plastic-ban

ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු යොදාගනිමින් ඉඳිආප්ප තම්බන විට එම තට්ටුවල උග්‍ර විෂ කාරක ඉඳිආප්පවලට එක්වන බවත්, ඒ අනුව 'දෙවරක් නොසිතා’ එම තට්ටු තහනම් කිරීමට තීරණය කළ බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.හෙතෙම පෙන්වා දුන්නේ,  මෙම සත්‍ය තත්ත්වය ජනතාවගෙන් බහුතරයක් පිළි නොගන්නා බවයි.


ඒ අනුව ආහාර පිළියෙල කිරීමේදී ස්වභාවික අමුද්‍රව්‍යවලින් සැකසූ භාජන හා ද්‍රව්‍ය හැකිතාක් භාවිත කරන ලෙසත් එසේම විකල්ප ස්වභාවික නිෂ්පාදනවලට යොමුවන ලෙසත්ලේකම්වරයා මහජනතාවගෙන් සහ භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේය.ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදකයන් සමග පරිසර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ වැඩිදුරටත් ර්ඣපැහැදිලි කිරීමක නිරත වූ ලේකම්වරයා, "නිෂ්පාදනය කළ හැකි විකල්ප ඕනෑ තරම් තිබෙදී නිපදවන සමහර ග්ලාස්ටික් හා පොලිතින්වලින් නිෂ්පාදිත භාණ්ඩ රැසක් වෙළෙඳ පොළේ තිබෙනවා. උදාහරණ වශයෙන් ගතහොත් ඉඳිආප්ප තට්ටු. 

මේවා අපි කාලයක් තිස්සේ නිපදවන ලද්දේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින්. ඉඳිආප්ප තම්බන විට මෙම ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටිත් තැබෙනවා. ඒවා උග්‍ර විෂකාරක සහිතයි. ඒවා ආහාරයට එවෙනවා. නමුත් මිනිස්සු මේවා පිළිගන්නේ නැහැ. එකෝ දැනගෙනම ඒ වැරදි වැඩේ කරනවා. එම නිසා එවැනි ද්‍රව්‍ය අපි දෙපාරක් නොසිතා තහනම් කරනවා. අපි ප්ලාස්ටික් හා පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන තහනම් කරන්නේ ඒ සමාගම් සමග තිබෙනපුද්ගලික තරහක් නිසා නොවෙයි. මෙම තීරණය අපි ගත්තේ අපේ රටේ පරිසරය හා මානව සෞඛ්‍ය සැලකිල්ලට ගනිමින්” යනුවෙන්ද පැවසීය.

(නිදර්ශනී වික්‍රමසිංහ)