
ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන විනිමය අනුපාතයට එකතු කරන ලද අතිරේක ගාස්තුව දේශීය බැංකු විසින් ඉහළ දමා ඇති බව ඊයේ (14) ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
දැනට අදාළ වන අනුපාතය සියයට 2.5 කි. මෙම අනුපාතය සියයට 6-7 දක්වා වැඩි කිරීමට බැංකු තීරණය කර ඇති බව ඩේලි මිරර් වාර්තා කළේය.
ඉහළ නැංවීමේ සංශෝධනය පිළිබඳව සමහර බැංකු සිය කාඩ්පත් හිමියන්ට දැනටමත් දැනුම් දී ඇති අතර අනෙක් ඒවා ඉදිරි දින කිහිපය තුළදී තම ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බැංකු අංශ ආරංචි මාර්ග වලට අනුව, නව අනුපාතය සමඟ කාඩ්පත් හිමියෙකුට විදේශීය ගනුදෙනුවක් සිදු කරන සෑම අවස්ථාවකම එක්සත් ජනපද ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් රුපියල් 222 කට ආසන්න මුදලක් ගෙවීමට සිදු වන බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval