කොළඹ ජාතික රෝහලේ කොරොන වෛරස ආසාදිත රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් වාර්තා වී තිබේ.

ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසුවේ මේ වන විට එහි ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන් 200 ක් සිටින බවයි. 



මීට ඉහත 160 ක උපරිමයක සිට්යත් සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාව වනවිට මීට සතියකට පෙර

 එම සංඛ්‍යාව 100 ක් වූ නමුත් සතියක් තුළ 200 දක්වා වර්ධනයවීම විශේෂත්වයක් ගන්නා බව ඔහු කියයි.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 200 දෙනාගෙන් 100 දෙනෙකුට ඔක්සිජන් අවශ්‍යවී ඇති බවද ඔහු පැවසීය. ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින්ට මෙම අවදානම දරන්නට සිදුව ඇත.

ඔහු කියා සිටියේ මෙම ප්‍රභේදය මුල් අවධියට වඩා ජීවිතයට තර්ජනයක් විය හැකි බවයි.