සෞදි අරාබිය තුළ ක්‍රියාත්මක COVID-19 සංචර සීමා උල්ලංඝනය කරමින් හැසිරෙන පුද්ගලයන් වෙත වසර තුනක කාලයක් විදෙස් සංචාරවල නිරත විය නොහැකි ලෙස තහනමක් පනවන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.සෞදි රජය විසින් සංචරණය නොකළ යුතු බවට තහනම් පනවා ඇති රටවල් වෙත ඇතැම් පිරිස් සංචාරය කරන බවට ලැබී ඇති වාර්තා අනුව මෙම තීරණය ගත් බව සදහන් වෙයි.
තවමත් COVID-19 පාලනය නොකළ රටවල් සදහා මෙම සංචරණ තහනම පනවා තිබේ. එහිදී එම රටවල් වෙත සිදුකරන සෘජු සංචාරය මෙන්ම වෙනත් රටක් හරහා සිදු කරන සංචරණයද අත්හිටුවා තිබේ. එහෙත් සෞදි ජනතාව විවිධ ක්‍රම යොදා ගනිමින් මෙලස සංචරන තහනම් පනවා ඇති රටවලට යන බවත්,
එය රටෙහි ක්‍රියාත්මක COVID-19 මර්දන නීති උල්ලංඝනය කිරීමක් බවත් බලධාරින් පවසයි. ඒ අනුව මෙම වසාගතයේ ව්‍යාප්තිය පාලනය සදහා මීට වඩා වැඩි වගකීමකින් කටයුතු කරන ලෙසද සෞදි බලධාරින් ජනතාවගෙන් ඉල්ලා තිබේ. අද වනවිට සෞදි අරාබිය මගින් රට ජනතාවට සෘජු ගුවන් ගමන් හෝ වෙනත් රටක් හරහා සංචරණය අත්හිටුවා ආර්ජන්ටිනාව, බ්‍රසීලය,ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, තුර්කිය සහ එක්සත් අරාබි එමීරය යන රටවල් පවතී.
0 Comments