පසුගියදා බවුන් වඩන්නට ගොස් සිටි බිරිය කැඳවා එන්නට ගිය සැමියකුගේ වාහනයට අලාබ හානි කළ බවට අහංගම තිත්තගල මෙත්බෝසෙවණ භාවනා අසපුවේ හිමිවරුන්ට චෝදනා එල්ල විය. එම අසපුවේ ලොකු හාමුදුරුවන් සමග කලකට ඉහත සිදු කර තිබූ සාකච්ඡාවක් පහතින් පළවේ.
අවසරයි අපේ හාමුදුරුවනේ මහණ වෙනවා කියන්නේ මාර ආතල් ජීවිතයක්නේ?
ඔව් ඒක ඥානවන්තයෙක්ට ආතල්ම එක තමයි මහණ වෙන එක.
මෙහෙමත් පූල් එකක් තියාගෙන එතනින් එහාට රට වටේ පේනවා තමන් කැමති තැනකින් කඩන් කන්න පුළුවන්.. දුක නිවන තැන කියන්නේ.. දුක නිවන තැන කියලා මෙච්චර සැපක් ගන්න එක මොකක්ද එක?
දුක නිවන තැන සැප ගන්නේ නැතුව වෙන කොහෙන්ද ගන්නේ.. දුක නිවනවා නම් සැපනේ. ඉතින් දුක නිවන තැන තමයි සැප ගන්නේ.
ඉතින් මේ සැප අපිට ගෙවල් වලත් ගන්න පුලුවන්නෙ?
ගෙවල් වල ගන්න ගියාම මිනිස්සු ඇවිලෙනවා.. අපි සැප ගත්තට අපි ඇවිලෙන්නේ නැහැ. අපි උපරිම සැප ගන්නවා නමුත් අපි දන්නවා ඇවිලෙන්නේ නැති විදියට අරගන්න.
over ගන්නවා කියන්නේ හවසට ගිහිල්ලා යාලුවොත් එක්ක අඩියක් දාගෙන?
නෑ දැන් මිනිස්සු අඩියක් ගහන්නේ ඇයි ? තියන ආතල් එක මදි උනාමනෙ.. ඉතින් අපිට මේ ගස්කොලන් මේ වතුර හුලග, ඒ ආතල් එක ගන්න දන්නේ නැති මිනිස්සු තමයි බොන්නේ. drugs ගන්නෙ. ඉතින් අපිට ඒවා අවශ්‍ය නැහැ. මොකද drugs වලට වඩා ආතල් එකක් මේකෙන් අපි ගන්නවා.
බූට් එකක් කාලා ද මහණ වුනේ?
බූට් එකක් කාලා නෙමෙයි මහණ වුනේ.. පොතක් කියෙව්වා. උදේ කියෙව්වා හවස මහණ වෙන්න ගියා.
අවුරුදු කීයෙන්ද ඔබ මහන වෙන්නේ?
මම අවුරුදු විස්සයි මහන වෙද්දි.
ඒ කියන්නේ අවුරුදු දහනමයක් ගත්ත කිසිම දෙයක් ඒකට යොදා ගත්තේ නෑ .අර පොත විතරයි හේතුව.
තව එය අවස්ථාවට අනුරූපව අවසානයේ දේවල් හේතු වෙන්න ඇති. මොකද මට මහණ වෙන්න අයිඩියා එකක් තිබුණේ නැහැනේ. ඒ පොත තමයි මට අයිඩියා එකක් දුන්නෙ මහණ වෙන්න.
ඇයි දැන් මෙච්චර ඔබවහන්සේට ගොල හිමියෝ දෙසීයක්?
මෙහෙ ඉන්නවා තිහක් විතර.. ලංකාව පුරා ඉතින් මගේ දේශනා අහලා මහණ වෙච්ච අය දෙසියට වැඩි. ගොඩක් පිටරට අය අහනවා දේශනා.
ඉතින් දෙසීයක් මෙහෙම මහන කරලා.. තාම ඇයි දන්නෙ නැත්තෙ මේ මුහුණ ලංකාවේ අය?
ඒක මෙහෙමයි ඉතිං මට එහෙම මූණ දාගන්න එච්චර උවමනාවක් තිබ්බෙ නැහැ. ඒ දේශනා අහපු කට්ටිය මාව දන්නවා.. ඉතින් දේශනා අහපු නැති අය මං ගැන දන්නෙ නෑ.
මෙතන අක්කර විස්සක් විතර තියෙනවා?
ඔව්.
ආදායම එහෙම කොහොමද?
ආදායම කියන ඒක අපේ අර ඉන්නවා එකවුන්ට් බලන හාමුදුරුවෝ කෙනෙක්.. එයාගෙන් තමයි අහන්න ඕන එයා එක බලනවා ඒ මාස 12ටම එන ආදායම ,වියදම මම නම් ඇත්තටම දන්නේ නැහැ එක. මම හිතන්නේ මිලියන ගානක් වෙන්න පුළුවන්.
මිලියන ගාණක අයිතිකාරයෙක් තමයි මේ ඉන්නේ ඉතිං...
ඔව්..
කොයි වගේ සතුටත් තියෙනවද තමන්ට මෙච්චර ධනයක් තියෙනවා කියනකොට?
ධනයෙන් සතුටු වෙන්න මට අවශ්‍ය නැ. මොකද මම දන්න වත් ධනයෙ ඒ සතුට නැහැ කියලා. ධනයේ සතුට තියෙනවා නම් ධනවත් හැම මනුස්සයෙක්ම සතුටු වෙන්න ඕනේ.
ධනය තුළ සතුට තියෙනවා අපේ හාමුදුරුවනේ? ධනය නැත්නම් කොහොමද swimming pool එකක් හදන්නේ?
ධනයෙන් swimming pool හදන්න පුළුවන්. සතුට හදන්න බෑනේ. ඔයාට පුලුවන්ද දැන් කෝටි 50ක් දුන්නොත් සතුටින් ඉන්න. ඔයාට ගෙවල් හදාගෙන swimming pool හදාගෙන තව අපි කියමු දේවල් බලයක් ඇති කර ගත්තා කියලා.. ඒත් පුළුවන්ද මනසින් සතුටින් ඉන්න.. ඒ නිසා භෞතික දේවල් වලින් සතුටට කවුරුහරි පත්වෙන්න ගියොත් ඒ මනුස්සයා විනාශ වෙනවා. අපිට ජීවිතේ පරිහරණය සඳහා භෞතික දේවල් අවශ්‍යයි. කවුරුහරි භෞතික දේවල් වලින් සතුට හොයනවනම් ඒ මනුස්සයා හරි මෝඩයෙක්. හැබැයි මම කියන්නෙ දැන් ඔයාට denim ඕනේ ,මට සිවුරක් ඕනේ එතකොට ඔයාට නාන්නත් ඕන, මට නාන්නත් ඕනේ. ඉතින් ඒ දේවල් පරිහරණය සඳහා අපි ඉපදිච්ච දවසේ ඉඳල මැරෙනකන්ම මනුස්සයෙක්ට අවශ්‍ය වෙනවා. නමුත් ඒ දේවල් තුළින් මනුස්සයෙක් සතුටු හෙව්වොත් භෞතික දේවල් හරහා එයාට ගොඩක් කරදර වලට පැටලෙන්න වෙනවා.
ඔබ වහන්සේ බණ කියන කොටස් දෙකයි. වැඩියෙන්ම මොලේ තියන අය හොඳම ඥානවන්තයෝ.. එතනින් එහාට සාමාන්‍ය කෙනෙකුට ජීවිතේ ගොඩයන්න උගන්නනවා?
ඔව් දෙකම මම උගන්නනවා.
ඒත් දෙවනිය ගැන කතා කරමු ඒ උගන්නන්නේ සතුටින් ඉන්නනේ?
ඒ උගන්නන්න සතුටින් ඉන්නවට වඩා තමන්ගෙ දුක ඇතිවෙන්නේ කොහොමද කියලා හේතු ටික පහදන එක.. තමන් දන්නවා නම් තමන්ගේ මනස දුකට පත් වෙන විදිය ඒකට හේතුව එයාට නිකංම සතුට ලැබෙනවා.
මහන නොවී රහත් වෙන්න පුළුවන්ද?
මහන නොවී රහත් වෙච්ච ලෝකේ ඉන්නවා..
ලංකාවේ ඇතුල මේ වෙලාවේ?
ඒක කියන්න බෑ මට එහෙම හම්බ වෙලා නැහැ.
ඔබ වහන්සේ තවත් ගුරු ගෝල හිමිවරුන්ට කරන්නේ තමන්ගේ දහම ගැන. බුදු හාමුදුරුවෝගෙන් මොනව හරි වැරදි දෙයක් අල්ලගෙන තමන්ගෙ ගමනක් ද යන්නේ?
බුදු හාමුදුරුවෝ අපි දෙන්නටම හම්බවෙලා නෑනේ.. දුහාමුදුරුවෝ කිව්වයි කියලා පොත්පත්වල තියෙනවා නමුත් අපි දෙන්නටම හම්බවෙලා නැහැ. මගේ හිත හදාගත්ත විදියත් මගේ හිත නිවා ගත්ත විදියත් මගේ එක්ස්පීරියන්ස් මං ඒගොල්ලොන්ට උගන්වන්නේ නැහැ. මම ඒගොල්ලන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ඉගෙන ගන්න හරිනවා.
ඒ කියන්නේ බෞද්ධ දර්ශනය වැරද තියෙනවා බුදු හාමුදුරුවන්ගේ චරිතය බොරුවක් කියලද බ වහන්සේ කියන්නේ?
මම එහෙම කියන්නේ නෑ. අපි ඒවා විශ්ලේෂණය කරලා ගන්න ඕනි.
දැක්කෙ නෑ කියන එක තුළ නැද්ද ?
ඕනම වචනයක් දෙපැත්තකට මනුස්සයෙක්ට ගන්න පුළුවන්.. අපි හොඳයි කියලා කිව්වොත් එයා කියන්න පුළුවන් එයා හොඳයි කිව්වේ නෝන්ඩි කරන්න හොඳයි කිව්වා.. නැත්නම් මෙයා හොඳයි කිව්වේ නෑ අවංකවමයි කිව්වේ.. ඒක දකින කෙනාට ඕන වචනත් දෙපැත්තකට ගන්න පුලුවන්. ඉතින් මම කියන්නේ ඒක තුළ එහෙම ගන්න බෑ .මම හැමතිස්සෙම කියන්නෙ ඒ පිළිබඳව මම මධ්‍යස්ථයි. මොකද අපි ඉඳලා නෑ බුදුහාමුදුරුවො ජීවමාන කාලේ.. අපිට තොරතුරු තියෙනවා ත්‍රිපිටකයේ. ලිඛිත තොරතුරු අපි එවා විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණය කරලා දෙයක් දිහා බලන්න තමයි මම පුරුදු වෙලා ඉන්නේ. බුදු හාමුදුරුවෝ තමයි ඒ පොත්වල කාලානු සූත්‍රයේ වගේ එක හරියට විශ්ලේෂකයට තමයි මුල්තැන දුන්නා කියල ඒ සඳහන් වෙන්නේ..
ඔබ වහන්සේ රහත් වෙලාද?
මම ඔහුට උත්තරයක් දෙන්න ඕනේ. ඊයෙ මම දැක්කා ඉරාජ් අහල තියෙනවා මෙහෙනින් වහන්සේ රහත් ද කියලා? එතකොට රහත් කිව්වා. සමන්ත භද්‍ර හාමුදුරුවෝ රහත් කිව්වා. දැන් අපි ඉස්සෙල්ලම මේක අහන හැමෝම මේ රහත් කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. රහත් කියන්නේ මේ ජීවිතය තියෙන මුලාවක් .අපි හැමෝම මේ මුලාවක් තුළ ජීවත් වෙන්නේ. මිනිස්සු එක ඇත්තේ කියලා හිතාගෙන ඉන්නේ ඒ මුලාව පරිපූර්ණ අවබෝධ කරගත්තොත් මනුස්සයෙක්ගේ හිතට නිදහසක් එනවා. ඒක තමයි රහත් කියලා කියන්නේ. ඉතින් මම මුලාව පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ඉන්නෙ.
මම මුලාව පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා කියන්නේ ඔබ වහන්සේ නොකියා කියන්න රහත්වෙලා කියලද?
ඔව් ඒක නම් රහත් කියන්නේ මම රහත්.
ඉතිං ගොඩක් අය කියනවානේ මම රහත් වෙලා කියලා කිසිම තැනක කියන්නේ නෑ කියලා රහතුන් වහන්සේලා?
මම එතකොට ඒයලාගෙන් ප්‍රශ්නයක් අහනවා රහතන් වහන්සේලා කියන්නේ නැත්නම් මිහිඳු හාමුදුරුවෝ රහතුන් කියලා මිනිස්සු කියන්නේ කොහොමද? මිහිඳු මහරහතන් වහන්සේ එයාගේ රහත් බව ලෝකෙට කිව්වේ නැත්නම් අපි කොහොමද දන්නෙ රහත් කියලා? ඊළඟට දැන් මලියදේව මහරහතන් වහන්සේ රහත් කියනවානේ.. එතකොට එයා කිව්වෙ නැත්නම් එයා රහත් කියලා අනිත් මිනිස්සු කොහොමද ඒක දන්නේ?
අනිවාර්යෙන්ම කියන්න ඕනේද තමන් රහත් නම්?
දැන් ගෞතම බුදුහාමුදුරුවෝනෙ පළවෙනි රහතන් වහන්සේ. උන් වහන්සේ කිව්වේ නැත්නම් අපි කොහොමද දන්නෙ. කියන්නම ඕන කියලා එකක් නැහැ.. ඒක මේ වගේ.. ඔයා අන්ධකාරේ ඉන්නවා. ඔයා පහනක් පත්තු කර ගන්නවා මහන්සිවෙලා ඒ අන්දකාරෙට. ඒකනෙ ඔයාට ආලෝකය ලැබෙනවා. ඔයා ගිහිල්ලා එක කොහේ හරි හංගනවා ද ?අනිත් අයටත් එළිය බලාගන්න කොහේ හරි එල්ලනවද?
මෙහෙමයි ඉතින් මම එළිය දැක්කා නම් අනිත් අයත් එළිය දැක්කට ප්‍රශ්නයක් නෑනේ..
ඉතින් ඒක තමයි මම යම් එළියක් දැම්ම ජීවිතයේදී මම ගවේෂණය කරලා. ඉතින් මමත් ඒ පහණ ඒල්ලලා තියනවා කැමති කෙනෙක්ට ඒක ඇවිල්ලා පහනෙන් පිච්චෙන්න පුළුවන් පළැගැටිෙයක් වගේ. කැමති කෙනෙක්ට ආලෝකයෙන් වැඩක් කරගන්න පුළුවන්.
ඉතින් ඔය එන කෙනෙක් මීට වඩා එහායින් ගියපු තව ආලෝකයක් හොයාගන්නවා. ඊරිසියාවක් එහෙම ඇති වෙනවාද?
ඉරිසියාව මට ඇතිවෙනවා. ඉරිසියාව ගැන හැඟීමක්.. ඉතින් ඉරිසියාව ඇති වෙනවා. ඒ උනාට වීමුක්තියට කවුරුහරි පත්වුණා කියලා ඒ හැඟීම ඇති වූනා කියල මට ඒක ප්‍රශ්නයක් නැහැ.
මෙහෙම හිතමු ඔබ වහන්සේගේම ගෝළයෙක් ඔබවහන්සේ ඉන්න 200 යෙන් 195ක් කඩාගෙන ගිහිල්ලා තනියම නැගිටින්න පටන් ගන්නවා?
ඉතින් මට මොකද මට හරි ලේසියි නේ ඒක ඉරිසියාවක් නෑ මට හරිම ලේසියි.
ඉරිසියාව කියන හැඟීමත් නැද්ද?
ඒක කියන්න බෑනෙ එක තාම වුණේ නෑනේ..
දැන් රහතන් වහන්සේ කෙනෙක්ට ඉරිසියාව ඇති වෙනවාද?
ඔව් ඉරිසියාව ,තරහ,රාගය හැම එකක්ම රහතන් වහන්සේලාට ඇති වෙනවා.
ඒ ගැන ඔබ වහන්සේටත් එහෙම ඇති වෙන්න ඉඩ තියෙනවා?
ඔව් ඇති වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔයා අහන්න ඕන තව ප්‍රශ්නයක් නැත්නම් මිනිසුන්ට වැරදි අදහසක් යනවා.. ඔහොම කතාවක් මිනිස්සු අහල නෑනෙ රහතන් වහන්සේට එහෙම හැඟීම් ඇතිවෙනවා කියලා. හැඟීම් ඇතිවෙනවා නමුත් ඒ හැඟීම් එක බැඳීමක් නැහැ. ඒක ටිකක් ගැඹුරු වචනයක්. දැන් සාමාන්‍ය මනුස්සයෙක්ගෙයි රහතන් වහන්සේගේ තියෙන වෙනස් ඒක. සාමාන්‍ය මනුස්සයෙක් හැඟීම් එක්ක බැඳීමක් ඇති වෙනවා. එයාට එතකොට ඒක ඔස්සේ මනස අරන් යනවා. හැබැයි රහතන් වහන්සේටත් ඒ හැඟීම ඒ විදියටම ඇතිවෙනවා. නමුත් ඒ බැඳීම කියන එක නෑ. ශ්රන්යතාවයට පත් වෙනවා.
ඔබ වහන්සේට කාන්තාවන් ගැන ආසාවන් එහෙම ඇති වෙනවාද?
ඔව් ආසාව කියන්නේ මොකක්ද? හැඟීම් ඉතින් ඇති වෙනවා.
ඉතින් අපි සිවුර ගැන මහණ දිවියට එන්නේ එක නැති කරලනේ?
මමත් ආවෙ මහණ දිවියට ඒක නැති කරගන්න තමයි. ඒක නැති කරගත්ත කෙනෙක් මේ ලෝකෙ නැහැ. එක එක්කෙනාට ඇතිවෙන ආසාවන් විවිධාකාරයි. සමහරවිට කොල්ලෙක්ට ඇති වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට කාන්තාවකට ඇති වෙන්න පුළුවන්. ඒක රුචි අරුචිකම් වල වෙනස්නේ. ඉතින් එක එය හැඟීම් ඇතිවෙනවා .ඒ හැඟීම් නැති වුණාට ඒ හැඟීම් වලට මගේ මනස කළඹන්න බැහැ. දැන් මේ ලෝකෙ තියෙනවනේ drugs. .ඒක අපිට කොච්චර බීපු අය කිව්වත් ඒක අපිට දැනෙන්නෙ නැහැනේ. එතකොට ඒක බීලම බලන්න ඕනේ .මම කියන්නේ ඒවගේ ලෙවල් එකක්.ඒක සම්පූර්ණයෙන්ම ප්රත්යක්ෂ කරලම බලන්න ඕනේ. නැතුව කොච්චර කතා කලත් එයාට ෆීලින් එක් එන්නෙ නෑ. ඇවිල්ල විතරක් බැලුවට බෑ ඇවිල්ල කියන දේ කරලා තමන් තුලින් දකින්න ඕන. දැන් මේ වතුර තියනවනේ දැන් මේක සීතලයි සීතලයි කියල කොච්චර කිව්වත් කවුරු හරි මේකට අත දාලම බලන්න ඕනේ. එතකොට ඔයාටත් මේකට අත දැම්මම තමයි මේක ෆීලින් එක දැනෙන්නේ. ඒ වගේ එකක් තමයි වෙන්නේ. ජීවිතයේ රහත් එනවා කියන්නේ ඒක තමයි ලොකුම risk එක තියෙන්නෙ. ඇයි ඒ? මොකක්ද risk එක තමන්ට තමන්ගෙ තියෙන සියලු දේවල් අහිමි වෙනවා.. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වුණා කියනවානේ.. දැන් අපි එක විශ්වාස කරනවානේ. ඒ බුදු වුණාම එයාට මොකද්ද වෙන්නේ සියලු දේවල් අහිමි වෙනවා..
අහිමි වුණේ නෑ.. දැන් අපි මෙහෙම හිතමු එදා තිබ්බ මාලිගා වගේ ඒ පහසුකම් ටික තිබ්බා හැබැයි බුදුරජාණන් වහන්සේ වනයක හරි ජීවත් වෙන්න පුළුවන් තරමට හිතේ ශක්තිය තිබ්බා?
නෑ. ඒක නෙමේ අහිමි වෙනවා කියන්නේ..දැන් මෙතන පූල් එකක් තියෙනවා අර හි චෛත්‍යක් හදනවා අතන පාලමක් හදනවා. මං මේ හදන්නේ අහිමි වෙනවා කියන එක තේරුම් කරන්න එක හැමෝටම වැදගත් වෙනවා. දැන් ඔයාගේ ගෙදර තියනවානේ ඔයා කුරුණෑගලනේ. දැන් මේ මොහොතේ ඔයාගේ ගෙදර තියෙනවද නැද්ද?
මේ මොහොතේ මෙතැන නෑ. හැබැයි එතන තියෙනවා.
එ කොහොමද ඔයා එතන තියෙනවා කියලා ඔයාට පේනවද?
නෑ පේන්නේ නෑ.
එහෙනම් දැන් ඔයා එතන තියෙනවා කියලා කිව්වේ කොහොමද?
විශ්වාසයෙන්..
අන්න ඒ වගේ ඒවගේ මිනිසුන් තුළ මේ අල්ලා ගැනීම් මමත්වය වෙන්න පුළුවන් භෞතිකය වෙන්න පුළුවන් එළිය නැහැ. ඔක්කොම තියෙන්නෙ කොහෙද ඔළුවේ. එතකොට රහත් කියන්නේ මේ එළියෙන් නිදහස් වෙන එක නෙමෙයි ඔලුවෙන් නිදහස් වෙන එක. දැන් ඔයාට මේ මොහොතේ කුරුණෑගල ගෙයක් තියෙනවාද කියලා කියන්නත් බෑ නැද්ද කියන්නත් බෑ. ඇයි ඔයා තියෙනවා කිව්වට නැති වෙන්න පුළුවන් නැහැ කිව්වොත් තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රඥාවන්ත මනුස්සයෙක්ට එකට උත්තර දෙන්න බැහැ . ඒ උනාට අපිට කියනවා මට කොට්ටාවේ පන්සලක් තියෙනවා. ඒක මම කියන්නේ මම දැකලා නෙමේ මගේ ඔළුවේ තියෙන එක දැකලා. ඔළුවේ තියෙන කල්පනාව, පරිකල්පනය imagination කියන එක. එතකොට රහෙතක් නිදහස් වෙන්නේ භෞතිකයෙන් නෙමෙයි imagination එකෙන්.
ඔබ වහන්සේට අහසින් වඩින පුලුවන්ද?
අහසින් වඩින පුළුවන් පැරශුට් එකක් දුන්නොත් හෙලිකොප්ටරයක් දුන්නොත් මට වඩින්න පුළුවන්.
රහතන් වහන්සේ වුණා කියලා බැරිද නිකං මෙතන නැතිවෙලා වෙන තැනක මැවෙන්න?
මෙහෙමයි ඒකට මම ඕන නෑනේ.. අර ලෝකෙ තියෙනවා මැජික් කියලා එකක් තියෙනවා. ඉතිං කාට හරි මැජික් ඉගෙන ගත්තොත් ගොඩක් කාලයක් එයාට පුළුවන් අනිත් මිනිස්සුන්ට පේන්න ආසින් යන්න. ඇත්තටම යන්නෙ නෑ. it is magic. .එදා බුදු හාමුදුරුවන්ගේ කාලෙ අද උනත් හෙට වුණත් එහෙම කාටවත් භෞතික ශරීරය උඩින් ගෙනියන්න බැහැ.. ඒක මැජික් එකෙන් අනිත් අයට පෙන්නන්න පුළුවන්.
තමන්ගෙ මහන දිවියෙ තමන්ට ඉන්න හොඳම තරහකාරයා කවුද?
හොඳම යාළුවෙක් නෑනෙ.. ඒ නිසා හොඳම තරහකාරයෙක් නෑ.. මට ජීවිතයේ හොඳම යාලුවෝ නෑ හොඳම තරහ කාරයොත් නෑ.
දැන් මේක බලන කාට හරි හිතෙනව අම්මටසිරි මේ කියන්නේ සුපිරි මාර සැපක් තියෙනවා මේ පන්සලේ මේ පන්සලට ගියොත් එහෙම.. හෙන ආතල් .මහණ වෙන එක පැත්තක තියලා සතියක විතර ෆන් එකක් අරන් එන්න ඕනේ. මටත් හිතුනා ටිකක්.. තව කාටහරි එහෙම හිතුණොත් මොකද කරන්නේ?
එන්න උදේ හතරෙ ඉඳලා ආතල් තියෙනවා රෑ නමය වෙනකන්ම. උදේ හතරට මෙහෙ අපේ තියනවා සාමාන්‍යයෙන් මෙහෙ පුහුණු වෙන කට්ටිය ඉන්නවා ස්වාමීන් වහන්සේලා තරුණ ළමයි.. දැන් අපි ඇවිල්ලා දවසක් දෙකක් එයා කැමති විදියට ඉන්න දෙනවා.. එකපාරටම අපේ එකට ගන්නෙ නෑ. ඕනනම් ග්‍රවුන්ඩ් එක අර තියෙනවා ,සෙල්ලම් කරන්න පුළුවන් ,මුහුද තියෙනවා නාන්න පුළුවන්, පූල් එක තියෙනවා. හැබැයි දෙක පනිනකොට මෙහෙ තියෙන වැඩ පිළිවෙළක්.. ඒ තමයි උදේ හතරට නැගිටින්න ඔන. පහට බුදුන් වදින්න ඒන්න ඔන.. ඒවා බලනවා මෙහෙ ඉන්න ස්වාමින්ලා.. ඊළඟට මෙහෙ තියෙනවා දෛනික පිරිසුදු කරන හැටි.. ඒක හැමදාම ලොකු ඒරියා එකක් පිරිසුදු කරනවා. ඊට පස්සේ මෙහෙ තියෙනවා දානය සකස් කරගැනීම එතකොට ඒවට උදව් වෙන්න ඕනේ.
ඒ කියන්නේ දානයත් ගමෙන් ලැබෙනවා අඩුයි ද?
දාන්න ලැබෙන්නේ නැහැ ඇත්තටම ගමෙන්.
ගම ඇරියස් ද ඒ කියන්නේ?
කෝ ගම ඇරියස්. ඇරියස් කියන්නේ මෙහෙමයි ගම දැන් නිව්ටල්. මුලින් ඇරියස්. දැන් කාලයක් ගිහිල්ලා නිව්ටල්. ලෝකෙ දැන් හැම තිස්සෙම තියෙනනෙ බෙල් කව් එකක්. ඒ කියන්නේ අද ඇරියස් හෙට වඳිනවා ආයිත් ඇරියස් එහෙමයි.. ඉතින් ඒක වෙන්න එපැයි. ඒ දෙක එහෙම උඩ පහත යනවා. ඉතින් ඒ දිහා අපි බලාගෙන ඉන්නවා.
දානෙ තමන් විසින්ම හදා ගන්නවා?
ඔව්..
පිණ්ඩපාත?
පිණ්ඩපාතේ මෙහෙ අපි සතියට දවස් දෙකක් තුනක් පිණ්ඩපාතේ වඩිනවා එතකොට. කොරොන කාලේ අපි එක නතර කළා මේ රටේ නීති ඒක්ක.. දැන් අපි මේ සතියේ අපි ඒක පටන් ගන්නවා.
කන්න කොහෙන්ද කෑම මස් මාළු එහෙම ගේනවද පිටින්?
මෙහෙ ඉන්නවා උයන්න තුන් හතර දෙනෙක් ළමයි ඉන්නවා.. එයා අපෙන් අහල අපිට අවශ්‍ය දේවල් එයා සකස් කරනවා.
ඒ කියන්නේ මස් මාළු කනවා බොනවා?
මස් මාලු මෙහෙමයි මගේ ඇත්තටම ජීවිතේ ගත්ත මම මස් මළුවට ලොකු රුචිකත්වයක් නැහැ. මම අවුරුදු විස්සක් කුකුල් මස් වත් කාලා නෑ. අපේ ගෙදර එහෙම පරිසරයක් තිබ්බේ. මස් මාළු හාල්මැස්සෙක් වත් උයන්නේ නැහැ. ඉතින් මට එකේ මට ඒක ශරීරයට හුරු නැහැ. ඉතිං නමුත් කවුරුහරි ගෙනල්ලා දුන්නොත් මම සාමාන්‍යයෙන් හොඳි ටිකක් ගන්නවා. එහෙම කනවා.. මෙහෙ ඉන්න වැටින් සමහර අයට උපතින්ම එම කාල පුරුදුයි .ඒගොල්ලොන්ට කවුරුහරි ගෙනල්ලා දුන්නොත් දැන් මස් දහයක් තියෙනවනේ විනයපිටකයෙ එපායි කියලා. ඕන මසක් කන්න පුළුවන්. මමත් ඉතින් ඒ ඕන දේ රස බලනවා.
දහයක් එපා කියන්නයි සමහර ඒවා හොඳ වෙන්නයි හේතුව හැමෝගෙම ජීවිතේ එක වටිනාකමක් නැද්ද?
නෑ ඒ දහයම එපා කියන්න හේතු තියෙනවා.. මම ඔන්න ඒකක් කියන්නම්. එකක් කිව්වොත් විනය පිටකය කවුරුහරි පරිශීලනය කරොත් නයි මස් කන්න එපා කියලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ කාෙල් භික්ෂූන් වහන්සේලා ඉඳලා තියෙනවා වනාන්තර ප්‍රදේශයක පිණ්ඩපාත යන්නේ. ඒ ප්‍රදේශය මිනිස්සු නයි මරලා කනවා. චීනෙ වගේ. ඉතින් නයි කඩල කඩලා පූජා කරනවා. ඊට පස්සේ එයාලගේ දහඩිය ගදත් එක්ක ඒ ආහාරය ශරීරයට ගියාම දහඩිය ගදත් එක්ක නයි ඇවිල්ල දෂ්ඨ කරනවා. ඊට පස්සේ භික්ෂූන්වහන්සේලා මැරෙනවා. ඊට පස්සේ බුදු හාමුදුරුවොන්ට ඕක ආරංචි වුණාම කියනවා එහෙනම් ඒ නයි මස් කන්න එපා .සිංහයාටත් එහෙමයි .අලියටත් එහෙමයි .ඉතින් ඒකෙ තියෙනවා අපි කෑම කන්න එක තමයි අපේ දඩියට ලුණුත් එක්ක එකතු වෙනවානේ. ඒක එතකොට වටේ ඉන්න සත්තුන්ට එයාගේ ගණයට එක දැනෙනවා. ඒක නිසා තමයි එක තහනම් කරලා තියෙන්නෙ එහෙම නැතුව විශේෂ හේතුවක් නැහැ.
ඒ කියන්නේ මොකක් හරි මස් වර්ගයක් කෑවට ප්‍රශ්නයක් නැහැ?
එක ත්‍රිපිටකය විශ්ලේෂණය කරලා බැලුවොත් තියෙනවා බුදු හාමුදුරුවෝ ලිහිණි මස් වැළදුවා, ඌරු මස් වැළඳුවා. ඒව තියෙනවා ඉතින් . බුද්ධ දර්ශනයයි කෑමයි කියන්නේ දෙකක්.. දැන් මේ බුද්ධ දර්ශන ප්‍රඥාවත් eskimo කෙනෙක්ට උනත් භාවිතා කරලා දුකින් නිදහස් වෙන්න පුළුවන්. දැන් eskimo වරුන්ට අපි කොහොමද තණකොළ වවාගෙන කන්න කියන්නද. එතකොට මේ බුද්ධ දර්ශනය ගොඩක් හායිය එකක්. ඒක කෑමත් එක ලොකුට සම්බන්ධ වෙන්නේ නෑ. ඒක ධීවරයෙක් වුනත් එයා ඥානවන්ත නම් ඒ එයාට ඒ දර්ශනයෙන් ගොඩ යන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම දන්නවද ඉන්දියාවේ ලොකුවටම මස් මාලු නොකා හිටපු කෙනා ජෛන මහා වීර. එයා මස් මාලු නොකන විතරක් නෙමෙයි පාරවත් ඇවිදින්නේ නෑ පිහි දාන්නෙ නැත්නම්. මොනර පිල් කළඹකින් පිහි දැම්මොත් විතරයි එයා අඩිය තියන්නේ. එච්චර අවිහිංසා වාදී. බුදු දහම පරම අවිහිංසාවාදී නෑ බුදු දහම යථාර්ථවාදී.
ඊළඟ පාර ඡන්දෙට එහෙම එන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මං මේ ජීවිතේ කවදාවත් දේශපාලනය කරන්නේ නැ. හැබැයි මම මෙහෙම කරනවා දේශපාලනයට අවශ්‍ය චරිත දැක්කොත් ඒගොල්ලො හදනවා. මම රජුන් හදනවා. මට පේනවා සමහර තරුණ ළමයි දැක්කහම එයා අවංකයි මානවවාදී වෙන්න ඕනේ. ඉගෙනගත් එක නෙමේ මම බලන්නේ. ඒයා මිනිස්සුන්ට ආදරෙයි ද සත්තුන්ට ආදරෙයි ද ගහ කොළට ආදරෙයි ද මම කියන්නේ ඒ වගේ අයට යම්කිසි ඉගෙන ගන්න හැකියාවක් යමක් පනතක් කියවගන්න ඒ වගේ හැකියාවකුත් තියෙනව ද .හැකියාව තියේ නම් එයාට එයත් කැමතිනම් මිනිස්සුන්ට උදව් කරන්න මම ඒයව පුශ් කරනවා ඒ වගේ තැනකට. මම කවදාවත් දේශපාලනය කරන්න ඒක මගේ නෙමෙයි. ඒක මට අදාළ නෑ .ඒක මට වැඩකුත් නෑ .
මොකද ගෞතම බුදුහාමුදුරුවෝ රජ ගෙදර අතෑරලා ගිහිල්ලනේ මෙතනට ආවෙ.. එතකොට මම අයිත් යන්න දඟලනවා ඒ කියන්නේ මම සම්පූර්ණ පටහැනි දෙයක්නේ කරන්නේ.. ඉතින් මම ඉන්න කාලේ මම කොහොමත් ඉන්න තැන ලස්සන දිව්‍ය ලෝකයක් වගේ හදාගෙන ඉන්නවා. මට ඒ වගේ දක්ෂ මානවවාදී මනුස්සයෙක් දැක්කොත් මට එයාට දෙන්න පුළුවන් මගෙ සහයෝගය මගේ දර්ශනය මගේ උපදෙස් ,ඒයට තව කාගේ හරි දෙන්න තියෙනවා නම් ලෝකෙ ඉන්න ඉංජිනේරුවරු, මහාචාර්යවරු වෛද්‍යවරු, මම ගොඩක් අඳුරනවා.. ඒගොල්ලොන්ගෙ සහයෝගය මං එයාට අරන් දෙනවා. හැබැයි මම එක දවසින් දැක්ක ගමන් තීරණය කරන්නේ නෑ. මම එයාගේ වැඩ පිළිවෙල බලලා එහෙම අයට මම දැනුත් ඒ වගේ අයට දැන් ඉඳලා උපදෙස් දෙනවා.. මම කියනවා දැන් ඡන්දෙ ඉල්ලන්න එපා. යන්න ඒ වගේ ගම් වලට යන්න. ඒ ප්‍රදේශවලට ඔයාගේ වැඩේ කරන්න. ඊට පස්සේ ඔයාට නිකංම ඡන්දෙදි. ඔයාව නිකම් ඒතනට අරගෙන යයි.
මොනවද අවසාන වශයෙන් මිනිස්සුන්ට කියන්න තියෙන්නෙ?
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් ඔයා ඇහුවානේ මම රහත් ද කියලා. මම ඒකට යම් උත්තරයක් දුන්නා. තව කවුරුහරි රහත් ද කියලා ඇහුවොත් ඒගොල්ලොත් උත්තර දෙයි.මම කියන්නේ එවා පිළි ගන්නත් එපා, ඒවා ප්‍රතික්ෂේප කරන්නත් එපා. අපි කියන හැම කරුණක් ගැනම මධ්‍යස්ථව ඉන්න. දැන් මම අර ගම ගැන කිව්වනේ මම කියන්නේ පුළුවන්නම් ගිහිල්ලා බලන්න ඉස්සෙල්ල බලල උදව් කරන්න. ඉස්සෙල්ලම විවෘත මනසක් හදාගන්න. අපේ ලංකාවේ ගොඩක් මිනිස්සු විවෘත මනසක් නෑ. එකපාර රිජෙක්ට් කරනවා. එකපාර බදාගන්නවා. ඔය දෙකම වැරදියි .මිනිස්සු open වෙන්න දෙයක් දිහා බලාගෙන ඉන්න ඉවසන්න තීරණ ගන්න. දැන් මෙතන පූල් එකක් පෙන්නුවා ඒ ගැන වැරදියට හිතන්න අයිති ඔයාට තියෙනවා. හරි කියලා හිතන්නත් අයිතිය ඔයාට තියෙනවා .මම කියන්නෙ ඒ දෙකටම යන්න එපා මධ්‍යස්ථ වෙලා ඒ දේවල් දිහා බලාගෙන ඉන්න. මේ වගේ තැනකට එන්න.. මේ තියෙන වැඩපිළිවෙ ටික දවසක් බලන්න. අපි අවසර ගත්තොත් අපි දෙනවා .අනවශ්‍ය දේවල් කරන්න නෙමෙයි ඒ දේවල් එයාගෙ හිතා හදාගන්න ඒවා දකින්න උවමනාව තියනවා නම් අවස්ථාව අපි දෙනවා.. මධ්‍යස්ථ වෙන්න. කාලයක් බලාගෙන ඉඳලා ඔයාටම තේරෙයි ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා.
තෙරුවන් සරණයි.
සාකච්ඡාව - කෝනාර Vlog
- පෙර වාර්තාව
තිත්තගල්ල මෙත් බෝ සෙවනේ බවුන් වඩමින් සිටි බිරිඳ රැගෙන යෑමට ආ සැමියාට හිමිවරුන්ගෙන් ප්‍රහාරයක් https://www.gossiplankanews.com/2021/06/ahangama-meth-bo-sewana-incident.html
0 Comments