ඉතා අවාසනාවන්ත සිදුවීමක් සමග නූතන ටෙනිස් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් (Legend) ලෙස සැලකෙන ඇමෙරිකානු ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ජාත්‍යන්තර ටෙනිස් පිටියට  සමුදුන්නාය. ඒ මේ දිනවල ක්‍රියාත්මක විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පළමු වටයේ තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනි. 

සෙරීනා විලියම්ස් ඇයගේ 08වැනි විම්බල්ඩන් කේවල ශුරතාව (2000, 2002, 2008, 2009, 2012, 2016) දිනා ගැනීම සඳහා සහ ඔස්ට්‍රේලියානු හිටපු ටෙනිස් ක්‍රීඩිකා මාග්‍රට් කෝට්ගේ ග්‍රෑන්ඩ් ස්ලාම් කේවල ශුරතා වාර්තාව (ග්‍රෑන්ඩ් ස්ලාම්  කේවෙල ශුරතා 24ක්) සම කිරීමේ අදහසින් මෙවර  විම්බල්ඩන් තරගාවලියට පිවිසියද පාදයේ ආබාධය ඊට හරස් විය. 39 හැවිරිදි සෙරීනා විලියම්ස්, බෙලාරුස් රාජ්‍යයේ අලියාක්සන්දු සාස්නොවිච්ට එරෙහිව පෙරේදා (29) පැවති විම්බල්ඩන් තරගාවලියේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නාය.

එම තරගය විනාඩි 34කට සීමාවුණු අතර,පළමු වටයේදී දෙදෙනාම ලකුණු 3-3ක් ලබා සිටියදී තරගය අත්හිටුවා සෙරීනා විලියම්ස් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළාය.

තරගයේ එක් අවස්ථාවක සෙනා ලකුණු 3-4ක් ලෙස පෙරමුණ ගෙන සිටියදී ඇය පාදයේ ආබාධයකට ලක්විය. අනතුරුව වෛදය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ආපසු ක්‍රීඩා කිරීමට පැමිණියද විලියම්ස්හට වැඩි වෙලාවක් ක්‍රීඩා කිරීමට නොහැකි විය. අනතුරුව ඇය දැඩි සංවේගයෙන් යුතුව කඳුළු සලමින් පිටියෙන් ඉවත්ව ගියේ. අලියාක්සන්දු සාස්නොවිච්ට ජයග්‍රහණය පිරිනමමිනි. විම්බල්ඩන් තරගාවලි ඉතිහාසයේ සෙරීනා  මේ ආකාරයෙන් පළමු වටයේදී ඉවත්ව ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.විම්බල්ඩන් 2019 රුමේනියානු ක්‍රීඩිකා සිමෝනා හාලෙප් සහ ජපානයේ නයෝමි ඔසාකා තරගාවලියට පෙර ඉවත්වීමත් සමඟම තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් වැඩි බලාපොරොත්තුවක්  කෙරෙහි තබාගෙන සිටියේය. පිය තුළ සෙරීනාගේ ඇදවැටීම සම්බන්ධයෙන් තවත් ටෙනිස් තරු කිහිපයක්ම ට්විටර් පණිවුඩ යොමු කර තිබුණු අතර,

ඒ අතරීන් බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සහ ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් ප්‍රමුඛස්ථානයක් හිමිව තිබුණි.සෙරීනා මෙම තරගයට පැමිණෙන විටද ඇගේ දකුණු කලවා ප්‍රදේශය වෙළුම් පටියකින් බැඳ සිටි අතර, ඇයගේ මිට පෙර ආබාධයද සුවවී නොතිබුණු, තත්වයක් දිස් විය. කෙසේ වෙතත් ඇය 2017 ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් පසුව ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක් දිනා නොතිබීමද සුවිශේෂීය.



සෙරීනා කඳුළු සලමින් ඇයගේ සමුගැනීම ප්‍රකාශයට පත් කරනවිට රැස්ව සිටි ප්‍රේක්ෂකයන් සියලු දෙනා සිය අසුන්වලින් නැගිට අම්පොලසන් ලබාදීමට කටයුතු කළහ."මගේ දකුණු කකුලට තුවාල වීමෙන් පසු මගේ සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සිදුවීම ගැන මම දැඩි ලෙස කම්පාවට පත්වෙනවා. මගේ ප්‍රේක්ෂකයන්ට සහ මට සහයෝගය ලබාදුන් සියලුදෙනාට මගේ ආදරය සහ අවංක කෘතඥතාව හිමිවෙනවා. අද මම පිටව යන විට මට ඔල්වරසන් දුන් ඔබ සියලුදෙනාගේ ගෞරවය සහ සහයෝගය දැනෙන විට මම ලෝකයම දිනා ඇති බව පෙනවා"යැයි සෙරීනා හැඩුම්බරව පවසා සිටියාය සෙරීනා සමුගන්නා විට ඒකල ශුරතා 73ක් දිනාසිටි අතර ටෙනිස් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්හි 08 වැනි ස්ථානයේ පසුවිය.විම්බල්ඩන් තරගාවලි 07 අමතරව ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලි 06ක්  (19992002,2008,2012,2013,2014), ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි 07ක් (2003, 2005, 2007, 2009, 2010, 2015, 2017, ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලි 03ක් (2002, 2013, 2015) දිනාගැනීමට සෙරීනා සමත්ව සිටියාය. අමතරව ඔලිම්පික් රන් පදක්කම් 04ක්ද (2000 සිනි ඔලිම්පික් යුගල, 2008 බීජිං ඔලිම්පික් යුගල, 2012 ලන්ඩන් ඔලිම්පික් ඒකල, 2012 ලන්ඩන් ඔලිම්පික් යුගල ඇය දිනා තිබීම සුවිශේෂීය.

(පැතුම් ශ්‍රී විජේරත්න)