parliament-covid19

පාර්ලිමේන්තුවේ ආපන ශාලා සේවකයන් 5 කට පමණ කොරෝනා ආසාදනය වීම නිසා එහි සේවය කරන සියලුම සේවකයන් පීසීආර් පරික්ෂණවලට යොමු කරන ලද බව ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ නිසා පාර්ලිමේන්තු කැන්ටිම පසුගිය දිනවල තාවකාලිකව වසා තිබුණි.
 පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක පැවසුවේ
මේ තත්ත්වය නිසා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මුළුතැන්ගෙයින් ආහාර සැපයීම ද නොකරුණු බවයි.  වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු  පැවසුවේ ආසාදිත සේවකයකු හමුවී ඇතත්මේ වනවිට අවදානම් තත්වය පහව ගොස් ඇති බවයි.  
අද (19) දින නැවතත් විවෘත කිරිමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.