sri-lanka-loan

ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් හා චීනයෙන් මෙම ණය ලබාගැනීමට නියමිතය.
ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිහක්  ,බංගලිදේශයෙන් ඩොලර් කෝටි 25 ක්  ,චීනයෙන් ඩොලර් කෝටි 150 ක් ද ලබාගන්නට නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස
මෙය සිදු කරන බව වාර්තාවේ.
ඉන්දියාවෙන් හා බංගලි දේශයෙන් මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට නියමිත අතර චීනයෙන් ගන්නා ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .


මේ මාසය තුළ කල් පිරුණු විදේශ ණය ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට නියමිතව තිබියදී මෙම ණය ලබාගනී.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ දක්වා මේ වන විට අඩු වී ඇති අතර ,එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව රජය පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බවත්,විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්, ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකුව රජයට පෙන්වා දී ඇත.