බොරැල්ල සහස්පුර හල්ගහකුඹුර ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට කරන ලද මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු කැපුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. 15 දෙනකුගෙන් සමන්විත බොරැල්ල පොලිසියේ කණ්ඩායමක් ඊයේ (6) පෙරවරු 6.30 ට පමණ පොලිස් නිළ සුනඛයද යොදාගෙන ප්‍රදේශයේ නිවාස දෙකක් පරීක්ෂා කර ඇති අතර එහිදී එක් නිවෙසක සිටි මක්කුඩු ජාවාරම්කරුවකු මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පොලිසියට රැගෙන යාමට සූදානම්වූ අවස්ථාවේ ඔහුගේ ඥාතීන් පිරිස පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් සැකකරු මුදා ගැනීමට කටයුතු කිරීම නිසා මෙම සිද්ධියට මුල් වූ බව පොලිසිය පවසයි. කිසියම් පුද්ගලයකු බ්ලේඩ් තලයක් වැනි උපකරණයකින් පොලිස් නිලධාරියාගේ ගෙල තුවාල කර ඇති බවද පොලිසිය පවසයි. පිරිසගේ බාධා කිරීම මැද නිලධාරින් සැකකරු පොලිස් ස්ථානයට රැගෙන විත් ඇති අතර ඔහු හෙරොයින් ග්‍රෑම් 6 ට අධික ප්‍රමාණයක් ඇති බවද පොලිසිය කියයි.
සැකකරු මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම්කරනකු බවත්, මක්කුඩු හා මත්පැන් සම්බන්ධ නඩු රැසක් සැකකරුට එරෙහිව ඇති බවත් පොලිසිය කියයි. බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික දුමින්ද බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් පරික්ෂණ පැවැත්වේ.
-ඉන්දිකා රාමනායක-
0 Comments