සංචාරක ඉන්දීය එක්දින කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ඉරිදා (18දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ආරම්භවී තිබෙයි.
අද දින පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 9 ට ලකුණු 262ක් ලබාගන්නා ලදි.
තවම ඉන්දීය ඉනිම ආරම්භවූවා පමණි.
තරගාවලියට එක් වූ ඉන්දීය කණ්ඩායම දෙවන පෙළ කණ්ඩායමක් බව සඳහන් කරමින් ගෙවී ගිය සති දෙක පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දැඩිව විවේචනයට ලක්විය. ඉන්දීය කණ්ඩායම දෙවැනි පෙළ කණ්ඩායමක්ද, එසේත් නොමැතිනම් පළමු පෙළ කණ්ඩායමක්ද යන සංචාරය සඳහා පැමිණි ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවේද යන්න දැකබලා ගන්නට හැකිය.
තරගාවලියේ ප්‍රතිඵලය කුමක්ද වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම නියත වශයෙන්ම ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කළ යුතුය. එය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිය. එක්දින තරග තුනකට සහ පන්දු වාර විස්සයි20 තරග තුනකට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය ඉන්දීය තරග සංචාරයෙන් ඉවත් කර ඇත. එංගලන්ත තරගාවලියට පෙර ජෝර්ට් කටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ කුසල් ජනිත්තු නායකත්වය ලබාදුන්නේ තාවකාලිකව බවයි. එම තරගාවලිය අසාර්ථක නොවුණේ නම් ඉන්දීය තරග සංචාරයේ දී ද කුසල් ජනින්ට නායකත්වය හිමිවන්නට තිබුණි.
එහෙත් ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ගෙන් දැනගන්නට ලැබෙන්නේ කුසල් ජනින්ට නායකත්වය පීඩනයක් බවයි. මන්ද කුසල් ජනිත්ට නායකත්වයට අමතරව ආරම්භක පිතිකරු ලෙසින් සහ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසද කටයුතු කිරීමට සිදුවීම ඊට හේතුවයි. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ. එමෙන්ම ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා පළමු එක්දින තරගයට බොහෝ දුරට සහභාගි නොවනු ඇත. දසුන් ශානක මීට පෙර එනම් 2019 වර්ෂයේදී පාකිස්තානයේ පැවැති පන්දුවාර විස්සයි20 තරගාවලියේදී තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පන්දු වාර විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළේය.
එම තරගාවලියේ දී ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමින් 3-0ක් ලෙසින් පන්දුවාර විස්සයි20 තරගාවලිය පූර්ණ තරගාවලි ක් ලෙසින් අවසන් කරන්නට හැකිවිය. ඉන් අනතුරුව දසුන් නැවත වරක් බ.ඉ.කොදෙව් තරග සංචාරයේ දී පන්දු වාර විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙසින් නම් කළද ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ ගැටලුවක් හේතුවෙන් තරගාවලියට නායකත්වය දීමට අවස්ථාව නොලැබුණි. ඉන් පසුව අනිද්දා ආරම්භවීමට නියමිත එක්දින කණ්ඩායමේ නායකත්වය ඔහුට හිමිව තිබේ. ඒ අනුව දසුන් එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටුයුතු කරනු ලබන්නේ පළමු වරටය. මෙම සටහන තබන මොහොත වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් එක්දින සංචිතය නම් කර නොතිබුණද අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිදු හරග, අශේන්නේ බණ්ඩාර, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ඉසුරු උදාන, අකිල ධනංජය, ඕෂධ ප්‍රනාන්දු ඇතුළත් වනු ඇතැයි විශ්වාස කළ හැකිය.
මේ අතර එංගලන්ත තරගාවලියේදී අසාර්ථක වුණ පැතුම් නිශ්ශංකම සහ චරිත් අසලංකට තව තවත් අවස්ථාව ලබාදිය යුතු යැයි අප විශ්වාසයයි. එමෙන්ම අබාධයක් හේතුවෙන් එංගලන්ත තරග සංචාරයෙන් ඉවත් කළ අග්නි බණ්ඩාරද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් විය යුතුය යන්න අප විශ්වාසයයි. පසුපෙළ පිතිකරුවෙකු ලෙසින් දක්ෂතා දක්වන අශේන්, පන්දු රකින්නෙකු ලෙසින්ද කණ්ඩායමට අවශ්‍ය සහාය හොඳින්ම ලබාදෙන ක්‍රීඩකයෙකි. මේ අතර කුසල් පෙරේරා පළමු එක්දින තරගයට බොහෝ දුරට සහභාගි නොවන බැවින් ආරම්භක පිතිකරණ ස්ථානයට ඕෂද ප්‍රනාන්දු කැඳවීමට වැඩි අවස්ථාවක් පවතී. එමෙන්ම චරිත් අසලංකද ඉදිරිපෙළ පිතිකරුවෙකු බැවින් තේරීම් කමිටුවේ අවධානය ඔහු වෙතද යොමුවිය හැක. කෙසේ වෙතත් තවමත් අවසන් සංචිතය නම් කර නොමැති බැවින් මෙම ක්‍රීඩකයන්ගේ ස්ථානය වෙනස්වීමට අවස්ථාවක් නැතුවාම නොවේ. එහෙත් අප විශ්වාස කරන්නේ ඉහතින් සඳහන් කළ ක්‍රීඩකයන්ට අවස්ථාව දිය යුතු බවයි.
-දිනේෂ් මන්ත්රිවිතාන-
0 Comments