රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා විසින් තම කටයුතු නිදහස් කරගෙන යාමට ඉඩ නොදීම හේතුවෙන් තමන් අන්ත අසරණ වී ඇතැයි ආණමඩුව ආසනයේ ප්‍රාදේශිය සභා පහක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කළහ. ආණමඩුවේදී ඊයේ (18දා) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුහු මෙම චෝදනාව එල්ල කළහ. මෙම මාධ්‍ය හමුව ආණමඩුව පරමාකන්ද විහාරස්ථාන භූමියේ සංවිධානය කර තිබූ අතර ඒ සදහා ආණමඩුව, නවගත්තේම, පුත්තලම, කරුවලගස්වැව හා කල්පිටිය යන ප්‍රාදේශීය සභා නියෝජනය කරමින් මන්ත්‍රීවරු 37දෙනෙක් එක්ව සිටියහ. ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී පරමාකන්ද රජමහා විහාරාධිපති ඔට්ටුක්කුලමේ පඤ්ඤානන්ද හිම්යන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙහිදී අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ පවසා සිටියහ. "සෑම මැතිවරණයකින් පුත්තලම දිස්ත්‍රික්කය දිනාගන්නේ ආණමඩුව ආසනයේ ප්රගතිශීලී ජනතා ඡන්දයෙන්. එය මුදියන්සේ තෙන්නකෝන් මහතාගේ කාලයේ ඉඳලා සිදුවූ දෙයක්. නමුත් අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැත්තකට කරලා වෙනත් පිරිසක් එක්ක ආණමඩුව ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කය තුළ සිදුවන දේ අපිට බලා ඉත්ත බැහැ. මෙය ඉහළ නායකයන් සොයා බැලිය යුතුයි.
අපිට තවත් මේ කාරණය ඉවසා ඉන්න අමාරුයි.”කරුවලගස්වැව ප්‍රාදේශීය සභා සභාපති නිහාල් ජයසිරි බණ්ඩාර මහතා මෙසේ පැවසීය."අද වනවිට සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා මේ කටයුතු කරන ආකාරය නිසා අපිට ගැටලු රැසකට මුහුණ දෙන්න සිදු වෙලා. ආණමඩුවට අපි කවදාවත් කිසි කෙනෙකු ඉල්ලුවේ නැහැ. ඉහළ අය තමා අපිට ප්‍රියංකර ජයරත්න ඇමතිතුමා දුන්නේ. ඒ දුන්න කෙනාට අපි වැඩ කළා. ඒ නිසා අපිට සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා කෙනෙහිලිකම් කරනවා. ඊළග පාර අපේකකම දන්නේ නැති බවටත් තර්ජනය කරනවා.
ඒ මදිවට එයාගේ පදයට නටන ප්‍රාදේශීය ලේකම්ලා හදලා. ඊට හොදම උදාහරණය කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් අපි කියන කිසි දෙයක් අහන්නේ නැති එක. එයා දේශපාලන අතකොලුවක් බවට පත් වෙලා. ලැජ්ජයි රාජ්‍ය නිලධාරීන් ගැන. මේ කිසිම දෙයක් ඉහළ අය සොයා බලන්නේ නැති නිසා තමයි අපි මාධ්‍යයට කිව්වේ. රාජ්‍ය නිලධාරීන් ඇයි මේ තරම් රාජ්‍ය ඇමතිවරයාට බය. අද අපිට අපේ සභාවල වැඩක් කරගන්න බැරි මට්ටමට සනත් නිශාත්ත ඇමතිතුමා විසින් රාජ්‍ය නිලධාරීන් පත් කරලා." ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් චන්දන, පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රි රදික සංජීව, පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන පුෂ්පකුමාර මහතා,ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජානක සම්පත් මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. කරුවලගස්සවැව හා නවගත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් තිදෙනෙක්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
(පුත්තලම - හිරාන් ප්‍රියකර ජයසිංහ)
0 Comments