පුත්තලම - පරණ මන්නාරම මාර්ගයේ වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේදී කැබ් රථයක් නිවසකට කඩා වැදී පෙරේදා (18)දා සිදුවූ අනතුරකින් කුඩා දැක ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙත්සරණි නවීෂා (අවු.05) නමැති දැරියකි.එසේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ අවුරුදු 20ක තරුණයෙකු හා අවුරුදු 32ක කාන්තාවකි.
පෞද්ගලික ජල ව්‍යාපෘතියක සේවකයන් පිරිසක් ගමන් කරමින් තිබු කැබ් රථය අධික වේගයෙන් පැමිණ ඇති බවත් රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පසු මාර්ගයෙන් ඉවතට පැන නිවස ඉදිරිපිට කොටසක් බිමට සමතලා කරමින් මිදුලේ සිටි කුඩා දැක් ඇතුළු තිදෙනෙකුද අනතුරට ලක්කර ඇති අතර, අනතුරින් තුවාල ලැබූ තිදෙනාම වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවපුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පරීක්ෂණවලදී මියගිය දැරිය අනාවරණය විය.
අනතුර සිදුකළ කැබ් රථයේ ගමන් කළ රියැදුරා ඇතුළු සිවුදෙනාම අධික ලෙස මත්පැන් පානය කර තිබු බවත් අනතුර සිදුවූ අවස්ථාවේදි මත්පැන් බෝතල් කිපයක්ද තිබු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති එල්.එන්.බී.එල්. පතිරත්න මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
0 Comments