madille-thera-speaks

සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මාධ්‍ය හමුවකදී පළකළ අදහස් පහතින් දැක්වේ.



ඇත්තටම බැසිල් රාජපක්ෂ මහත්මාගේ ආගමනය කෙළ කියන්නේ පාර්ලිමේන්තුවට ද්විත්ව පුරවැසියෙක් අපේ රටට විතරක් නෙමෙයි ඇමරිකාවටත් වගකියන පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට එනවා.. එතුමා මේ කරණම ගහන්න කලින් ඇමරිකාවට ගියා. අපිට ආරංචි හැටියට චීනයටත් ගිහිල්ලා චීනය හරහා ලංකාවට ආවේ. එක පැත්තකින් ඇමරිකාව  බැලන්ස් කරන ගමන් අනිත් පැත්තෙන් චීනයත් බැලන්ස් කරගෙන ලංකාවට ඇවිල්ලා පාර්ලිමේන්තුට ගිහිල්ලා ඇමැතිකම් අරගෙන ඊට පස්සේ ඇමතිකම අගමැතිකම බවට පත් කරගෙන ඒ අගමැතිකම 2025 දී ජනාධිපතිකම බවට පත්කර ගැනීමේ හීනෙන් ඉන්නවා. පසුපෙළ මන්ත්‍රීවරු යැයි කියාගන්නා පොහොට්ටුවේ මේ රැල්ලට ගොඩ ගියපු මන්ත්‍රීවරු සෙට් එක ලොකු ප්‍රයත්නයක් දරනවා.

මොකද රටක ව්‍යවස්ථාව වෙනස් කරලා රටේ ව්‍යවස්ථා වෙනස් කරලා තමන් තමන්ගේ බලය තහවුරු කර ගන්න තරම් ඔවුන් බලවත් වෙලා තියෙනවා. මේ රටේ ජනවරම ඒ විදියට අයුතු විදියට පාවිච්චි කරා.

අපි ඉතා හොඳින් දන්නවා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න ඒ අවශ්‍ය පහසුකම් සලසා ගත්තේ තනිකරම බැසිල් රාජපක්ෂ මහත්මා ඉලක්ක කරගෙන. ඒ නිසා උන්ට ඒ තරම් හයියක් ඔවුන්ට ඒ තරම් ඕන කමක් තියෙනවා ඒ තරම් ඔය පසුපෙළ මන්ත්‍රීවරු කියන තරම් රටට ආදරයක් තියෙනවා නම් මේ රටේ ජනතාවට ආදරයක් තියෙනවා නම් අඩුම තරමේ තමන්ගේ වයසත් එක්ක ගත්තට පස්සේ ඒතුමාගේ වයසත් එක්ක ගත්තහම තව කොච්චර කාලයක් ද ජීවත් වෙන්නේ මිනිස්සු විදියට..

ඒ නිසා එවැනි තත්ත්ව ඉඳලා තමන් තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය අතාරින්නෙ නැතුව අපේ රටේ ව්‍යවස්ථාව ඒ වෙනුවෙන් වෙනස් කරලා අනාගතයේදී ද්විත්ව පුරවැසියන් අපේ රටේ පාර්ලිමේන්තුවටත් ,ඒ වගේම එතනින් එහාට ගිය දේශපාලන ගමන්මග කට යන්න අවස්ථාව ඔවුන් හදලා දීලා ඒ පාප කර්මය සිද්ධ කරලා තමයි බැසිල් රාජපක්ෂ මහත්මා පාර්ලිමේන්තුවට එන්නේ. ඒ නිසා අපි එදත් විරුද්ධ වුණා ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුව ඇතුළු මේ රටේ ප්‍රධාන තනතුරු තාන්න මාන්න දැරීමට ඉඩ ලබාදීම වෙනුවෙන් අපි එදත් විරුද්ධ උනා. අපි අදත් ඒකට ඒ විදියටම විරුද්ධයි.



ඔවුන් අත්තනෝමතික විදියට ඔවුන්ගේ දේශපාලන හයිය අයුතු විදියට පාවිච්චි කරලා ව්‍යවස්ථාව වෙනස් කර ගත්තාට.ඒ නිසා අපි හිතන්නේ නැහැ ඔලුවෙ අමාරුවට කොට්ට මාරු කරන්න හරියන්නේ නෑ. ඒ නිසා මේක ඉතාම දීර්ඝකාලීන සැලසුමක්. අපි දැක්කා උදය ගම්මන්පිල අමාත්‍යවරයාට වට කරලා පහර දුන්නේ බැසිල් රාජපක්ෂ මහත්මාගේ අනුදැනුමින් කියනවග. ඒ අමාත්‍යවරයා ඇතුළු මේ පොහොට්ටුව නැත්නම් මේ සන්ධානය ඇතුලේ ඉන්න ඇමැතිවරු මන්ත්‍රීවරු අපිට පුද්ගලිකව පැවසුවා. ඒක තමයි අද යථර්ථය. ඒ හින්දා තමයි සාගර කාරියවසම්ලා පහර දුන්නේ විමල් ගම්මන්පිලාට.  මේ ජාතිකවාදී කඳවුරට පහර දීලා ඔවුන් මේ ආණ්ඩුව ඇතුලෙන් එලියට දාලා මේ අසීමිත බලයෙන් උද්දච්ච වෙලා උදන් වෙලා කටයුතු කරනවා. අපි දැක්කා 2010 - 2015 කාලයේත් බැසිල් රාජපක්ෂ මහත්මා සිද්ධ කරේ එවැනිම ක්‍රියාවක්. අවසානෙදි මහින්ද රාජපක්ෂ මහත්මා පරාජය කරලා ගෙදර යැව්වෙත් ඒ හැසිරීම.


දිවිනැගුම පනත දාලා හැම අමාත්‍යංශකටම අතපොවන්න අවස්ථාව හදාගෙන අන්තිමට  2015 ජනාධිපතිවරණය වෙලාවෙදි ඇමැතිවරු මන්ත්‍රීවරු වැඩ කරේ නෑ. බැසිල්  රාජපක්ෂ මහත්මයාගෙන් පළි ගැනීම වෙනුවෙන් වැඩ කරන්නැතුව ඉඳලා අන්තිම එක කරේ රටක් අගාධයට ඇද දාලා යහපාලනය රට බාර දීම. ඒ නිසා එවැනි අනර්ථකාරී තත්ත්වයක් ව්‍යසනයක් ඇති නොවේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ.. අපි විරුද්ධ වුණත් නැතත් අනිවාර්යෙන් ඔහු පාර්ලිමේන්තුවට යයි.

ඇමතිකම් ගනී. ඒ සියල්ල සිද්දවෙයි. අවසානයේ දී පසුපෙළ මන්ත්‍රීවරු තනතුරු නැති මන්ත්‍රීවරු කෑ ගැහුවට අවසානයේදී මේ රටේ ඇමතිවරුන්ට තව ටික දවසක් යනකොට තේරෙයි මේ රට පාලනය කරන්නේ ජනාධිපතිවරයාද අගමැතිවරයාද නැත්නම් බැසිල් රාජපක්ෂ මහත්මා ද කියන කාරණාව. ඒ හරහා නැවත වතාවක් ඇමතිවරු කළකිරෙයි. ආණ්ඩු කැඩෙයි.

අවසානයේ මේ වගේ වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේ අහිංසක ජනතාව. ඒ නිසා අපි දකිනවා අපි හිතනවා ඉදිරියේදී විශාල දේශපාලන වියවුලක් ආරවුලක් ඇති වෙන්න තියෙන පෙරනිමිති තමයි පෙර කසකරුවා තමයි මේ පාර්ලිමේන්තුවට එන්නේ. ඉතින් ඒක අපේ රටේ දේශපාලනික වශයෙන් අපි අනාවැකි වශයෙන් කියලා තියෙනවා අනාගත දේශපාලන වියවුල්භාවයන් ඇති කරලා අනාගත දේශපාලනය තීරණය කරන සාධකයක් බවට පත් වෙනවා . ඒ නිසා 2025 වෙනකොට එන ජනාදිපතිවරන ,මහ මැතිවරණවලදී අපි කල්පනා කරන්නෙත් මේ දේශපාලන ව්‍යාකූලතාවයන් පරාජය කරලා වෙනම වූ දේශපාලන කඳවුරක් වෙනම දේශපාලන සංස්කෘතියක් බිහිවිය යුතුයි කියලා. ඒ සඳහා ජාතිකවාදී දේශපාලන කඳවුරු වලට කඳවුරු බඳින්න කියන ඉල්ලීමත් අපි මේ වෙලාවේ කියන්නට කැමතියි.  


ඇමරිකානු තානාපතිවරියට ලංකාවේ එල්ටීටීඊ සැකකරුවන් ඇතුලූ ඒ සුළුතරය පිළිබඳව තියෙන සානුකම්පාවයි ඒ වගේම අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන අනිත් විදිහක් ගැන තියෙන දුක ,සංකාව දැක්කට පස්සෙ ඇත්තටම අපි දකිනවා දිගින් දිගටම දිගින් දිගට ඇමරිකාව හිතන් ඉන්නේ අපේ රටේ ඉන්න මේ ඇමරිකානු ඒජන්තවරු හරහා මේ බැසිල් රාජපක්ෂ මහත්මයා වැනි ඒ හයිය තමයි මේ තානාපතිවරු අරගෙන තියෙන්නේ.  ඔවුන් දන්නවා අපි වෙනුවෙන් කතා කරන්න අපේ පුරවැසියෝ මේ කැබිනට් එකේ ඉන්නවා හෙට අනිද්දට කියන කාරණාව. ඒ නිසා තමයි මේ තානාපතිවරිය තමන්ට නොගැලපෙන තමන්ගේ වටපිටාවට තමන්ගේ භූමිකාවට තමන්ගෙ තනතුරට නොහොඹිනා කටයුතු කරමින් මේ රටේ අභ්‍යන්තර ක්‍රියාවලීන්ට ඇඟිලි ගහන්නේ, අත දාන්නේ. මේක පලවෙනි වතාව නෙමෙයි. මේක අවසාන වතාවක් නෙමෙයි .



ඒ නිසාම අමරිකානු තානාපතිවරිය අපේ රටේ අභ්‍යන්තර තීරණ ගැන ඒ වගේම ජනාධිපතිවරයා ගන්න තීන්දු තීරණ පිළිබඳව අභියෝගයට ලක්කරන්න ඒ වගේම ඒවාට ඇඟිලි ගහන කිසිදු සදාචාරාත්මක නෛතිකමය අයිතියක් නෑ .අපි විශ්වාස කරනවා විදේශ කටයුතු  අමාත්‍යවරයාට වගකීමක් තියෙනවා යුතුකමක් තියෙනවා වහාම හැරෙණ තැපෑලෙන් ඇමරිකානු තානාපතිවරියට උත්තර දෙන්න. හැබැයි අපි දැක්කෙ නෑ දිනේෂ් ගුණවර්ධන මහත්මා ලංකාවේ ඉන්නවද පිටරටකට ගිහිල්ල ද එතුමාට අසනීපයක් හැදිලා ද කිසි දෙයක් දැක්කේ නැහැ.. එතුමා ආණ්ඩුව පත් කරන්න කලින් නම් විමල් ගම්මන්පිල ඇතුළු ජාතිකවාදී දේශපාලන කඳවුරේ හිටියා. හැබැයි එතුමා දැන් බොහොම නිහඬයි.. අපි කියනවා විදේශ කටයුතු අමාත්‍යවරයාට, රජයට වහාම ඇමෙරිකානු  තානාපතිවරියට ප්‍රතිචාර දක්වන්න.. එහෙම නැත්නම් කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුණත් ආණ්ඩුවට ඒගොල්ලො එනවා අපිට මේ පාඩම් කියලා දෙන්න, බෙහෙත් කියලා දෙන්න. අපි හිතනවා ආණ්ඩුවේ කොන්ද කෙලින් තියාගෙන ඔවුන් තීන්දු තීරණ ගන්නවා නම් ඔවුන් මේ විදියට අපේ රටේ මේ විදියට අභ්‍යන්තර ක්‍රියාවලීන්ට අත නොගසනු ඇතැයි අපි විශ්වාස කරනවා.