ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර අතිශය රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි
ඉරිදා පළවන දේශය පුවත්පත වාර්තා කර තිබේ.
විදේශගතව සිට පැමිණිමෙන් පසු මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා නිරෝධායනය වන කොළඹ ෂැංග්‍රිල්ලා හෝටල් පරිශ්‍රයේ පසුගිය බදාදා පෙරවරුවේ මෙම හමුව සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇතැයිද ඊට බැසිල්-විමල් දෙදෙනා පමණක් එක්වූ බවද කියැවෙන අතර විමල්ට සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇත්තේ බැසිල් බවද වාර්තාවෙන් කියැවේ.
පැවති දේශපාලන අරගලය නිමාකර සමගියෙන් ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම සැකසීම එහි අරමුණ වී ඇති අතර බැසිල් පාර්ලිමේන්තු පැමිණීම ගැන තමන් ඇතුළු කණ්ඩායමේ කිසිදු විරෝධයක් හෝ අහිතක් නැතැයි විමල් එහිදී කියා තිබේ.
ඉදිරියේදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සමඟද සාකච්ඡා කරන බවද බැසිල්ට හිතවාදී ආන්ඩු පක්ෂයේ මන්ත්‍රී ඡන්දයෙන් විශ්වාසභංගය පරාජය කිරීමට එකඟතාවක් ඇතිවූ බවද සඳහන් වෙයි. හමුව අවසානයේ ඔවුන් දෙදෙනා ගත් තීරණය අනුව ඔවුන් හමුවූ බව කිසියම් මාධ්‍යයකින් විමසුවොත් එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය යන්නට එකඟවී ඇතැයිද පුවත්පත වාර්තා කර තිබේ.
0 Comments