upeksha-swarnamali-kandy

රිය අනතුරක් සිදු කිරීම නිසා මහනුවරදී පොලිස් අත්අඩංගුවට පත්ව උසාවියට ඉදිරිපත් කරන්නට සූදානම්ව සිටියදී පොලිස් ඇප මත නිදහස්ව ගිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය මේ දිනවල පවතින සංචරණ සීමා නීති යටතේ බස්නාහිරින් බැහැරව වාහනයක ගමන් කරමින් සිටීම ගැන ඊයේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් විය.
ඇය අපරීක්ෂාකාරී රථ ධාවනයට අමතරව පළාත් සංචරණ නීති උල්ලංඝනය කර ඇති නිසා ඒ වෙනුවෙන්ද දඩුවම් ලැබිය යුතු බවට කතාබහ ඇති විය.


කෙසේ වෙතත් ඊයේ පොලිසිය දන්වා සිටියේ උපේක්ෂා ස්වර්ණමාලි පොලිසියට පවසා ඇත්තේ ටික කාලයක සිට ඇය මහනුවර වැඩමුළුවකට සහභාගී වෙමින් සිටින බවත් ඒ නිසා පළාත් මාරුවීමක් සිදු කර නැති බවත්ය.
මෙම අනතුර සිදුව ඇත්තේ මීට පෙර වාර්තා කළ පරිදි රාත්‍රී 11 ට නොව සවස 6.45 ට පමණ බවද වාර්තා වන අතර උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ වැගන් ආර් රථයේ හැපුණ ගෝනිගොඩ ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයා තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ඔහුගේ නිවැසියන් පොලිසියට ගෙන්වා උපේක්ෂා මුණගස්වා වන්දි මුදලක් ලබාදීමට තීරණය කිරීමෙන් පසු ඊයේ ඇය ඇප මත නිදහස් විය.