ඉන්දියාවට අමතරව කොවිඩ් වසංගතය නැවත හිස ඔසවා ඇති ඊශ්‍රායලයෙන්ද මහා පරිමාණයෙන් සංචාරකයන් මෙරටට ගෙන ඒමට රජය සූදානම් වේ. ඉන්දීය සංචාරකයන් ලබන බදාදා (සැප්තැම්බර් 01දා) සිට මෙරටට ගෙන ඒම සඳහා නව ගුවන් ගමන් ආරම්භ කරන බව පසුගිය සතියේ වාර්තා විය.
චෙන්නායි, මුම්බායි සහ බැංගලෝර් ඇතුළු ස්ථාන හතක සිට ඉන්දීය සංචාරකයින් ගෙන්වා ගන්නා බව සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි පැවැසීය.
මීට සමගාමීව ඊශ්‍රායලයෙන්ද මෙරටට සංචාරකයන් යොමුකිරීම සඳහා විශේෂ ගුවන් සේවාවක් ආරම්භ කිරීමට එරට ගුවන් සමාගමක් ඉල්ලා ඇතැයිද සංචාරක ලේකම්වරයා සඳහන් කළේය. ඉන්දියානු සංචාරකයන්ට මෙරට සංචාරය කිරීමට පසුගිය වකවානුවේ වාරණයක් පනවා තිබුණු නමුත් ඊශ්‍රායල සංචාරකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව එවැනි වාරණයක් පනවා නැත. දැනටත් මෙරට ඊශ්‍රායල සංචාරකයන් කිහිපදෙනෙක් රැඳී සිටින බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.කෙසේවෙතත් ඉදිරියේදී මෙරටට පැමිණෙන ඊශ්‍රායල සංචාරකයන්ට ඉන්දියානුවන්ට මෙන් දැඩි නිරෝධායන මාර්ගෝපදේශ පැනවීමක් සිදු නොකරන බවද ලේකම්වරයා සඳහන් කළේය.
(නයන තරංග ගමගේ)
0 Comments