COVID-19 වෛරසයට එරෙහි එත්තත් කරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක COVAX වැඩසටහන වෙත තමන් මුදල් ලබාදී ඇතත් එම එන්නත් තවමත් නොලැබුණු බව වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මදුරෝ චෝදනා කරයි.
ඒ අනුව ඉදිරි සතියක කාලයක් ඇතුළතදී තමන්ට මෙම එත්තත් හෝ තමන් ලබාදුන් මුදල් ආපසු ලබාදෙන ලෙස ද නතිවරයා COVAXවැඩසටහන වෙත දැනුම් දී තිබේ. ලොව අඩු ආදායම්ලාභී රටවලට අවශ්‍ය COVID-19 මදන එන්නත් ලබාදීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය ඇතුළු සංවිධාන ඒකාබද්ධව සිටියි."COVAX වැඩසටහනට සිදුකරන අවසන් නිවේදනය මෙයයි. එක්කෝ අපිට එන්නත් දෙන්න නැත්තම් අපි දුන්න මුදල් ආපසු දෙන්න. මේ වැඩසටහන වෙනිසියුලාව තුළදී අසාර්ථක වෙලා තිබෙනවා. ඔවුන් අපිට පිළිතුරු දෙන්වත් නැහැ.”යනුවෙන් මදුරෝ පසුගියදා එරට රාජ්‍ය රූපවාහිනිය හරහා පවසා තිබේ.
මේ අතර COVAX වැඩසටහන හරහා තමන්ට අවශ්‍ය එන්නත් ලබාගැනීම වෙනුවෙන් ලබාදුන් මුදල් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වළකා තිබෙන බවත්, එරට උප ජනපතිනියද පෙර චෝදනා කර තිබුණි. ජනපතිවරයාට අනුව මේ දක්වා එරන්න විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 120ක් අදාළ එන්නත් වෙනුවෙන් ගෙවා ඇතැයි සඳහන් වෙයි.
0 Comments