තමන් පොලිසියෙන් බව අගවමින් හැඳුනුම්පුන් පෙන්වා මහ මග ගමන් ගන්නා පුද්ගලයන් අල්ලාගෙන මාංචු දමා පැහැර ගෙන ගොස් ඔවුන් සතු රන් ආභරණ සහ මුදල් කොල්ලකැලමෙහි යෙදුන තිදෙනකු යතුරුපැදි තුනක් සහ අත් විලංගු ජෝඩු දෙකක් සමග පෙරේදා 03වැනි අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල සහ කොළඹ වැලිගම්පිටිය ප්රදේශවල පදිංචි 37, 32 සහ 34 වියේ පසුවන තිදෙනෙකි. ඉන් එක් අයකු විශේෂ කාර්ය බළකායේ සේවයෙහි යෙදී සිට ඉන් ඉවත්ව ගොස් ඇති සෙබළකු බවට අනාවරණය වී යැයි පොලිසිය පවසයි.ම
ේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වන වත්තල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් වත්තල, ආමර් වීදිය සහ කොළඹ වැල්ලම්පිටියේ රන් ආභරණ වෙළඳසල් තුනකට අලෙවි කර හා උකස් කර තිබූ රුපියල් ලක්ෂ 60 පමණ වටිනාකමකින් යුත් රන් ආභරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවය.
සොර බඩු මිලදී ගත් බව කියන වැල්ලම්පිටියේ රන් බඩු වෙළෙඳසලක හිමිකරුවකුගේ සොහොයුරකු එසේ මිලදී ගත් රන් ආභරණ සමග අතුරුදන් වී ඇති බව ද පොලිසිය පවසයි.වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්.එම්.ඒ. සඳනුවන් මහතා පවසන්නේ මෙම කල්ලිය වත්තල, මෝදර, කඳාන සහ වැල්ලම්පිටිය යන ප්රදේශවලදී මංකොල්ලකෑම් සිදුකර ඇති බවට වැඩිදුරටත් ප්රශ්න කිරීමේදී අනාවරණය වූ බවය. මේ වනවිට විසි දෙනකුට වැඩි පිරිසක් සතු දේපළ මේ අයුරින් කොල්ල කා ඇතැයි පොලිසිය සැක කරයි.
(ජාඇළ - තිස්ස කොටින්කඩුව)
0 Comments