nugegoda-accident-train

නුගේගොඩ සහ කිරුලපන අතර දුම්රිය හරස්මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් ඊයේ(06) පස්වරුවේ සිදුවූ අනතුර හේතුවෙන් කාන්තාවන් දෙන්නෙකුගේ ජීවිත අනූනමයෙන් බේරිණි.
‘මැනුවල්‘ ක්‍රමයට ක්‍රියාත්මක දුම්රිය ගේට්ටු හරස් මගක්වූ මෙම ස්ථානයේ නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ගේට්ටුව වැසීමට එහි ක්‍රියාකරුට  නිසි අයුරින් සංඥා ලබා නොදීම නිසා
අනතුර  සිදුව ඇත.කොල්ලුපිටිය ප්‍රදේශයේ  පෞද්ගලික  ආයතනයක රැකියාව නිමකර මහරගම  නිවස කරා ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර අනෙක් පසින් වාහනයක් එන අවස්ථාවේ මෙම වාහනයේ එන්ජිමද නතරවී තිබේ. එම අවස්ථාවේ දුම්රිය මාර්ගය මැද වාහනය තිබිණි. දුම්රිය ඒ සමග පැමිණෙද්දී ඈත තියා දුම්රිය රියදුරුට වාහනයේ බාධාව පෙනී ඇති අතර දුම්රිය නවතාගන්නට උපරිම උත්සාහය යොදා ඇත.

නමුත් දුම්රිය වාහනයේ ගැටීම වළකන්නට බැරිව ගියත් වාහනය ඇදයට පැවතීම නිසා දුම්රියේ ගැටීම සමග වාහනය පැත්තට හැරී පෙරළුණා මිස වාහනයේ සිටි අයට හානියක් සිදුවූයේ නැත. වාහනයේ හැපී ටිකකින් දුම්රියද නතර විය.
මෙම සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනාගේ ජිවිත අනූ නවයෙන් බේරි ඇතැයි පොලිසිය කියයි. ඔවුන් දැඩි  කම්පන තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහල රෝහල වෙත ඇතුළත් කර ඇති බවද වාර්තා විය.
 වම්පස බඳ පෙදෙසේ ගැටී ඇති වාහනය අබලන්වී ඇත.
සිද්ධිය අවස්ථාවේ ඡායාරූප හා සීසීටීවී දර්ශනයක් මේ සමග පළවේ.