ඇමරිකාවේ ධවල මන්දිරයේ සිට එරට ජනපතිවරයා ජනතාව අමතන ස්ථානය සිහිගන්වමින් ශ්‍රී ලංකාවේ ජනපති ලේකම් කාර්යාලයේ ස්ටුඩීයෝවක් නිර්මාණය කර ඇති ජනාධිපති මාධ්‍ය අංශය ඉදිරියේදී ජනපතිවරයාගේ ජාතිය ඇමතීමේ අවස්ථාව අලුත් ආකාරයට ඉදිරිපත්කිරීමට සූදානම් වේ. මෙහි ජනපති ඇමතිමට වේදිකාවක් මාධ්‍යවේදීන් 200 කට අසුන්ගැනීමට පහසුකම් හා එවෙලේම වීඩියෝ සංස්කරණය කරන්නට හැකි මැදිරියක්ද අඩංගුය.
ඒ අනුව නිමවූ “ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය” අද (29) උදෑසන විවෘත විය.
දේශපාලකයින්ට අවශ්‍ය ලෙස ජනමාධ්‍යවේදීන් හැසිරවීම හෝ ජනමාධ්‍යවේදීන් හා දේශපාලකයින් එක්ව ජනතාව රවටන ‘අතේරෝල්‘ මාධ්‍යකරණය වෙනුවට මෙරට ජනමාධ්‍ය කලාව නව මානයකට ගෙනයාම සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මාධ්‍ය අත්දැකීමක් මෙරට මාධ්‍යවේදීන් හරහා ජනතාව වෙත ප්‍රවේශ කරමින් හා වඩාත් වැදගත් කාර්යය වන සත්‍ය තොරතුරු ඒකරාශී කරමින් මාධ්‍ය හා ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යභාරය මේ හරහා සිදුකිරීම මුලික අරමුණ වී ඇති බව ජනපති මාධ්‍ය අංශය දන්වා තිබේ.
ඒ අනුවජනතාව අමතන අවස්ථාවට තෝරාගත් මාධයවේදීන් කණ්ඩායමක් පමණක් එයට කැඳවනු ඇති බවත් සාකච්ඡාවන ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ලබාදීමට බැඳීසිටින නිලධාරීන්ද එයට කැඳවීමට අදහස් කරන බවත් දන්වා ඇත.
මෙම මධ්‍යස්ථානය හරහා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පමණක් නොව රජයේ සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මෙන්ම ආයතන සම්බන්ධීකරණය කරමින් පැනනගින ගැටළු හා ප්‍රශ්න සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවත් මෙරට මාධ්යකරණයේයෙදන සියලුදෙනාට වෘත්තීමය සංවර්ධනය ඉලක්ක කරගෙනද මේ මධ්‍යස්ථානය හරහා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට නියමිත බවටත් තොරතුරු දන්වා ඇත.
0 Comments