පසුගිය කාලයේ විහාරාධිපතිහිමියන්ගේ අපවත්වීමෙන් පසු අයිතිය පිලිබඳ ගැටලුවකට ලක්වූ සේරුවිල මංගල රජමහා විහාරය තුළ අර්බුදයක් නිර්මාණයවී ඇතැයි වාර්තාවේ.
තමන් වහන්සේ විහාරාධිපති ධූරය දරන සේරුවිල මංගල රජමහා විහාරයට නාඳුනන පිරිසක් කඩා වැදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන පාලන බලය ඔවුන් අතට ගෙන ඇතැයි විහාරයේ විහාරාධිපති කොටපොළ අමරකිත්ති හිමියෝ සඳහන් කරති.
හතළිහක පමණ කණ්ඩායමක් විහාරස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගනිමින් තමන් වහන්සේට ඊට ඇතුළු වීම අවහිර කර ඇති බව උන් වහන්සේ කියති.
මින් ඉහත විහාරාධිපති ධුරය දැරූ මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අපවත් වීමෙන් පසු අමරපුර සංඝ සභාව හා එහි මහා නායක හිමියන් විසින් තමන් වහන්සේ සේරුවාවිල විහාරාධිපති ධුරයට පත්කළ බවද එම පත් කිරීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ විසින් අනුමත කර ලේඛන ගත කර ඇති බවද උන්වහන්සේ කියා සිටිති.
මෙම සිදුවූ පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇති බවද අමරකිත්ති හිමියෝ පවසති.
බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වැඩ වෙසෙන මෙම විහාරය මීට වසර දෙදහස් දෙසීයකට පමණ ඉහත ඉදිකරන ලද්දක් වන අතර භික්ෂුන් වහන්සේ කන්ඩායම් දෙකක් මෙහි බලය සම්බන්ධ විවිධ වාද විවාද වල පසුගිය කාලයේ කටයුතු කරන ලදි.
0 Comments