ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අබේ දොරටුව සහ ඒ ආසන්නයේ පිහිටි බැරන් හෝටලයේ සිදු වූබෝම්බ ප්‍රහාර තුනකින් ඊයේ 26 දා ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 87 දෙනෙකු මියගොස් 153 දෙනෙකු තුවාල ලැබූ අතර ඇමරිකානුවන් 13 දෙනෙකු මියගොස් 15 දෙනෙකු තුවාල ලැබූහ.
මරණයට පත්වූයේ තලේබාන් පාලනය පිහිටුවීමෙන් පසු රටින් පළායමින් සිටි වැසියන් හා ඊට උපකාර කළ ඇමරිකානු හමුදා හා තලේබාන් නියෝජිතයින්ය.
ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) කණ්ඩායම මෙම පිපිරීමේ වගකීම බාරගෙන තිබේ. එම සංවිධානයට අයත් අයි එස් කේ නමැති අනු කණ්ඩය මෙම පිපිරීම සිදුකර ඇති අතර පිපිරීම් තුනෙන් එකක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවටද හඳුනාගෙන ඇත.
මියගිය අය අතර දැනට ඇෆ්ගනිස්තාන පාලන බලය අල්ලාගෙන සිටින තලේබාන්නුද සිටීම විශේෂත්වයකි.
ඇෆ්ගනිස්තානය තුළ තබා කරන විග්රහයේදී තලේබාන් හා අයිඑස් ත්‍රස්ත සංවිධාන දෙක ඇතැම් කාරණාවලදී එකිනෙක පරස්පර බව මෙම සීදුවීමෙන් ගම්‍ය වන්නේ යයි ලෝක යුද විශ්ලේෂකයින් වාර්තා කර තිබේ.
ඒබීසී ප්රවෘත්ති වලට අනුව, ස්වයං ප්‍රකාශිත කලීෆාවක් පිහිටුවීම සඳහා අයිඑස් ‘කොරසන්‘ මීට වසර 6 කට පෙර නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේදී සටනට එක් වූ අතර එය ලොව භයානක ත්‍රස්තවාදී තර්ජනයක් බවට වේගයෙන් වර්ධනය වී තිබේ.
ඇෆ්ගන් ශාඛාව නම් කර ඇත්තේ මධ්‍ය කාලීන ඇෆ්ගනිස්ථානය, ඉරානය සහ මධ්‍යම ආසියාවේ වැඩි කොටසක් වාසය කළ කලාපය වන කොරසන් බලකොටුවෙනි. මේ හේතුව නිසා එය අයිඑස් කොරසන්, අයිඑස්-කේ හෝ අයිසිස්-කේ ලෙස හැඳින්වේ. ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 4,000 ක් පමණ මීට සක්‍රීය බව ප්රකටය.
හමුදා මෙහෙයුමකින් පසු මායිම හරහා ඇෆ්ගනිස්ථානයට ගිය සිය ගණනක් පකිස්ථානු තලේබාන් සටන්කාමීන් සමඟ මෙම කණ්ඩායම සටන් කිරීම ආරම්භ කර තිබේ. තලේබාන් සංවිධානය අධික ලෙස මධ්‍යස්ථව හා සාමකාමීව කටයුතු කිරීම ගැන ඔවුන් සෑහීමකට පත් නොවූ අතර වෙනත් සමාන අදහස් ඇති අන්තවාදීන් ඊට සම්බන්ධ විය.
අයිඑස්-කේ යනු එකම ඉස්ලාමීය සුන්නි නිකායේ සාමාජිකයෙකු වන නමුත් තලේබාන් සංවිධානය සමඟ වෙනත් ආකාරයකින් සතුරු බලවේගයක්ව පවතී.
අල්කයිඩා සටන්කාමීන් තලේබාන් සංවිධානයට සම්බන්ධ වී ඇතැයි බුද්ධි අංශ විශ්වාස කළත් තලේබාන් සංවිධානය අයිඑස්-කේ සංවිධානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කර තිබේ. ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක ඉස්ලාමීය රාජ්‍යය පරාජය කිරීම සඳහා තලේබාන් කැරලිකරුවන් ඉඳහිට එක්සත් ජනපදය සහ එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඇෆ්ගන් රජයේ හමුදාව සමඟ එක් වූ බවටද සාධක තිබේ.
0 Comments