A change in methodology for Sri Lankans coming from India

ඉන්දියාවේ සිට පැමිණෙන පුර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයන්ට විදේශ අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියෙන් තොරව මෙරටට පැමිණීමටත් මෙහිදී කරන  පීසීආර් පළමු පරික්ෂණයෙන් ආසාදිතයකු  නොවන්නේ නම් නිවෙස් වෙත යාමටත්  අවසර ලැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.  

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා වූ නිරෝධායන ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කිරිම අනුව  මෙම අවසරය හිමිවන බවද සඳහන් වේ.  


ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අවසර ලබාගැනීම අවශ්‍ය  නොවනු ඇත. කෙසේ වුවද එසේ පැමිණෙන සියලු දෙනා මෙරටට පැමිණීමෙන් අනතුරුව පීසීආර් පරික්ෂාවකට භාජනය විය යුතු බවද එම අධිකාරිය පවසයි.


 තිළිණි ද සිල්වා -