ප්‍රසිද්ධ වර්ජින් සමාගමේ නිර්මාතෘවරයා වන බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරික ශ්‍රීමත් රීචර්ඩ් බ්‍රැන්සන් ඊයේ (11) දිනයේදී සිය වර්ජින් ගැලස්ටික් සමාගම මගින් නිර්මාණය කළ VSS Unity අභ්‍යවකාශ යානයේ නැගී පෘථිවියේ උපකක්ෂීය අවකාශය (Suborbital Space) සීමාව වෙත පියාසර කරමින් ඉතිහාස පොත අලුතින් ලිවීමට සමත් විය.  ඇමෙරිකා එක්සත් ජනපදයේනිව් මෙක්සිකෝහි පිහිටි අභ්‍යවකාශ තොටුපොළේ සිට ගුවනට නැගුණු VMs Eve නම් මව් යානයේ මෙම VSS Unity අභ්‍යවකාශ යානය සවිකර තිබී ඇත. මෙහි නියමුවන් දෙදෙනාට අමතර මගීන් හයදෙනෙකු සදහා රැදී සිටීමට අවස්ථාව පවතින්නකි.


සාම්ප්‍රදායික ආකාරයෙරොකට්ටුවක් යොදා ගනිමින් අභ්‍යවකාශයට යාම වෙනුවට මෙලස මව් යානය මගින් පෘථිවියේ සිට අඩි 50,000ක් උසකට රැගෙන යන USS Unity යානය මව් යානයෙන් මිදී එතැන් සිට සිය එන්ජින් ක්‍රියාත්මක කරමින් අභ්‍යවකාශය වෙත යාම සිදු කරයි. මෙහිදී එම Uss Unity යානය ආසන්න වශයෙන් ශබ්දයේ වේගයමෙන් 3.5ක ගුණයක වේගයෙන් පෘථිවියේ උපකක්ෂීය අවකාශය වෙත ඇතුළු වෙයි. මෙය පෘථිවි මතුපිටේ සිට අඩි 360,890ක් එනම් මීටර් 110,000ක උසකට ළගාවීමකි.) | මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි බ්‍රැන්සන් මෙය තමන්ගේ ජිවිතයේ තිබූ සිහිනයක් සැබෑවීමක් ලෙසටද හඳුන්වා දී තිබේ.



"මගේ අම්මා තමයි මට ඉගැන්නුවී කවදාවත් තරු අල්ලන්න තියෙන මගේ උත්සාහය අරින්න එපා කියලා.”බ්‍රැන්සන් වරෙක පවසා තිබුණි. බ්‍රැන්සන්ගේ 71 වැනි උපන්දිනය ලබන සතියට යෙදී ඇත. එසේම වර්තමානයේදී ලොව ධනවතුන් අතර පවතින අභ්‍යවකාශය වෙත යාමේ තරගයේ අවස්ථාවක් ලෙසටද මෙය පව තිබේ. මීට අමතර මෙය ඉදිරියේදි ඉතාමත් සාර්ථක ව්‍යාපාරයක් බවට පත්වන අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානතම අඩිතාලමක් බවටත් සැලකෙයි.විශේෂයෙන්ම සුප්‍රසිද්ධ ඇමසෝන් සමාගමේ නිර්මාතෘ එක්සත් ජනපදයේ ජෙෆ් බෙසොස්ද සිය Blue Origin නම් සමාගම මගින් නිපදවා ඇති New Shepherd නම් රොකට්ටුව ආධාරයෙන් ලබතජූලි 20දා අභ්‍යවකාශය වෙත යාමට සූදානමින් සිටියි.

එය මිනිසා සද තරණය කර 5 වෙනි සංවත්සරය සමරන දිනයයි. එහෙත් ඊට දින නවයකට පෙරාතුව බ්‍රැන්සන් මෙලෙස සිය සිහිනය සැබෑ කරගැනීමට සමත් වී තිබේ. මෙම ගමන සදහා බ්‍රැන්සන් සමග තව පස්දෙනකුද එක් වීය.මෙහිදී ඔහු වෙත 'ගගනගාමියා 001' යන නමද, යානයේ ප්‍රධාන ගගනගාමියා බෙන්  මොසෙස්"ගගනගාමියා 002" ලෙසද, මෙහෙයුමේ ප්‍රධාන ඉංජිනේරුවාවන කොලින් බෙනට් 'ගගනගාමියා 003” වර්ජින් ගැලක්ටික් සමාගමේ පරිපාලන කටයුතු පිළිබද උපසභාපතිනී සිරිෂා බැන්ඩ්ලා 'ගගනගාමියා 004' ලෙසද මෙම ගමනට එක්වෙයි. ඇය ඉන්දියානු සම්භවයක් සහිත තැනැත්තියකි.මෙය VSS Unity අභ්‍යවකාශ යානයේ 22වැනි අත්හදා බැලීමේ ගමන ලෙසින්ද සැලකෙන අතර, ඒ අනුව එය Unit 22 test flight යන නමින් හඳුන්වා තිබුණි.

මෙය එම යානය කාර්යමණ්ඩලය සමගින් සිදුකරන සිවුවැනි ගුවන් ගමන වන අතර, මගීන්ද සමග සිදුකරන දෙවැනි ගමනද වෙයි. යානයේ පළමු මගියා ලෙස බෙන් මොසෙස් 2019 වසරේදී එක් පියාසැරිය වෙත එක්ව තිබේ. මෙලෙස සිදුකළ සාර්ථක අත්හදාබැලීම්වලින් අනතුරුව එක්සත්ජෝනපදයේ ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය විසින් බ්‍රැන්සන්ගේ මෙම පියාසැරියන් සදහා පූර්ණ වාණිජ බලපත්‍රය ලබා දී ඇත.

මෙම ගමනට අමතරව තවත් පියාසැරී දෙකක්හරහා මෙලෙසින්ම 6දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ ගගනගාමීන් කණ්ඩායමක් සහිතව අභ්‍යවකාශය වෙත යාමටද මෙහේදී සැලසුම් කෙරින.

අනතුරුව මුදල් ගෙවා ලබාගත් ටිකට්පත් අනුව අභ්‍යවකාශයට යාමට කැමැත්ත ඇති තවත් අනාගත ගගනගාමීන් 600දෙනෙකු 2022 වසරේදී මෙම ගමන සඳහා සම්බන්ධ කරගැනීමත් බ්‍රැන්සන් ඇතුළු වර්ජින් ගැලක්ටික් සමාගමේ අපේක්ෂාව වී ඇත. "මට වුවමනා වෙලා තිබෙන්නේ මේ හරහා පාරිභෝගිකයන්ට ලැබෙන අත්දැකීම මුල ඉදන් අගවෙනකම්ම කොහොමද කියලා විදගන්නයි. මට බලන්න ඕන ඔවුන් මුදල් ගෙවන මුදලට ඔවුන්ට හොදම අත්දැකීම ලැබෙන බව සහතික කිරීමයි.” යනුවෙන්ද බ්‍රැන්සන් සඳහන් කර තිබේ