කෝවිඩ් වසන්ගතය ආරම්භවු දා සිට, ශ්‍රී ලංකාවේ සිසුන් විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලැබීමේදි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත. ඩිජිටල් යටිතල පහසුකම් දුර්වල වීම හේතුවෙන් ඇතැම් ගම්මානවල දරුවන් හට දුරස්ථ අධ්‍යාපනය ලබා දීමට අපහසු වී ඇත. තවද පවුලේ දරුවන් කිහිප දෙනෙක් සිටින අඩු ආදායම් ලාභී දෙමාපියන් තම දරුවන්ගෙ අධ්‍යාපනය සඳහා අවශ්‍ය ජංගම දුරකථන හෝ පරිගණක සියලු දරුවන් හට වෙන් වෙන්ව සපයා දීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටිති.
සමහර සිසුන්ට දුර්වල දුරකතන සංඥා හේතුවෙන් අධ්‍යාපන කටයුතු සඳහා නිවෙස්වල වහලයට නැගීමට සිදුව ඇති අතර රජය විසින් ටැබ් පරිගණක බෙදා දීමේ ව්‍යාපෘති සහ ලාභදායී අන්තර්ජාල පැකේජ හදුන්වා දුන් නමුත් ඒවාද ප්‍රමානවත් වි නොමැත. නිලධාරීන්ගේ ඉල්ලීම වූයේ සියලුම දරුවන්හට අන්තර්ජාල ප්‍රවේශ උපාංග ලබා දෙන ලෙසයි.
"සෙදවත්ත" ගම්මානයේ සෝමාලතා නම්වූ මවක මෙසේ පැවසුවාය.
"අපට දරුවන් තිදෙනෙක් සිටිනවා. ඔවුන්ට ඇත්තේ එක් දුරකථනයක් පමණි. ඔවුන්ගෙන් එක් අයෙකු එය භාවිතා කරන විට අනෙක් ළමයින් දෙදෙනා සඳහා එය භාවිතා කළ නොහැක. අපි ඉතා දුප්පත් ජීවිතයක් ගත කරන්නෙ. ආහාර පාන සපයා ගැනීමද ඉතා අපහසුය. අපට දුරකථන මිලදී ගැනීමට මුදල් නැහැ"
චින්තක මුතුකුමාරණ - සමෘර්දි රාජ්‍ය සංවර්ධන නිලධාරී මෙසේ අදහස් දක්වා ඇත.
"මෙම ප්‍රදේශයේ රජයේ නිලධාරියෙකු ලෙස මම ඉල්ලා සිටින්නේ සියලුම දරුවන්ට අන්තර්ජාල ප්‍රවේශ උපාංග ලබා දෙන ලෙසයි. අධ්‍යාපනය තුළින් රටත් ගොඩනඟා ආර්ථිකයත් ගොඩනැඟෙනු ඇත."
Source - A24 News
0 Comments