
මිනුවන්ගොඩ මූලික රෝහලේ සේවය කළ හෙද පාලිකාවක කොවිඩ්-19 වැළඳී ජීවිතක්ෂයට පත්වී තිබෙයි.
රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි හෙද පාලිකාවක මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත. මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.ඒ.අයි. අමරසිංහ නමැති ඇය 56 හැවිරිදි දෙදරු මවක මෙලෙස මියගොස් තිබේ.
මේ වන විට කොරෝනා ආසාදනය වී හෙදියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මීට පෙර රදාවාන මූලික රෝහලේ අශෝකා මල්කාන්ති නමැති හෙදියකද මියගියේ පසුගිය 19 වැනිදාය.
Comments
Post a Comment
Your comment will be visible after approval