කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා රත්නපුර සහ කරාපිටිය ශික්ෂණ රෝහල් ඇතුළු රෝහල් කිහිපයක හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ, වෛද්‍ය එම්.ඩී.ඒ. රොඩ්රිගෝ සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා යන මහත්වරුන් තම රෝහල්වල හදිසි තත්වයක් පවතින බව නිවේදනය කර ඇත. මීට අමතරව, කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ආදී රෝහල්වල ද කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් බරපතළ ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ තවත් රෝහල්වල ගැටලුකාරි තත්වයක් පවතින බවත් එම රෝහල් නිල වශයෙන් නිවේදනය නොකළත් අවශ්‍යතාව මත ගත යුතු පියවර ගනිමින් සිටින බවත්ය. මේ වන විට සෑම පැයකටම කොවිඩ් මරණ තුනක් පමණ වාර්තා වන බව කී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා රෝගී සංඛ්‍යාව වැඩිවීම සමඟ මරණ ප්‍රතිශතය තවත් වැඩිවිය හැකි බව ද සඳහන් කළේය.
දැඩි සත්කාර ඒකකවල ඇඳන් 83ක් ඊයේ (4) උදෑසන වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් තිබූ බව කී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඉදිරියේ දී රෝගීන් වැඩිවීම පාලනය කර නොගතහොත් බලා සිටීම හැර වෙනත් දෙයක් කිරීමට නොහැකි විය හැකි බව ද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෙද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (4) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුන්වේ ඉකුත් දින කිහිපයක කෙටි කාලයේ දී රෝහල්වලට ඇතුළු වන රෝගීන්ගේ හා ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ඇති බවයි. බස්නාහිර පළාත තුළ මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව කී පනාපිටිය මහතා කොළඹ ජාතික රෝහලේ වාට්ටු නවයක්, රාගම රෝහලේ වාට්ටු 10ක් සහ එම රෝහල යටතේ ඇති කඳාන රෝහලේ වාට්ටු තුනක් වශයෙන් වාට්ටු 13ක් කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්කර තිබෙන බව සඳහන් කළේය. මීට අමතරව තවත් රෝහල් රැසක වාට්ටු කොවිඩ් රෝගීන්ට වෙන්කර ඇති බව ඔහු කීවේය.
රාගම රෝහලට ඇතුළත් වන රෝගීන්ගේ හදිසි වැඩිවීමත් සමඟ රෝහල් ධාරිතාව ඉක්මවායාම නිසා සංකූලතා අඩු රෝගීන් යොමු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සීදුව ප්‍රදේශයේ ඉදිකළ ප්‍රතිකාර මධ්‍යස්ථානය ද එයට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කීය. රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් පවා ඇඳක් හෝ නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින බවටත්, එසේ බිම තබා ඔක්සිජන් ලබාදෙමින් සිටි අයකු මියගිය පසු සිරුර ඉවත් කිරීමට බොහෝ කාලයක් ගත වූ බවටත් චෝදනා එල්ල වී තිබේ.
ලාල් පනාපිටිය මහතා පැවසුවේ හදිසි රෝගීන් වැඩිවීමක දී රෝහල ගැටලු ඇතිවීම සාමාන්‍ය බවත් රාගම රෝහලේ දර්ශන ඇතුළත්ව පසුගිය දිනවල ප්‍රචාරය වූ වීඩියෝවේ ඇත්තේ එවන් තත්වයක ප්‍රතිඵල බවත්ය. රෝහල් ධාරිතාවට වඩා රෝගීන් වාර්තාවන බැවින් දරාගත නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි කී පනාපිටිය මහතා එය පාලනය කරගැනීම සඳහා ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රෝහල් වාට්ටුවලටත්, සංකූලතා අඩු අය රෝහල්වලට බාහිරින් සකස් කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත් යොමු කර ඇතැයි කීවේය. සංකූලතා නොපෙන්වන අය නිවෙස්වල රැඳවීමට ද සිදුව ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
පොදු ප්‍රවාහන ගැටලුවක් රෝහල්වල කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුර සෙසු රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම ද බාධාවකින් තොරව සිදුකරගෙන යා යුතු නිසා මෙම පියවර ගෙන ඇතැයි ඔහු කීර්වේය. මහජනතාව වැඩිදෙනකු නිසි මාර්ගෝපදේශ නොපිළිපැදීම මෙම ගැටලුකාරී තත්වයට හේතුවක් වී ඇතැයි කී වෛද්‍ය පනාපිටිය මහතා සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවට කාර්යාලවලට එන්න සිදුව ඇතත් අවශ්‍ය බස්රථ හා දුම්රිය නොතිබීම ද ගැටලුවක් බව කීවේය. රාගම රෝහලේ මතුව ඇති තත්වය සම්බන්ධයෙන් කළ විමසීමක දී එහි අධ්යක්ෂ වෛද්‍ය සම්පුත් ලියනගේ රණවීර මහතා පැවසුවේ මේ වන විට රාගම, කඳාන රෝහල්වල සහ සීදුව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිච් රෝගීන් 1,020 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි. රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු සහ හෙදියන් 10 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇතැයි ද අධ්යක්ෂවරයා පැවසීය.
-ඩයනා උදයංගනී (lankadeepa) -
0 Comments