
කොරෝනා වැළඳුණහොත් ආරක්ෂා වීම සඳහා යැයි පවසමින් සමහරුන් ඔක්සිජන් සිලින්ඩර නිවෙස්වල ගබඩා කිරීමට පටන්ගෙන ඇති බවත්, ඔක්සිජන් හිගයට එය ද එක් හේතුවක් වී ඇති බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති. ජනතාව නිවෙස්වල හිතුමතේ ඔක්සිජන් සිලින්ඩර ගබඩා කරගැනීම ඉතා වැරැදි ක්‍රියාවක් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවැසීය.
වෛද්‍යවරුන්ගේ උපදෙස් නොමැතිව ඔක්සිජන් ලබාගැනීම ඉතා අවදානම් බවත්, රෝගියකුට ඔක්සිජන් වැඩිපුර ලබාදීමෙන් නියුමෝනියා තත්ත්වය මෙන්ම ඇස් අන්ධ වීම පවා සිදු විය හැකි බවත් ඔහු සඳහන් කළේය. රෝගීන්ට ඔක්සිජන් ලබාදිය යුතු නියමිත ප්‍රමාණ ඇති බව පැවැසූ විජේසූරිය මහතා, ඔක්සිජන් ලබාදීම සඳහා සුදුසු උපකරණ ද තිබිය යුතු බව පැවැසුවේය. රෝහල්වල ප්‍රමාණවත් ඔක්සිජන් ඇති හෙයින් නිවෙස්වල ඔක්සිජන් ගබඩා කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව අධ්‍යක්ෂවරයා කීවේය.
-සුජිත් හේවාජුලිගේ -
Comments
Post a Comment
Your comment will be visible after approval