ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බව වතිකානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. සැත්කමින් පසු 84 හැවිරිදි පාප්තුමගේ තත්වය යහපත් බවත්, එතුමන් වෛද්‍ය අධීක්ෂණය යටතේ දින කීපයක් රෝහලේ සිටිනු ඇති බවත් වතිකාන ප්‍රකාශක මැතියෝ බෲ වැඩිදුරටත් පවසා ඇත. මහ බඩවැලේ අග සිහින් වීමක් හේතුවෙන් සැත්කම සිදු කළ බවත්, සැත්කම සිදු කළේ සාමාන්‍ය නිර්වින්දන තත්වයක් යටතේ බවත් වතිකාන ප්‍රකාශකයා පැහැදිලි කර තිබේ.


එය හදිසියේ කළ සැත්කමක් නොවන බවත්, මාස කීපයකට පෙර සැත්කමට දින  නියම කරගෙන තිබුණු බවත් මැතියෝ බෲනි වැඩිදුරටත් පවසා ඇත. පසුගිය කාලය පුරාවට පාප්තුමන් බඩ පුරවා දැමීම, වරින් වර ඇතිවන උදර වේදනා සහ  මළපහ කිරීමේ අසීරුතාවලින් ද පීඩාවට පත්ව සිටි බව ද පැවැසෙයි. සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කළේ ඒ  අනුවය. 2013 වසරේ පාප් ධුරයට පත්වීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝහල්ගත කළ පළමු අවස්ථාව මෙයයි. පාප්තුමන් සැත්කමට භාජන කළේ පෙරේදා (4) සවස 'ජෙමේලි 'ශික්ෂණ රෝහලේදීය. පාප්තුමන් රෝහල්ගත කිරීමත් සමඟ වතිකාන ආරක්ෂක අංශ රෝහලට විශේෂ ආරක්ෂාවක් සැපැයීමට ද කටයුතු කළේය.



පාප්තුමන් ප්‍රතිකාර ලබන වාට්ටුවට එතුමන්ගේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හැර වෙන කිසිවකුට යෑමට අවසරට නොලැබෙන බවද පැවැසෙයි. මේ අතර, පාප්තුමගේ තතු  දැන ගැනීමේ අරමුණින්නේ රැදී සිටින ඉතාලි මාධ්‍යවේදීන් රෝහල ඉදිරිපිට රැදී සිටින බව ද වාර්තා වේ.  සැත්කමට භාජන වීම සඳහා රෝහල්ගතවීමට පෙර පාප්තුමෝ පෙරේදා (4) උදෑසන ශාන්ත පීටස් චතුරස්‍රයට රැස්වුණු දහස් ගණනක් කතෝලික බැතිමතුන් ආමන්ත්‍රණය කිරිමට ද අමතක නොකළහ.


වෛද්‍ය අධික්ෂණය යටතේ පාප්තුමන්ට කොතරම් කාලයක් රෝහල්ගතව සිටීමට සිදුවේවිද යන්න සම්බන්ධයෙන් දැනට කිසිවක් පැවැසිය නොහැකි බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් වතිකානය පවසා ඇත.  ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ආජන්ටිනා ජාතිකයෙකි. එතුමන් උපත ලැබුවේ 1936 වසරේ බුවර්නෝස් අයර්ස් නුවරදීය. අවුරුදු 21 දී, පෙනහලු ආසාදනයක්  හේතුවෙන් පාප්තුමගේ  දකුණු පෙනහලෙන් කොටසක් ඉවත් කර තිබේ..


පාප්තුමන් උදර රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමට පටන් ගත්තේ 2014 වසරේ සිටය. ඒම රෝගී තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාර සහ අ3ගමික කටයුතු බොහෝමයක් සීමා කිරීමටද පාප්තුමාන්ට සිදුවුණු බව වතිකාවන යවැඩිදුරටත් පවසා ඇත. කොන්දේ කැක්කුමකින්, දේපාවල වේදනාවකින්ද පාප්තුමන් පීඩා විඳින බව ද වතිකාවනය පවසයි .