susil-speaks

අධ්‍යාපන වැඩසටහන් විකාශය සඳහා සහාය දීමට එකම එක පොද්ගලික රූපවාහිනී නාලිකාවක්වත් කැමැති වූයේ නැතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවැසීය.  රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවැසුවේ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ප්‍රේමජයන්ත මහතා මෙසේද කීය.  විපක්‍ෂ නායකතුමා සඳහන් කළා රූපවාහිනී නාලිකා යොදාගෙන අධ්‍යාපනය කරන එක ගැන. මේ රාජ්‍ය අමාත්‍යාංශය මට පැවැරුණේ 2020 සැප්තැම්බර් මාසේ. සති දෙකක් ඇතුළත ජනමාධ්‍ය අමාත්‍යාගය ශ්‍රවණාගාරයට සියලුම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය කැඳෙව්වා. රැස්වීම් දෙකක් තිබ්බා.


රූපවාහිනී සංස්ථාව විතරයි එකඟ වුණේ රුපියල් 7,500ක් නාමික ගාස්තුවක් යටතේ.  රූපවාහිනී සංස්ථාවට නාමිකව ගෙවන මුදල ඇත්තටම ගෙවීමට සූදානම් වුණත් එකම එක පෞද්ගලික නාලිකාවක්වත් කැමැති වුණේ නෑ සහාය දෙන්න. එකම එක පෞද්ගලික නාලිකාවක් විතරක් සාමාන්‍ය පෙළ විභාගයට කලින් විභාග පුනරීක්ෂණ පාඨමාලා සඳහා පමණක් දවල්ට පැයක් ලබාදුන්නා. ඒ ඇර ගිය සතියේ තවත් පෞද්ගලික නාලිකාවක් සවස 5 සිට 6 දක්වා ගණිතය උගන්නන්න කැමැති වුණා. මේ දිනවල දින පහේදී 7, 8, 9, 10, 11 පෙරවරු 8 සිට 1 දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් යම්  ප්‍රමාණයක් සහාය වෙන්න නොමිලේ එකඟ වුණා. තුන හතර 3, 4, 5 පන්තිවලට තියෙන්නේ විෂයයන් 4යි. 6 සිට 11 දක්වා හර විෂයයන් හයයි උසස් පෙළ විෂය ධාරා 4යි වශයෙන් විෂයයන් 16 අපි සෂ්පාදනය කළා. ඔක්කොම 6,000 දක්වා. මේවා සම්පාදනය කළේ අපේ පාසල්වල ප්‍රවීණ ගුරුවරු.




3 සිට 13 දක්වා වර්ෂය පාඩම් අවසන් කරලා විෂය නිර්දේශයට අනුගතව වෙකල්පිත විෂයයන් සඳහා මේ වනවිට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අපේ ජාතික නාලිකාවල ජාතික වගකීමක් හැටියට විශාල අලාබයක් ලබමින් මේ කටයුත්ත කරනවා. දැන් අධ්‍යාපන ආයතනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ද සියලුම ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන් කැඳවලා තියෙනවා දුරස්ථභාවය ඇතිව. චැනල් 16 එක ශ්‍රේණියකට එක චැනල් එක ගානේ සැටලයිට්  ක්‍රමයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පිටගත කරලා සෑම පාඩමක්ම පෙරවරු 7.30 සිට 130 දක්වා පන්තියේ ඉගැන්වෙන ආකාරයට  මේවායින් විකාශනය කිරීමට අවශ්‍ය මූලික  කටයුතු අප අරඹලා තියෙන්නේ. ඔබතුමා බලන්න සමහර නාලිකාවල පරණ ටෙලිනාට්‍යවල Repeat Telecast යනවා. මම මේ | චැනල්වලට ආරාධනා කරනවා අඩුම තරම් දවසට පැය භාගයක් PT උගන්වන්න.


මම ආරාධනා කරනවා සියලුම විද්‍යුත්  නාලිකාවලට මේක ජාතික කර්තව්‍යයක් ලෙස  සලකලා ඇවිල්ලා අපට සහයෝගය දක්වන්න කියලා. අපි ජාතික වැඩසටහන් සකස් කරලා තියෙන්නේ. මාර්ගගත අධ්‍යාපනය කියලා  වෙනම ප්‍රතිපත්තියක් හදන්න බෑ. බැරි හේතුව  මොකද, අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තියක් වෙන්නේ නෑ. මොකද මාර්ගගත අධයාපනය කියන්නේ Blender Teaching Methodology එකක්. ගුරු ගෙදර අධ්‍යාපනික රුපවාහිනී වැඩසටහන රුපවාහිනී මාර්ගයෙන් සියයට අසූවක් අනුවක් ආවරණය වෙනවා.




විශේෂයෙන් ජාතික රුපවාහීනියේ. ඒ නිසා ඒක වැඩි වශයෙන්  යොදාගෙන තිබෙනවා. 2020 සැප්තැම්බර් මාසේ සිට මේ කටයුත්ත කරගෙන යනවා. එක වාරයකට Unit 15 නම් මේ වනවිට Unit 15 පටිගත කර අවසානයි. පාඩම් නැණස සැටලයිට් නාලිකා දෙකක් ඔස්සේ Repeat වෙනවා.  ඔබතුමාගේ තුන්වැනි ප්‍රශ්නය තමයි පාසල් ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරන මාර්ගගත අධ්‍යාපන ගැන. ඇත්ත වශයෙන්ම ගුරුවරු විශාල කාර්යභාරයක් කරනවා. ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන විය යුතුයි. ගුරුවරයා ගෙදර හිටියොත් එයාට පුළුවන් පරිශීලනය කරලා දැනුම වැඩි කරගන්න. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ ගුරුවරයා හා දරුවා අතරට සම්බන්ධතාව ඉතාම සමීපයි පාසලේදී පත්ති කාමරයේදී 1,2 ශ්‍රේණි තමයි සාක්ෂරතාවයේ පදනම. ඒ නිසා අපේ වැඩසටහන් හදලා තියෙනවා පෙරපාසලට. එක, දෙක ශ්‍රේණි සඳහා වැඩසටහන්. ඊළඟට තුන හතර, පහ. පසුව 6-9 ශ්‍රේණි සඳහා ඊළඟට 10, 11. පසුව 12 13 වශයෙන්. මේ වනවිටත් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රමුඛ පාසල්වල විදුහල්පතිවරු, විෂය අධ්‍යක්ෂවරුන්, ජාතික අධ්‍යාපනයේ අධ්‍යක්‍ෂවරුන් ඊළග වැඩසටහන් සඳහා සුදානම් වෙනවා.