upeksha-swarnamali-released

පෙරේදා රාත්‍රී කටුගස්තොට ප්‍රදේශයේදී අනතුරක් සිදු කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත් රංගන ශිල්පිණී හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලී අද (26) දිනයේ උසාවියට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිය නමුත් දේශපාලන ඇමතුමක් ලැබීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇය පදවා ඇති සුදු පැහැති සුසුකි වැගන් ආර් රථය පොලිස් භාරයේ තිබියදීම ඒ අනුව ඇයව නිදහස් කර ඇත.


ඇය 24 වනදා රාත්‍රී 11 ට පමණ මෙම රථය වේගයෙන් පදවමින් සිටියදී 18 හැවිරිදි වියේ තරුණයෙකු පැදවූ ස්කුටි වර්ගයේ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී ඇති අතර මෙම අනතුරින් තරුණයා තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
උපේක්ෂාගේ රථයේ ඉදිරිපස රියදුරු සිටින පැත්තේ සුළු අලාභහානි සිදුවූ අතර පොලිසිය පැමිණ ඇය බීමතින් සිටියේදැයි පරීක්ෂාවක් සිදු කර තිබුණි. පොලිසිය පවසන්නේ එය සෘණාත්මක වූ බවයි. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇය රඳවා සිටියදී ඉහළට ලබාගත් ඇමතුමකින් පසු සිද්ධිය සමථයකට පත්කර ගොඩින් විසඳන්නට පොලිසිය තීරණය කළ බවයි.
ඒ අනුව උසාවියට ඇයව ඉදිරිපත් නොකර ඇයව නිදහස් කර ඇති අතර තුවාල ලද තරුණයාගේ නිවැසියන් පොලිසියට ගෙන්වා අනතුර සම්බන්ධයෙන් වන්දියක් ගෙවාලන්නට පොලිසිය රංගන ශිල්පිනියට අවස්ථාව සලසමින් සිටින බවද වාර්තා විය.