ගැනීමකට ලක්ව මියගිය බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කරන බොරැල්ල පොලිසිය
එම නිවෙසේ සිටි තරුණ සේවකයා සතු ජංගම දුරකථනය වැඩිදුර විමර්ශනය සඳහා රහස් පොලිසිය වෙත
භාරදී ඇත.
ඒ එම දුරකථනයේ විශ්ලේෂණ වාර්තාව හරහා එම දුරකථනයේ දත්ත විනාශ කර ඇත්දැයි දැන ගැනීම සඳහාය.
දැරිය මියයෑමත් සමඟ බොරැල්ල පොලිසිය මෙම සේවකයාගේ ජංගම දුරකථනය ඔවුන්ගේ භාරයට ගෙන
තිබිණි. එමෙන්ම ඔහුගේ ප්‍රකාශයක්ද බොරැල්ල පොලිසිය විසින් ලබාගෙන තිබිණි.
මෙම සේවකයා දහනව හැවිරිදි තරුණයෙකි. මොහු හා දැරිය අතර කිසියම් ආරවුලක්ද පැන නැඟී තිබූ බව
විමර්ශනවලදී හෙළිවී තිබිණි. මොහු විසින් දැරියට කළ පහරදීමක් ගැනද තොරතුරු වාර්තා වී තිබේ. ඒ අනුව
මෙම සේවකයාගෙන් දෙවරක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කීවේය.
මේ අතර මේ පිළිබඳ පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට අමතරව කොළඹ දකුණ කොට්ඨාස ළමා හා
කාන්තා කාර්යාංශය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද පත්කර තිබේ.
මෙම කණ්ඩායම් දෙක පසුගියදා දැරිය මුලින්ම පදිංචිව සිටි හා පාසල් ගිය අවිස්සාවේල්ල, පුවක්පිටිය,
කිරිවන්දල ප්‍රදේශයට ගොස් ප්‍රකාශ හතරක් සටහන් කරගෙන තිබේ.
දැරිය ගිය පාසලේ විදුහල්පතිවරයා හා උප විදුහල්පතිවරයාගේද ප්‍රකාශ මෙම කණ්ඩායම් විසින්
ලබාගෙන ඇත.
මේ වන විට ඩයගම ප්‍රදේශයට ගිය එක් පොලිස් කණ්ඩායමක් දැරියගේ මවගෙන් යළි ප්‍රකාශයක්
ලබාගෙන තිබේ.
විමර්ශනයට යොදවා ඇති තවත් පොලිස් කණ්ඩායමක් මෙම දැරිය රැගෙන රිෂාඩ් අමාත්‍යවරයාගේ ගෙදරට
ගෙන ආ දිනයේ සිට මේ දක්වා කෘෘරත්වයට භාජන වී ඇත්දැයි සොයා ගැනීම සඳහා විමර්ශනයක්ද
සිදුකරමින් සිටී.
දැරිය හා මිත්‍රවී ඇයව අපයෝජනයට ලක්කළ පුද්ගලයන් සොයා ඇය පදිංචිව සිටි පළාත්වල විමර්ශන
සිදුකරමින් පවතින අතර ඇය ඇසුරු කළ පුද්ගලයන් හා ඇයගේ ඥාති කාන්තාවන්ගෙන්ද එම නිලධාරීන් ප්‍රශ්න
කරමින් තොරතුරු ලබාගනිමින් සිටී.
කීර්ති මෙන්ඩිස්
0 Comments