නවකයො බලාපොරොත්තු ඉටු කලාද? කේ.ජි. පී වැරදිද? අනාගතය සුබ ද ? ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරඟය පසු දැක්මක් මේ සමග පළවේ.
සියලු දෙනාගේ බලාපොරොත්තු යථාර්ථක් බවට පත්කරමින් නවකයන් වැඩි ප්‍රමාණයකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළවෙනි එක්දින තරගය ක්‍රීඩා කළා. මේ නවකයන් ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු ඔවුන්ගේ අපේක්ෂාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට කළා ද?
තණතීරුව පිතිකරුවන්ට යෝග්‍යයයි පන්දුව ඉපිලීමත් එක්ක පන්දුව පිත්තටම ලබා ගැනීමේ හැකියාව පිතිකරුවන්ට තිබුණා.. කෙසේ වෙතත් ක්‍රීඩාංගනය විශාලත්වය සහ සුළං වේගයත් එක්ක මේක පිතිකරුවන්ට අභියෝගයක් වෙච්ච අවස්ථා රැසක් අපට දැකගන්න හැකියාව ලැබුණා. කාසිය වාසිය තීරණාත්මක සාධකයක් බවට පත්වුනා. පෙර දැක්මේදී අපි සාකච්ඡා කරපු විදියටම කණ්ඩායම් දෙකේම නායකයන් බලාපොරොත්තුවෙන් හිටියේ පළමුවෙන් පන්දු යැවීමේ වාරය ලබාගන්න. එංගලන්ත නායක ඔයින් මෝගන් කාසි වාසිය දිනාගන්න සමත් වුණා. ධනංජය ද සිල්වා ආබාධයකට ලක්වීම නිසා මේ තරගයට ක්‍රීඩා කළේ නෑ . ධනංජය ද සිල්වා වෙනුවට ප්‍රවීන් ජයවික්රමත්, ඉෂාන් ජයරත්න වෙනුවට චාමික කරුණාරත්නත් මේ තරගයට ක්‍රීඩා කළා.
එංගලන්ත කණ්ඩායමේ හිටපු David Malan වෙනුවට ලියම් ලිවිස්ටන් ආරම්භක පිතිකරුවගෙ භූමිකාවට ඔවුන් කැඳවලා තිබුණා. ඒ වගේමTom Curren වෙනුවට David Willey කණ්ඩායමට කැඳවන්නට තීරණය කරලා තිබුණා.. ඒකට එක හේතුවක් බවට පත්වුණේ ඩේවිඩ් විලීගේ පනස් වන එක්දින තරගයට තමයි ඔහු මේ දවසෙදි ක්‍රීඩා කළේ. මේ තරගය ඔහුගේ cap එක ලබාගත්තේ ඔහුගේ පියා පීටර් විලි හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ විනිසුරු වරයෙක් ලෙස කටයුතු කරපු පිට විලි අතින් තමයි ඔහු කැප් එක ලබා ගත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩා කරන්නෙ එංගලන්තෙ ඉහළ ඉපිලීමක් තියන තනතුරුවල ඩියුක් පන්දුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් පුහුණුවීම් කරන්නේ කොකබරා පන්දුවෙන්. ඩියුක් පන්දුව කොකබරා පන්දුවට වඩා ඝනකමින් වැඩි තද බවින් වැඩි මේකත් එක්ක මේ තණතීරු වල ඉපිලීම ඉතාමත්ම වැඩියි.
මේ නිසා තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ පළවෙනිඅටම මේ තනතීරු වල ක්‍රීඩා කරන මේ නවක ක්‍රීඩකයන්ට මේක තරමක් අපහසු කාරණයක් බවට පත්වෙන්නේ. කෙසේ වෙතත් තත්ත්වයන්ට අනුගත වෙන්නට ඔවුන් ඉගෙන ගත යුතුයි.. ඔවුන්ට දැන් සෑහෙන කාලයක් තිස්සේ එංගලන්තේ සංචාරය කරන්නේ.. මේ තත්ත්වය තරුණ ක්‍රීඩකයින්ට නිසැකවම අභියෝගයක් බව පිලි ගතයුතු කාරණයක්. ශ්‍රී ලංකා කණ්ඩායමක් මුල් කඩුලු 3ක් දැවී ගිය ලකුණු 46ක් ව තිබියදී. පැතුම් නිශ්ශංක දැන් තමාගේ cover drive පහර පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ දී පෙන්වා දුන්නා පැතුම් නිශ්ශංක පිළිබඳ දැන් ප්‍රතිවාදීන් විශ්ලේෂණය කරලා අවසන්.
ඔවුන්ගේ ඉලක්ක බවට පත්වෙන්නේ පැතුම් පුල් පහරට පොළඹවා ගැනීම. ඔහුගේ ප්‍රියතම පහර පුල් පහර ඔහු වැඩිපුර ලකුණු රැස් කරන්නේ මේ පහරෙන්. ඉතින් ඔවුන් දැන් කරන්නේ midwicket ඒ වගේම කව් කෝනර් පැත්තෙන් ක්‍රීඩකයන් රඳවලා ඔහුට කෙටි පන්දු යොමු කිරීම තමයි පන්දු යවන්නන් කරන්නේ මේ උපක්‍රමය තමයි දිගින් දිගටම ඔහුට එරෙහිව භාවිතා කරන ආකාරය අපි දැක්කේ. දැන් පැතුම් දැනගන්න ඕනේ තමන්ගේ මේ පුල් පහරෙන් ටිකක් ඈත් වෙලා ටිකක් මේක අවශ්‍යම අවස්ථාවන් වල දී පමණක් භාවිතා කරලා ඔහුගේ cover drive පහර සහ ඔහුට ආවේණික පහරවල් රැසක් තියෙනවා මේ පහරවල් වලින් ලකුණු රැස් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට.
චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගිය David Willey ගේ පන්දුවක් හමුවේ පළමු ස්ලිට් ක්‍රීඩකයා ජො රුට් අතට උඩ පන්දුවක් ලබා දෙමින්. ඉතින් අපි චරිත් අසලංක ව එක තරගයකින් විනිශ්චය කළ යුතු නැහැ. ඇන්ජලෝ මැතිව්ස්, අසංක ගුරුසිංහ මේ දෙදෙනාම පළමු තරගයේදී ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩකයන්. ඉතිං චරිත් කියන්නේ මානසිකව ඉතාමත් ශක්තිමත් ක්‍රීඩකයෙක්. ඔහු ඉදිරි තරග වලදී නිසැකවම ලකුණු අතරට පිවිසේවි ඔහුට අවස්ථාවක් ලබා දුන්නොත්..දසුන් ශානකගෙන් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ඇත්තෙන්ම ඔහුට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා දැන් අංක හතර පිතිකරුවා විදියට පිතිකරණ ලැයිස්තුවේ උඩින් ඇවිල්ලා ස්ථාවර වෙලා තමන්ගේ normal game එක සෙල්ලම් කරන්න.
ඉතින් ඔහු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය නිසැකවම ලබාගත යුතුයි. මීට කලින් අවස්ථාවක ද පෙන්වා දුන්නා වනිඳු හසරංග පිතිකරණ ලැයිස්තුවේ ඉදිරියට ගෙන ඒමෙන් අපට ලබාගන්න පුළුවන් වාසිය. ඉතින් අපේ ධනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල මේ තිදෙනාගේ මේ සිදුවීම නොවෙන්නට අපේ කළමනාකාරීත්වය මේක මම හිතන්නේ ජීවිතේට අත්හදා බලයි කියලා. කෙසේ වෙතත් වනිදු හසරංගට හොඳ අවස්ථාවක් ලැබෙන ඔහු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා ඔහුගේ ශක්තිය මොකක්ද කියන එක ඔහු පෙන්වා දුන්නා. කුසල් ජනිත් සමග එකතුවෙලා ලකුණු 99ක සම්බන්ධතාවයක් ඔහු ගොඩ නඟන්නට සමත් වුණා. ඒ වාගේ ම ශ්‍රී ලංකා කණ්ඩායම බිඳ වැටිලා හිටපු වෙලාවක කොයි තරම් මනසිකව ශක්තිමත් ක්‍රීඩකයෙක් ද ඔහුට කඩුල්ලේ රැඳී ඉඳිමින් මොනවගේ ඉනිමක්ද ක්‍රීඩා කරන්න පුළුවන් කියන කාරණය ඔහු පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ඔහුගේ දැවීයාම පිළිබඳ අපිට සෑහීමකට පත් වෙන්න බැහැ. ඔහු තවත් පන්දුවාර කිහිපයක් ඉවසාගෙන ඉන්නට තිබුනා. මොකද මේ ක්‍රීඩකයන් දෙදෙනා අතරේ partnership එකක් build වෙලා තිබුණා. ඒක අවම වශයෙන් පන්දු අර 35 දක්වා ඇදගෙන යාමට ඔවුන් කල්පනා කර යුතුව තිබුණා. ඒ මොහොතේ දී කෙසේ වෙතත් තත්ත්වයට අනුගත වෙලා වනිදු හසරංග ඉතාමත්ම හොඳ කාර්යභාරයක් ඉටුකළා.
කෙසේ වෙතත් වනිදූගේ දැවීයාම ලියම් ලිවිස්ටන්ගේ විශිෂ්ට උඩපන්දු රැකීම නිසා සිදුවූවක්. එහි වැඩි ගෞරවය ලියම් ලිවිස්ටන් වෙතට තමයි හිමිවිය යුත්තේ. කුසල් ජනිත් පෙරේරා අගනා ලකුණු හැත්තෑ තුනක් ලබාගත්තා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින්. ඉතින් මේ ක්‍රීඩකයන් දෙදෙනා මේ ගොඩනඟපු සබඳතාවයට පසුපෙළින් යම් සහයෝගයක් ලැබුණා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා හොඳ තැනකට ඊයේ තරගයේ දී යන්නට ඉඩකඩ තිබුණා තරගය ජයග්‍රහණය කරන්නට පවා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉඩකඩ තිබුණා. ramesh mendis ගෙ දැවීයාම විනිසුරුගෙන් දුර්වල තීරණයක් විදිහටයි අපි දැක්කේ. මේය empire squal යටතට තමයි වැටුනේ විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ අවස්ථාවේදී. ඉතින් එතැනදී විනිසුරුවරයා නොදැවී යාමක් දියට සටහන් කරලා තිබුනනම් එහි වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙනවා නමුත් වාසිය දැන් ලැබුණේ එංගලන්ත කණ්ඩායම දෙසට.
පසුපෙළ පිතිකරුවන්ගේ සියම් උත්සාහයක් ගත්තා ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් අරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම අරගෙන යන්න. කෙසේ වෙතත් අපි දැක්කේ ඔවුන් අතර තිබිච්ච අනවබෝධය මේ ක්‍රීඩකයන් එකට ක්‍රීඩා කරල නැහැ බොහෝ කාලයක්. ඉතින් ඒ නිසා ඔවුන් අතර කඩුලු අතර දිවීමේ දී ඒ වගේම අනෙකාගේ හැකියාවන් පිළිබඳව තිබිච්ච අවබෝධය මදිකමක් තමයි අපි දැක්කේ. ඉතින් මේ communication එක හරියට සිදු උනානම් අපිට දුවද්දී දැවී යාම් දෙක වලක්වා ගන්න තිබුණා. ඒ වගේම ක්‍රීඩකයන් අවබෝධ කරගත යුතුයි අපි ප්‍රධාන කාර්යය වෙන්නේ පන්දුවාර 50 ක්‍රීඩා කිරීම. පන්දුවාර 50 අපිට ක්‍රීඩා කරන්න පුළුවන් නම් තවත් ලකුණු විස්සක් තිහක් අපිට එකතු කරගන්න හැකියාව තිබෙනවා. ඉතින් මේ කාරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි' විශේෂයෙන්ම පසුපෙළ ක්‍රීඩකයන් මේ වගේ අභියෝගයක් එල්ල වෙච්ච අවස්ථාවන්වලදී 'තරුණ ක්‍රීඩකයන් විදියට ඔවුන් ඒක තමයි අවබෝධ කරගත යුතු කාරණය.
Chris woakes සුවිශේෂී පන්දු යැවීමක නිරත වුණේ නිලකුණු පන්දුවාර පහක්ම ක්‍රියාත්මක කරමින් ඔහු කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. jonney bairstow ලකුණු 185ක් ඉලක්කය අභියෝගයකට ලක් කරමින් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වුනා. ඔහු ලබා ගත්ත වේගවත් ආරම්භය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ලකුණු 185 ඉලක්කය ආරක්ෂා කිරීමේදී ලොකු ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවුණා. කෙසේ වෙතත් කෙ ජෙ පී ගෙ පන්දු යැවීමේ පන්දු යවන්නන් වෙනස් කිරීම bowling changes ඉතාමත්ම ප්‍රතිඵලදායක බව අපි සඳහන් කළ යුතුම කාරණයක්.. ඔහු පස් වැනි පන්දුවාරයේදී චාමික කරුණාරත්න ට කැඳවනවා.
ඔහු Liam Livingstone ගෙ කඩුල්ල දවාගන්නවා. ඉන්පසු පන්දුවාරය දී binura fernando , johnny bairstow ගෙ කඩුල්ල දවා ගැනීමට සමත් වෙනවා. යළිත් කෙ.ජි bowling change එකක් කරනවා දහ වැනි පන්දුවාරයදී.. ඔහු දුෂ්මන්ත චමීර වන යළිත් කැඳවනවා. එතැනදී ඔහු ඔයින් මෝගන්ගේ කඩුලු දවා ගැනීමට සමත් වෙනවා. මේ spell එකේම ඊළඟ පන්දුවාරයේ දී ඔහු Sam Billings ගේ කඩුල්ල දවා ගන්නවා. වනිදු හසරංග ඉතාමත් විශිෂ්ට උඩ පන්දුවක් රැක ගන්නවා. සුවිශේෂීම සිදුවීම වෙන්නේ ඊට පස්සේ පන්දුවේදී.
Moeen Ali මුහුණ දෙන ප්‍රථම පන්දුවේදීම ඔහු උඩපන්දුවක් ලබා දෙනවා කඩුලු රකින කුසල් ජනිත් පෙරේරා වෙතට..නමුත් මේ උඩපන්දුව ගිලිහී යනවා.. එය රැකගත යුතුව තිබූ උඩපන්දුවක්. ඒ උඩ පන්දුව රැක ගත්තා නම් මේ තරඟය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හැරෙන්නට ඉඩකඩ තිබුණා. ඉතින් මෙතනදි අපි දැක්කේ කෙ.ජෙ ගෙ රියැක්ෂන් ටයිම් එක ඔහු පන්දුව දකින්නේ සෑහෙන ප්‍රමාදවෙලා. ඉන්පසුව තමයි ඔහු පන්දුවට එන්නේ. ඉතින් මේකත් එක්ක තමයි මේ උඩපන්දුව ඔහු වෙතින් ගිලිහී යන්නේ..
අනිත් එක එක ටිකක් low catch. .නමුත් රැක ගත හැකිව තිබූ උඩපන්දුවක්. අපි හිතනවා කෙ.ජෙ ටිකක් තව තව පියවරක් වම් පැත්තට වෙලා හිටිය නං පිතිකරුවගෙ පිට ඉන්න දෙසට වෙලා හිටියනම් දුෂ්මන්ත චමීර create කරන ඇන්ගල් එකත් එක්ක පන්දුව දැකීමේ හැකියාව ඔහුට වඩා තිබුන කියලා. මේ වගේ දේවල් සිදුවෙනවා කඩුලු රකින්නන් අතින්. නමුත් මේකත් තරගය සුවිශේෂීම අවස්ථාවක වෙච්ච අත්වැරදීමක් ඒ නිසා මේ තරගය ප්‍රතිඵලයට සෑහෙන බලපෑමක් මේ තුළින් ඇති වුණා. ඉන්පසු යළිත් විසිදෙවන පන්දුවාරයේදී කෙ.ජෙ bowling change එකක් කරනවා චාමික කරුණාරත්ව කැඳවනවා... එතැනදී ජෝ රූට් උඩපන්දුවක් ලබා දෙනවා. දුෂ්මන්ත චමීර දිවවිත් පන්දුව රැක ගන්න ප්‍රබල උත්සාහයක් දරනවා.. නමුත් ඒ රැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේකත් තරගයේ තීරණාත්මක අවස්ථාවක් විදියට අපිට හඳුනා ගන්නට හැකියාව තියෙනවා.
මොකද මේ ආකාරයම උඩපන්දුවක් තමයි ලියාම් ලිවිස්ටන් රැකගත්තේ වනිදු හසරංගව දවා ගැනීමට. බොහෝ දෙනෙක් චෝදනා කරනවා සමාජ මාධ්‍ය අතුලෙ දැක්කා කෙ.ජෙ ධනංජය ලක්ෂාන්ට පන්දුව ලබා දුන්න ප්‍රමාද වෙලා කියලා.. ඉතින් අපි දකින කාරණය නම් ඔහු bowling changes කිහිපයක් කළා. ඒ bowling changes වලදී ඔහුට අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුණා. එතකොට ඔහු කඩුල්ලක් ලබා ගත්තා පන්දු යවන්නන්ට තවත් පන්දු වාර කිහිපයක් ලබා දුන්නා. ඒ වගේම ඔහු ඔහු ඒ කරපු කරපු bowling changes හැම එකේදිම කඩුලු ලබුනා වනිදු හසරංගට පමණයි කඩුල්ලක් ලබා ගන්නට නොහැකි වුණේ.
නමුත් වනිදු ලංකාවේ ඉන්න අපිට එන්න හොඳම පන්දු යවන්නා විදිහට හඳුනාගන්න පුළුවන් දඟ පන්දු යවන්නන් අතර. ඔවුහු එක පැත්තකින් pressure බිල්ඩ් කළා. ඉතින් මේකත් එක්ක ධනංජය ලක්ෂාන්ට පන්දුව ලබා දීමේ යම් ප්‍රමාදයක් සිදු වුණා. ඉතිං පුද්ගලිකව හිතනවා ධනංජය ලක්ෂාන්ට පළවෙනි bowling change එකේදි ධනංජය ලක්ෂන් අතට පන්දුව ලැබුණා නම් හොඳයි කියලා. නමුත් එතැන ඒ තරගය සිටුවේශන් එක දන්නෙ එතැන හිටපු ක්‍රීඩකයා සහ නායකයා ඒ තීන්දුව ගත්ත යම් හේතු සාධක ඇතිව සහ ඔහුට ඒ තුළින් ප්‍රතිඵල ලැබීමත් එක්ක තමයි ඔහු ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගියේ. ඉතින් මේ නිසා මේ චෝදනාවට මම නම් එකඟ වෙන්නේ නැහැ. ඉතින් මෙතැනදී අත් දෙකම උස්සලා ඉන්නේ කෙ.ජෙ පැත්තෙ.. මොකද ඔහුට අත්හදා බැලීම් කරන්නට තරම් ලකුණු ප්‍රමාණයක් අපේ බෝඩ් එකේ තිබුණෙ නැහැ ..
ඒ නිසා ඔහු ප්‍රතිඵල ලබා ගත්තා පන්දු යවන්නන් එක්ක ඉදිරියට ගිහිල්ලා තවත් කඩුලු ලබා ගැනීමට තමයි උත්සාහ කළේ. ශ්‍රී ලංකා පිල කඩුලු අතර දිවීම ඒ වගේම පන්දු රැකීම මීට වඩා හොඳ මට්ටමක තිබුණ නම් ඊයේ තරගය මීට වඩා සෑහෙන්න වෙනස් ප්‍රතිඵලයක් අපිට දැකගන්නට හැකියාව තිබුණා. තරගය ජයග්‍රහණය කිරීම කෙසේ වෙතත් හොඳ තරගයක් ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුනා.
ඇතැම් විට මේ තරගය ජයග්‍රහණය කිරීමේ හැකියාව පවා තිබුනා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල පරිනත ක්‍රීඩකයන් තිදෙනෙකු ඒ වගේම වැඩිපුර අවස්ථාවක් ලැබුණු ක්‍රීඩක තිදෙනෙක් වගකීම් විරහිතව හැසිරිලා ශ්‍රී ලංකා කණ්ඩායම අස්ථාවර තැනකට ඇවිල්ලා ජාත්‍යන්තර ඉදිරියේ හෑල්ලුවට ලක් වෙලා මානසිකව බිඳ වැටිලා ඉන්න අවස්ථාවක අපේ තරුණ ක්‍රීඩකයන් ඇවිල්ලා මේ තරගයේදී කරපු දේවල් හොඳටම හොඳයි කියලයි අපි නම් දකින්නේ.. ඉතිං අඩුපාඩු තිබුණා මේ අඩුපාඩු ඊළඟ තරගයේදී හදා ගැනීම තමයි කලයුත්තේ.. මෙතැනදි අඩියක් පස්සට යායුතු මෙතනින් ඉස්සරහට යාම තමයි අපේ ක්‍රීඩකයන් කළ යුත්තේ කියන එකයි අපි විශ්වාස කරන්නේ.
තරඟයේ turning point එක වනිදු හසරංගගෙ දැවීයාම කියලයි මම දකින්නේ.. ඉන් පස්සෙයි යළිත් තරගය ශ්‍රී ලංකාව පැත්තට ඇවිල්ලා තිබිලා ආපහු ගිලිහී ගියේ Moeen Alli ගේ උඩපන්දුව ගිලිහී යාමෙන්. එක්දින තරග වලදී වැඩිම නිලකූණූ පන්දුවාර ක්‍රියාත්මක කරපු ක්‍රීඩකයන් අතරේ bishan singh bedi ඉන්දිය ක්‍රීඩකයා සහ වර්තමාන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ෆිල් සිමන්ස් ඉන්නවා.. ඔවුන් දෙදෙනා නිලකුණු පන්දුවාර 8 බැගින් ක්‍රියාත්මක කරලා තියෙනවා. මීට අමතරව නිලකුණු පන්දුවාර 6 බැගින් ක්‍රියාත්මක කරපු ක්‍රීඩකයන් දහසය දෙනෙක් ඉන්නවා.. මේ අතර ඉන්දීය ක්‍රීඩක kapil dev ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර නිලකුණු පන්දුවාර හයක් ක්‍රියාත්මක කරලා තියනවා.
ඉතින් ඊයේ දවසේ දී ක්‍රිස් වෝක්ස් පන්දුවාර පහක් ශ්‍රී ලංකාවට එරෙහිව නිලකුණු පන්දුවාර ක්‍රියාත්මක කළා. Joe Root තමන්ගේ එකසිය පනස් වන එක්දින තරඟයටත්, David Willey තමන්ගේ පනස් වන එක්දින තරගයට ක්‍රීඩා කළා.. ජෝ රූට් ඊයේ තමන්ගේ එක්දින ලකුණු හයදාස සීමාව ඉක්මවා යන්නට සමත් වුණා.. කුසල් ජනිත් තමන්ගේ එක්දින ලකුණු තුන්දහස සීමාව ඉක්මවා යන්නට ඊයේ සමත්වීම විශේෂත්වයක්..
ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ එක්දින ලකුණු වල එකතුව සහ ඔවුන් ක්‍රීඩා කළ තරගය සංඛ්‍යාවේ එකතුවට වඩා එංගලන්ත නායකයා ක්‍රීඩා කරපු තරඟ සංඛ්‍යාව සහ ඔහු ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව වැඩි වීම විශේෂත්වයක්. ඒ වගේම ඊයේ ශ්‍රී ලංකා ඉනිමේ දී කෙ.ජෙ.පී වනිදු හසරංග චාමික කරුණාරත්න සහ extra හැරෙන්නට වෙනත් කිසිවෙක් ලකුණු 10 සීමාව පසුකර යන්නට සමත් වුණේ නැහැ. ඉතින් මේ ක්‍රීඩකයන් අවබෝධ කරගන ඕනෙ තමන් ලකුණු දහයක් විස්සක් ලබා දෙන එක කණ්ඩායමට සෑහෙන්න වැදගත් .ලොකු ඉනිම් ක්‍රීඩා කළ යුතු නැහැ .ලකුණු දහයක් විස්සක් එකතු කළොත් ඒක කණ්ඩායමට ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඇත්තටම තරුණ කණ්ඩායමක් ක්‍රීඩා කරලා ඔවුන් එංගලන්තය හමුවේ ක්‍රීඩා කරපු ආකාරය සාපේක්ශව හොදයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් පිතිකරණයේ වෙච්ච ඒ වගේම පන්දු රැකීමේ වෙච්ච සහ කඩුලු අතරදී දිවීමේදී වුන අඩුපාඩු කතා කරලා හදා ගත්තොත් අපිට දෙවැනි තරගයේදී මීට වඩා හොඳ තරගයක් ලබා දීමේ හැකියාව තියනවා.. ශ්‍රී ලංකාව එංගලන්තයේ උතුරුකොණේ හිනැහි හිනැහි ඉඳලා දකුණු කොණ දක්වා කිලෝමීටර් 421 දුරක් ලන්ඩනයට එනවා දෙවැනි එක්දින තරගය ක්‍රීඩා කරන්න.. ඉතින් අපි බලමු මේ තරගයේදී මොනවාද වෙන්න ඕන වෙනස්කම් කියලා..
සටහන - CricVidu
0 Comments