කොවිඩ් ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල තවත් සුසාන භූමි තුනක් සූදානම් කිරිමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. මෙයට අමතරව කොවිඩ් මෘතදේහ භූමදානය කෙරෙන මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමියට තවත් අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේ පුළුල් කළ බවද හෙතෙම සඳහන් කළේය.
අලුත් සුසාන භූමි තුන සඳහා යොදා ගන්නා භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව විශේෂ කරුණු අධ්‍යයනයක් කරගෙන යන බවත්, ඔවුන් විශේෂ කරුණු ගණනාවක් එහිදී සැලකිල්ලට භාජන කිරිමට නියමිත බවත් තාක්ෂණික සේවා අධ්යක්ෂවරයා කීව්වේය.
මේ අතර මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භුමියේ කොවිඩ් මෘතදේහ 2264 ක් මේ දක්වා භූමදානය කර ඇතැයි වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය. එහි භූමදානය කෙරුණු වැඩි පිරිසක් මුස්ලිම් භක්තිකයෝ වෙති. භූමදානය කෙරුණු මුස්ලිම් භක්තිකයන් සංඛ්‍යාව දෙදහස් හැත්තෑවකි. මෙයට අමතරව, හින්දු භක්තිකයන් අනු අට දෙනකුද බෞද්ධාගමිකයන් පනස් පස් දෙනකු සහ කතෝලික ආගමිකයන් හතළිස් එක් දෙනකුද ඔට්ටමාවඩි සුසාන භූමියේ භූමිදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යශය පවසයි. කොවිඩ් සිරුරු භූමදානය සඳහා මඩකළපුව ඔට්ටමාවඩි සුසාන භූමිය යොදාගනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීය.
-සුජිත් හේවාජුලිගේ--
0 Comments