ragama doctor and lady doctor case

රාගම රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ඡායාරූප ඇයට හොරා ඇගේ වෛද්‍ය නේවාසිකාගාරයේදී ලබාගත් බව කියන වෛද්‍යවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
රාගම රෝහලේ මෙම වෛද්‍යවරිය සේවය කරන අතර වෛද්‍යවරයා සේවය කරන්නේ කොළඹ ජාතික රෝහලේය.
ඔවුන් වෛද්‍ය විද්‍යාලයේ මිතුරන්වී සිටි අය වූ අතර පසුකාලීනවද එම හිතවත්කම මත වරින්වර හමුවූ අවස්ථාවල කථාබහ කර තිබෙන අයයි. කෙසේ වෙතත් රූප සිරියෙන් අනූන මෙම වෛද්‍යවරිය සම්බන්ධයෙන් පිළිබඳ සිතක් ඇතිව කල් ගෙවූ වෛද්‍යවරයා ඇය හමුවීමට අවස්ථා කිහිපයක විවිධ වෙනත් හේතු යොදාගෙන රාගම රෝහලට පැමිණ ඇති බව පැවසේ. කෙසේ වෙතත් වෛද්‍යවරියට ඔහු ගැන ඇල්මක් තිබී නැත. මේ අතරවාරයේ වෛද්‍යවරිය නතරවී සිටින නේවාසිකාගාරයට ගොස් ඇයව හමුවීමේ අදහසක් වෛද්‍යවරයාට පහළවී ඇති අතර ඔහු එය ඇයට නොකියා සිදු කිරීමට ඉටාගෙන ඇත.

පසුගිය සතියේ දිනෙක වෛද්‍යවරිය සේවය  නිමා කර සිය නේවාසිකාගාරයට පිටත්ව ඇත්තේ රෑබෝවූ පසුවයි. ඇය නේවාසිකාගාරයේ වෙනම වෙන් කළ කොටසක තනිව වාසය කරමින් සිට ඇති අතර රාත්‍රී 8.45 ට පමණ සිය නේවාසිකාගාරයේ නානකාමරයට ගොස් නැවත කාමරයට පැමිණ ඇදුම් මාරු කරමින් සිටියදී ඇයට එක්වරම වීදුරු ජනේලය දෙසින් කිසියම් ශබ්දයක් ඇසී ඇත. ඇය ජනේලය දෙස බලද්දී තමා දන්නා හඳුනන වෛද්‍යවරයා කාමරය දෙස බලාගෙන

තමන්ගේ නිරුවත සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නගමින් සිටිනු හඳුනාගන්නට ලැබී ඇත. එක්වරම කෑගැසූ ඇය වෛද්‍යවරයාගෙන් තම සිරුර සඟවාගෙන ඇති අතර අනතුරුව වෙනත් කාමරයකදී ඇඳුම් ඇඳගෙන වෛද්‍යවරයා වෙත ගොස් දන්වා ඇත්තේ ‘විහිළු කරන්න එපා.. මගේ ගත්ත ෆොටෝ මකල දාන්න‘ ලෙසිනි.ඇය පිළිබඳ ආදර සිතින් කල් ගෙවමින් සිටි වෛද්‍යවරයා මෙම ඉල්ලීමට කැමතිවී නැත. ‘මට ඔයාව ගෙදර ගිහිනුත් බලන්න පුළුවන්නෙ‘ ඒක මං තියාගන්නම් ලෙස පවසා ඇත. නමුත් ඔහුගේ කීමට තදින් විරුද්ධවී ඇති වෛද්‍යවරිය ඔහුගේ ෆොන් එක උදුරාගෙන එය මකාදමන්නට උත්සාහ ගෙන ඇත.

නමුත් ඒ වනවිටත් ඔහු එම ඡායාරූප අන්තර්ජාල යෙදුමක් භාවිතයෙන් උඩුගත කරගෙන තිබී ඇති අතර ඇයගේ උත්සාහය පලක් වී නැත. ඇය අසරණභාවයට පත්ව ඇත. තමාගේ යෝජනාවට කැමති නම් ඒවා මකන බවට ඔහු දන්වා ඇත්තේ ඇය බයට පත්කරමිනි.
නැවත නැවත ඇය කරන ඉල්ලීම් කවටකමට ගෙන වෛද්‍යවරයා පිටව ගොස් ඇති අතර සිද්ධියෙන් පසු වෛද්‍යවරියට හටගෙන ඇත්තේ අනියත බියකි.ඔහු තමන්ගේ නිරුවත් ඡායාරූප කෙලෙස පාවිච්චි කරනු ඇතිද යන්න ගැන ඇයට මහත් භයංකර හැඟීමක් ජනිතව තිබෙයි.
සිය නේවාසිකාගාරය තුළ ඇදුම් මාරු කරමින් සිටි තමාගේ ජායාරූප ගත් බව කියන වෛද්‍යවරයා ගැන 119 අංකයෙන් රාගම පොලිසිය අමතා පැමිණිල්ලක් සිදු කිරීමට ඇය උත්සාහ ගන්නේ අනතුරුවයි. ඇගේ දත්ත අනුව එකී වෛද්‍යවරයා අත් අඩංගුවට ගත් බව රාගම පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගත් වෛද්‍යවරයා 11 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවේ.