
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස
2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර ලබා නොදීමට රජය තීරණය කර තිබෙයි.
ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර නැති අතර අවන්හල්වල වරකට රැස්වී සිටිය හැකි පිරිස ඒ්වායේ ධාරිතාවයෙන් 50%කට පමණක් සීමාකර තිබෙයි.
ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්නැයි රජය ඉල්ලා සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

Comments
Post a Comment
Your comment will be visible after approval