සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ නැත්නම් අමැතිවරුන් සහ ජනතාව තමන්ට මෙතරම් ආදරේ බව දැන ගැනීමට හැකි වන්නේ නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පැවැසුවේය.
තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව අත්සන් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මහ බැංකු වාර්තාව කියවා නැතැයි ද බලශක්ති ඇමැතිවරයා පැවැසුවේය.
ඇමැතිවරයා මෙසේද කීය.
මට එහෙිව කිසිම චෝදනාවක් මේ විශ්වාසභංග යෝජනාවේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවූ එක මන්ත්‍රීවරයෙක්වත් සමගි ජන බලවේගයේ නැහැ. ඉතිහාසයේ කවදාවත් ඇමැති මණ්ඩලය මැදිහත්ව තෙල් මිල වැඩි කර නැහැ. රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ වගකීම ඇත්තේ බලශක්ති ඇමැතිට නොවේ ඇමැති මණ්ඩලයට.
ආණ්ඩුව ලාභ ලබන්නේ නැහැ. ආණ්ඩුව ලබන්නේ ආදායම බවත් මේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දන්නේ නැහැ. මහ බැංකු වාර්තාව කියවූ එක මන්ත්‍රීවරයෙක්වත් සමගි ජන බලවේගයේ නැති බව මේ යෝජනාව අනුව පෙනෙනවා. වෙත් විකල්පයක් නැති නිසායි ඉන්ධන මිල වැඩි කළේ. විකල්පයක් ඇත්නම් ඉදිරිපත් කරන්න කියා මාසයකට වැඩියි. තවමත් විකල්පයක් ඉදිරිපත් කරන්න හැකිව නැහැ. ඒ කියන්නේ ආණ්ඩුවට තෙල් මිල වැඩි කිරීම මිස වෙන විකල්පයක් නැති බවයි. පසුගිය මාසයේදිත් තෙල් මිල වැඩි වෙලා. මංගලගේ සූත්‍රය තිබුණා නම් අද පෙට්‍රල් ලීටරය සහ ඩීසල් ලීටරයක මිල ඉහළ ගිහින්.
රටට අවශ්‍ය තෙල් ටික ශ්‍රී ලංකාව තුළම ඉදිරියේදී පිරිපහදු කර ගන්නවා. ඒ සඳහා තමයි ආයෝජකයෙක් සමග එය අරඹන්න ඛනිජ තෙල් පනත සංශෝධනය කරන්නේ.
රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවන්නේ බලශක්ති ඇමැති නොවේ ඇමැති මණ්ඩලය
0 Comments