තම ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයකු ලෙසත් මෙම අවස්ථාවේ තම සමාජ වගකීමක් ලෙසත් සලකා තමා ද අද (29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
අද(29) දින තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා මෙසේ සඳහන් කර ඇත. එම ෆේස්බුක් සටහන මෙසේය.
"මාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙසත් මේ අවස්ථාවේ මාගේ සමාජ වගකීමක් ලෙසත් සලකා මම ද අද(29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළෙමි.
කර්මාන්ත අමාත්‍යාංශයේ මාගේ අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට පියවර ගත් අතර දින 14ක් එම අංශය ද වසා ඇත. අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙස ද දැනුම් දෙමි.
- කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ "
0 Comments