පසුගිය ජූලි මාසයේ අග චීන රජය නිවේදනය කළේ පාසල් විෂයයන් පාසලෙන් පිටතදී කිසිදු ආකාරයක ප්‍රතිලාභයක් ලබන පදනමකින් එනම් උපකාරක පන්ති ලෙස ඉගැන්වීම තහනම් කරන බවයි. මීට හේතුවී තිබුනේ චීනයේ පවුලකට දරු උපත් සඳහා පනවා තිබූ නීති සංශෝධනය එනම් දරුවන් දෙදෙනෙකුගේ සිට තිදෙනෙකු දක්වා හැදීමට අවසර ලබාදීමේ ක්‍රමයට තිබෙන උනන්දුව ටියුෂන් වියදම නිසා අඩුවේ යයි සැකකළ නිර්දේශයකි. ටියුෂන් වියදම නිසා දරුවන් හැදීම අධෛර්ය වනු ඇතැයිද තිදෙනෙකු දක්වා යාමට දෙමාපියන් මැළිවෙනු ඇතැයි එම නිර්දේශයෙන් කියැවිණි.
මෙම තහනමේ තවත් අරමුණක් වන්නේ වයස අවුරුදු හයේ සිට 15 දක්වා ළමුන් සඳහා අනිවාර්ය අධ්‍යාපනයේ පීඩනය ලිහිල් කිරීමයි.
කෙසේ වෙතත්, විධායකයින් සහ ප්‍රාදේශීය මාධ්‍ය සිදු කළ ගනනය අනුව මිලියන 10 ක ජනතාවක් මෙම උපකාරක පන්ති ක්ෂෙත්රෙයහි රැකියා කරන බව පැවසෙන අතර ඒ නිසා කර්මාන්තය විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇත.
චීනයේ මෙම පන්ති පවත්වා ඇත්තේ විශාල සමාගම් හරහාය. ඒ වෙනුවෙන් ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි පවා පැවතී ඇත.වයස අවුරුදු තුනේ සිට 18 දක්වා වූ අයට සේවය කරන මෙම කර්මාන්තය 2019 දී යුවාන් බිලියන 800 ක් (ඩොලර් බිලියන 123.24) ක් ඉපැයූ අතර 2025 වන විට යුවාන් ට්‍රිලියන 1.4 දක්වා ළඟා වීමට නියමිත බව අර්ථික උපදේශකයින් අනාවැකි පළ කර තිබුණි.
කෙසේ වෙතත්, දැන් බොහෝ ආයතන ඉක්මනින් වෙනත් විෂයන් හඳන්වාදෙමින් අනුවර්තනය වීමට කටයුතු කර ඇති අතර, දහස් ගණනක් වසා දමා ඇතැයි චීන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
පාසලේ උගන්වන්නේ නැති සුවිශේෂ විෂයන් සම්බන්ධ අමතර පන්ති හා දෙමව්පියන්ගේ පුහුණුව වැනි අලුත් විෂයන් ඇතැම් ඒවාට ආදේශවී ඇති බවද කියැවේ.
දරුවන්ගේ වියදම සලකා දරුවන් හැදීම අඩු කිරීම මගින් චීන රජය මෙම ගැටලුව වැරදි ලෙස හඳුනාගෙන ඇති බවට විවේචනයක්ද පවතී. බොහෝ විට "ක්‍රෑම් පාසල්" යනුවෙන් හැඳින්වූ මෙම ටියුෂන් පන්තික්රමය අභිලාෂකාමී මධ්‍යම පන්තිකයෙකුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පත් නොමැති පද්ධතියකට තාර්කික ප්රතිචාරයකි. තහනම හේතුවෙන් මධ්‍යම පන්තිය ගැටලුවලට මුහුණපාන නමුත් ධනවත් දෙමාපියන්ට ගෙවල් වලට ගෙන්වා නොදැනෙන සේ උපකාරක පන්ති කරගැනීමට හැකියාවක් ඇත. එමඟින් අනාගතය ගැන දැනටමත් කනස්සල්ලට පත්ව සිටින මධ්‍යම පාන්තික දෙමව්පියන්ට තම දරුවන්ගේ ජයග්‍රහණ අවස්ථා ගැන සැක සංකා පහළවී ඇත.
1990 ගණන් වලදී චීන රජය තීරණය කළේ උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල වලට මුදල් යෙදවිය යුතු බවකි. විශ්මය ජනක ප්‍රතිඵල ඉන් ලැබුණ අතර 1998 සහ 2018 අතර කාලය තුළ, චීන උපාධි අපේක්ෂකයින්ගේ ජනගහනය මිලියන 3.4 සිට මිලියන 28.3 දක්වා වැඩි විය. ගැටලුව වූයේ මෙම නව ආයතන වල ගුණාත්මක භාවය බෙහෙවින් වෙනස් වීමයි. ප්‍රභූ නාගරික විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකුට දැන් හොඳ වැටුප් සහිත වෘත්තියක් සහතික වී ඇත; අඩු විද්‍යාලයකට ඇතුළත් වන අයට රැකියා වෙළඳපොල අභියෝගයකි. විශ්‍රාම වැටුපක් නොමැති චීන දෙමව්පියන්ට මෙම වෙනස ඉතා වැදගත් වන අතර මහලු වියේදී තම එකම දරුවා ඔවුන්ට උපකාර කිරීමට ප්‍රමාණවත් වේ යැයි බලාපොරොත්තු විය යුතුය.
සමීක්ෂණයකින් හෙළි වූයේ චීන දෙමව්පියන්ගෙන් 92% ක් වසරකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 3 කට වඩා වැඩි මුදලක් ගෙවා තම දරුවන් බාහිර පන්තිවලට ඇතුළත් කර ගත් බවයි. එය මුළුමනින්ම පාහේ තරගකාරීත්වය නිසා ගොඩනැගුණ කර්මාන්තයක් වන අතර පාසල්වල ඉගැන්වීම් හොඳ මට්ටමක පැවතියදී අනවශ්‍ය බර පැටවීමක් විය.
එබැවින් නව වෙනස ගැන දක්වා ඇති යහපත් ප්රතිචාරයන්ද ඉහළය.
(රොයිටර් පුවත් ඇසුරිනි)
0 Comments