Taliban seize control of Afghanistan

පසුගිය දිනවල සිදුවූ ප්‍රහාර මාලාවෙන් පසු  ඇෆ්ගනිස්ථානයේ පාලන බලය මුළුමනින් අත්පත් කරගැනීමට
තලේබාන් සංවිධානය සමත්ව ඇත. ඔවුන් වෙත ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අද දිනයේ පැවරෙනු ඇතැයි ඇෆ්ගනිස්ථානු මාධ්‍ය වාර්තා කර තිබේ. අල් අරාබියා පුවත් සේවය පැවසූයේ දැනට ඇෆ්ගන් නායකත්වය දරන ජනාධිපති අශ්රෆ් ඝානි පැය කිහිපයක් තුළ බලය අතහරිනු ඇති බවය.


මේ වනවිට ඇෆ්ගන් ජනාධිපති මන්දිරයෙහි තලේබාන් නියෝජිතයන් සහ රජය අතර සාකච්ඡා පැවැත්වේ යයි අල් අරාබියා පුවත් සේවය වාර්තා කළේය.
ඇෆ්ගන් ජනාධිපති අ‍ශ්රෆ් ඝානි ඇමරිකන් සහ නේටෝ නියෝජිතයන් සමග ද සාකච්ඡා කරන බව වාර්තා විය.
තලේබාන් සංවිධානය අද ප්‍රධාන නගරය කාබුල් නගර සීමාවට ඇතුල්ව යටතට ගත් අතර ඉන්පසු සාමකාමී බල හුවමාරුවක් අපේක්ෂාවෙන් නගරයට පහරදීම නවත්වා දමන බව නිවේදනය කළේ ය.

මෙම යටත් කරගැනීමත් සමග ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු නියෝජිතයින්ට තානාපතිවරුන්ට රටින් පිටවන ලෙස දන්වා ඇත. මේ ගැන කුමක් කරන්නද යන්න ගැන රුසියාව, ඇමරිකාව,බ්‍රිතාන්‍යය , පකිස්තානය, ජර්මනිය ඇතුළු රටවල් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව සීඑන්එන් වාර්තා කරයි. බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවද විශේෂ කැඳවීමක් කර රැස්වන්නට නියමිතය. ශුද්ධෝත්තම පාප් වහන්සේද සාමය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඇෆ්ගනිස්ථානයේ සිය ගුවන් මෙහෙයුම් තාවකාලිකව නතර කරන බව එමිරේට්ස් ඇතුළු ගුවන් සේවා සමාගම් ගණනාවක් දන්වා ඇත. කාබුල් නුවර වැසියන් නගරය අතහැර පළායමින් සිටින බවද වාර්තාවේ.



Taliban seize control of Afghanistan