එහිදී එම ස්ථානයන් හි සේවය කරන පොලිස් නිලධාරීන්ගේ අඩුපාඩු විමසූ අතර එම මොහොතේම එම අවශ්‍යතා සැපිරීමට පියවර ගන්නා ලදී. එසේම පොලිස් රාජකාරි වලදී ඇතිවන රාජකාරි ගැටලු හා පෞද්ගලික ගැටලු ද තමාට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින ලදී. තමන් විසින් තෘප්තිමත් පොලිස් සේවයක් ඇති කිරීම සඳහා කටයුතු කරන අතර බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහාය ඉතා වටිනාකමින් අපේක්ෂා කරන බව පැවසීය.
එසේම වැරදි වලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන්ගේ තරාතිරම නොබලා කටයුතු කරන බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද සහභාගි වූහ.
0 Comments