වුණත් ආරම්භක පිතිකරුවන් විදිහට හොඳ සබඳතාවයක් දෙන්න පුළුවන් ඒ වගේම මතක තියාගන්න ඕනේ pace එක වැඩි වෙනකොට ඔබ opposition එකේ පන්දු යවන්නන් හයියෙන් bowl කනකොට  පිතිකරුවාගේ වගකීම තමයි  ඒ pace use  කරලා කොහෙටද මට single එක ගහලා non striker පැත්තට යන්න පුළුවන් වෙන්නේ හැම පිතිකරුවෙක් එහෙම හිතුවොත් එතකොට එයා බලනවා පිතිකරණයේ යෙදෙද්දි ටක් ගාල single එකක් අරගෙන හතර එකක් ගහලා දකුණත් දුවලා එහා එහා පැත්තට මාරු වෙන්නේ කියන එක එහෙම මාරු වෙනකොට අපේ score  board එක ටික ටික ලකුණු එකතු වෙනවා


ඉතිං ඒක තමයි මේ one day cricket එක overs 50 උනාට කරුවන්ට ලොකු වගකීමක් තියෙනවා කොහොමද මම single එක අරගෙන අනිත් පැත්තට යන්නේ loose බෝලයක් ආවොත් ලකුණු හතරක්   හෝ ලකුණු දෙකක් ලබාගන්න දුරට පහර එල්ල කරන්නේ කියන ඒකට හේතුව අපි ගාව හයියෙන් ගහන්න පුළුවන් පිතිකරුවන් ඉන්නවා මට අවස්ථාව හදලා දෙන්න නම් top board එකේ batsman ලගේ වගකීම පන්දුවාර තිස් පහක් හතළිහක් යනකන් ඒගොල්ලො bat කරන එක  ඉතිං ඒක මම හිතනවා එක්දින තරඟ වල ඉතා හොඳින් කරයි මම හිතනවා T 20 තරඟාවලිය ගත්තහම පිතිකරුවන් තුන්දෙනා ගන්න විශේෂයෙන් කියන්න වුවමනාවක් තිබුණා ඒ වගේම මම හිතනවා එක්දින තරඟය කුසල් ජනිත් අවිශ්ක ප්‍රනාන්දු පැතුම් නිශ්ශංක ධනංජය ද සිල්වා මම හිතනවා debut match එකක් ගහයි කියලා චරිත් අසලංක ඒකට හේතුව තමයි චරිත් අසලංක කියන පිතිකරුවා වමතින් පිත්ත හසුරවන පිතිකරුවෙක් මම හිතන්නේ අපිට මැදපෙළ වමතින් පිත්ත හසුරවන පිතිකරුවෙක් නැහැ  මම හිතනවා අපි ගාව දික්වැල්ල ක්‍රීඩා නොකරොත් චරිත් අසලංකට ගොඩක් අවස්ථාව තියෙනවා කියලා මැද පෙළ පිතිකරුවෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින වරම් හිමිකර ගන්න මම හිතනවා ඔහු අනිවාර්යයෙන් එක්දින කණ්ඩායමට එකතු මම සුබ සුභපතනව මේ අවස්ථාවේදී නොම්බර පහ චරිත් අසලංක ක්‍රීඩා නොම්බර හය මම හිතනවා අනිවාර්යෙන් ධනංජය ලක්ෂාන් ක්‍රීඩා කළ යුතුයි ඒකට හේතුව ඔහු මම කලින් කිව්වා වගේ 2023 ලෝක කුසලානේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් එකට නැතුවම බැරි තුන්ඉරියව් ක්‍රීඩකයෙක් විදියට නැතුවම බැරි දකුණු ඔහු ගාව තියෙනවා මම හිතනවා අනිවාර්යෙන් ඔහු පළවෙනි තරඟයේ  ඉඳලා එංගලන්ත condition එක්ක අනිවාර්යෙන් පලවෙනි එක්දින තරගයට තරගයට ක්‍රීඩා කරයි ඒ වගේම මම හිතනවා ඔහුට පන්දු යවන්න අවස්ථාව හම්බුනොත් අලුත් පන්දුවෙන් පන්දු යැවීමේ අවස්ථාව ලබා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ඒ නිසා නොම්බර හය ධනංජය ලක්ෂාන් නොම්බර 7 දසුන් ශානක නොම්බර 8 වනිඳු හසරංග වනිදු ගැන කිව්වොත්


වනිදු ආපහු කල්පනා කරන්න ඕනේ දැන් වනිදුව read කරළා තියෙන්නෙ එංගලන්ත පිතිකරුවන්  ඔහු වනිදුට wicket  නොදී ඒක තමයි එංගලන්ත කණ්ඩායමට අවශ්‍ය වනිදු දැනගන්න ඕනේ දැන් ඉස්සරහට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරන කොට හැම කෙනෙක්ම හැම කණ්ඩායමක්ම වනිදු එක්ක play කරද්දි  tactics එකක් භාවිතා කරන්න...ඔහු දැන් වෙන solution එකක් හොයාගන්න ඕනේ wicket එකකින් option භාවිතා කරන්නේ මොන විදිහට ද මොන වගේද මොන field එකකට ද කියන එක එක හරි වැදගත් කාරණාවක් නැත්තං තරඟ wicket  එකකින් පන්දු යවන්නෙක් තරග දෙක තුනක් තුන හතරක් wicket නැතුව යනවා කියන්නේ මොනව හරි thinking pattern එකේ  තමන්ගේ wicket එකේ එකකින් බෝල use කරන රටාවේ ඒකාකාරී බවක් තියෙනවා ඉතින් අපි ඒ ඒකාකාරී බවෙන් මිදෙන්න තමන් use කරන රටාව වෙනස් කරන්න ඕනේ  ඒ වගේ අධ්‍යයනය කරලා එන කණ්ඩායම් සමග....මම හිතනවා වනිදු ඒකට උනන්දු වෙයි ටීම් එකේ computer analyst කෙනෙක් ඉන්නවා  කොහොමද මම ඒ tactics part එක මගේ game එකට ගන්න කියන එක වනිදු තීරණය කරයි....




ඊට පස්සේ වනිඳු ගෙන් පස්සේ මම හිතනවා දුශ්‍යමන්ත චමීර  මේ තරගාවලි දෙකේම බංග්ලාදේශය ඒ වගේම එංගලන්ත T 20 වලත් හොඳටම පන්දු යවන පන්දු යවන්න ඔහුට මුලින්ම සුබ පතනවා....ඒ වගේම අපි දැනගන්න ඕනේ දුෂ්මන්ත ගෙන් තමයි ශ්‍රී ලංකා පන්දු බලඇණියම  ඔව්වා follow කරන්න තමයි බලාගෙන ඉන්නේ එහෙම උනාම වෙන්නේ දුශ්‍යන්තට වැඩිපුර extra pressure එකක් දෙන්න නැතුව එංගලන්ත කණ්ඩායම බලන්නේ දුෂ්මන්තට කඩුලු නොදී වනිඳු හසරංග ට වගේම loose ball එකකට ලකුණු ලබාගෙන දුෂ්මන්ත දෙන කඩුලු නවත්ත ගත්තොත්  ඔවුන්  tactically game එක දිනනවා හේතුව අපේ wicket එකකින් පන්දු යවන්නන් දෙන්නටම කඩුලු ලබා නොදී ලකුණු 40- 45 අතර ලබා ගත්තොත්  පන්දුවාර 20කදී ලකුණු 90 ක ට කිට්ටු වෙන්න ලබා ගන්න හැකියාව තියෙනවා ඉතින් ඒක නිසා දුෂ්මන්ත හොඳට කල්පනා කරන්න ඕන දැන් ඔහු in swings පන්දුව දානවා කියලා දන්නවා ඒක නිසා ඔවුන් ඒකට prepare වෙයි නමුත්in swings නොදා ඉන්න නෙමෙයි in swings පන්දුවෙන් වැඩ ගන්න අනිත් පන්දු මොනවගෙන්ද මම පිතිකරුවන් tackle කරන්නෙ ඔහුව වෙනත් මාර්ගයකට අරන් ගිහිල්ලා මගේ wicket  එකකින් option එක use කරන්නේ කොහොමද tactics  ටික භාවිතා කරන්න ඕනේ අපි කියනවා පන්දුවාරය පන්දු 6  කොහොමද ඒ combination එක හදාගන්නෙ slow balls කීයක් දානවද කොයි වෙලාවටද මම ඒක දාන්නේ අපි දැක්කා  T20 එකේ  slow ball effective උනා batsman කෙනෙක් හයියෙන් ගහන්න ඉන්න කොට ....එහෙනම් මම ඒ වෙනකන්  slow ball එක හිර කරගෙන ඉන්නවද ඒ වගේ දේවල් හරි වැදගත් T20 තරඟයක්  ක්‍රීඩා කළා වගේම   පිතිකරුවන් ගහන්න ඉන්න වෙලාවට තමන්ගේ පන්දුවාරය තුළ පන්දු හය combination එක  වැදගත් situation  එකත් එක්ක change කරගන්න මම හිතනවා දුෂ්මන්ත දැන් ඒක හොඳටම කරන වෙලාව හොඳට කරනකොට තමයි mistakes වෙන්නේ  ඒ නිසා ආයිත් match එකට ගිහාම තමන් prepare වෙන්න....


අපි මේ කතා කරන්නේ හැමදේම හරි එනවා කියලා නෙවෙයි නමුත් damage එක controll කරගෙන  damage එක නවත්තන්න බැහැ පන්දු යවන්නෙක්  වෙන....ඒ damage එක අපි කොහොමද කණ්ඩායමේ හොඳ පැත්තට හරවගෙන හොඳින් පන්දු යවන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ.....ඒ වගේම දුෂ්මන්ත එක්ක මම හිතනවා  රමේෂ් මෙන්ඩිස් ක්‍රීඩා කරයි කියලා හේතුව ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කළේ නැති උනොත් අපිට off spin පන්දු යවන්නෙක් සහ පිත්තෙන් ලකුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් රමේෂ් මෙන්ඩිස් වැඩි තරඟ ක්‍රීඩා නොකළත්  ඔහු ගේ තියෙන  attitude  එක  ඔහුට තියන හැකියාව මම හිතනවා මේ තරඟයේ දී භාවිතා කරයි කියලා ....ඊට අමතරව මම හිතනවා තවත් වේග පන්දු යවන්නෙක් බිනර ප්‍රනාන්දු ක්‍රීඩා කරයි මොකද වමතින් පන්දු යවන්නෙක් උනහම ඒ angle එක  create කරන්න පුළුවන් විදිය ගොඩක් වැදගත්  එහෙම වුනොත් වෙනසක් තියෙනවා පන්දු බළඇණියේ genuine වේග පන්දු යවන තුන් දෙනෙක් ඉන්නවා  දුශ්‍යන්ත බිනර ප්‍රනාන්දු  ධනංජය ලක්ශාන් ඒ තුන් දෙනා සමග වනිඳු හසරංග රමේෂ් මෙන්ඩිස් ඊට අමතරව අපි ළඟ ඉන්නවා ධනංජය සිල්වා සහ ඉතින් ඒ balance එකත් එක්ක මම හිතනවා හොඳ දෙයක් වෙයි කියලා පළමු එක්දින තරඟයේ අනිත් කාරණාව තමයි අපි තරඟාවලියක් පැරදුණා හැබැයි ඒ ලඟ තරගාවලියට යනකොට අපි යන්නේ T20 පැරදිලා එක්දින තරඟ පරදින කණ්ඩායමක් හැටියට නෙමෙයි එක්දින තරඟය දිනන්න යන්නේ එක් දින තරඟ දිනන්න නම් අපිට හම්බවෙන sessions පන්දුවාර 50 ක් තියෙනවා පන්දුවාර පහේ session  අපි එක කඩා ගන්නවා පන්දුවාර පහකට ඒ වගේ  session දහයක් තියෙනවා අපි බලන්න ඕනේ පන්දු යැව්වොත් මුලින් කොහොමද මේ session  දහයෙන් වැඩිපුර සංඛ්‍යාවක් අපි දිනන්නේ session හතක් අටක් අපි දිනන්නේ කොහොමද.....පිතිකරණයේ යෙදුණොත් session හතක් අටක් පිතිකරණයෙන් දිනන්නෙ කොහොමද...ඒ කියන්නේ අපි කරන mistakes එක opposition එකට වඩා අඩුයි එතකොට අපිට තරඟය අපේ පැත්තෙ තියාගන්න හැකියාවක් තියෙනවා.....


tactically කණ්ඩායමක් හැටියට කතාබහ කරල අදහස් හුවමාරු කරගෙන කරන්න ඕනේ තරඟාවලියක් මේක මොකද අපි දන්නවා මේ condition එක ලේසි නෑ අපේ ක්‍රීඩකයන්ට ලකුණු අතරට එන්න මම හිතනවා එක්දින තරඟාවලියද ඒ කැප කිරීම කරලා හොඳින් ලකුණු ලබා ගනී අනිත් කාරණාව opposition එකේ weak point හොයන්න එපා තමන්ගේ strength එක විශ්වාස කරන්න පන්දු යවන්නත් එහෙමයි පිතිකරණයත් එහෙමයි....strength එක තියෙන්නෙ කොතනටද මට පන්දුව එනකම් මම wicket එක විසි කරන්නේ නැතුව කොහොමද ලකුණු ලබා ගන්නේ...පන්දු යවන්නෙක් නං මගේ strength මොකක්ද wicket  එකකින් මම කොහොමද ඒ strength එක use කරන්නෙ  දකුණෙන් පිත්ත හසුරවන එක්කෙනාටත් වමතින් පිත්ත හසුරවන එක්කෙනාටත් ඉතිං ඒක තමයි මම දකින ක්‍රිකට් එක...අපි හරි කැමතියි ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනවා ට ඒක නිසා මම මේ වගේ දේවල් මට දැනිච්ච දේවල් කරන්න හොඳ දේවල් කතාබහ කරන්නේ....හොඳ තරඟාවලියක් නිමාකරන්න ජයග්‍රාහි තරඟාවලියක් නිමාකරන්න හැකියාව ලැබෙන්න කියල ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතනවා ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ පැතුම් නිශ්ශංක  ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරන ආකාරයට වෙලා අරගෙන  නොම්බර තුන පිතිකරුවෙක් විදිහට වගකීම් බාර අරගෙන වගකීම් කියන එක club match ක්‍රීඩා කලත් එක්දින තරගයක් ක්‍රීඩා කළත් රට වෙනුවෙන් එකම වගකීමක් පැවරෙන්නේ අපි දන්නවා ලෝකය හොඳට ක්‍රීඩා කරන රටවල් වල අංක තුනේ පිතිකරුවා කොච්චර වැදගත් කාර්යයක්   කරනවද කියලා තමන්ගේ කණ්ඩායම වෙනුවෙන්....ඒ වගකීම පැතුම් ට කවුරුත් කිව්වත් නැතත් ඔහු එක බාර ගන්න ඕනේ  නිසා මම හිතනවා මේ හැමදේම එක තේරීම් කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝත් පුහුණුකරුවන් සහ සියලු දෙනාම හොඳ මානසිකත්වයකින් පළවැනි එක්දින තරගයට  ක්‍රීඩා කරයි කියලා.....