මේ වනවිට වාර්තා වන කෝවිඩ්-19 ආසාදිතයන් වැඩි පිරිසකට හේතුකාරක වී ඇත්තේ, කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වන බවට, දිවයින පුරා සෑම ප්රදේශයකින්ම ලබාගත් ජෛව සාම්පල පටල පිළිබඳ කරන ලද පරීක්ෂණයකදී මූලික වශයෙන් අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කර සිටියේ, එම මූලික වාර්තාව එළඹෙන සෙනසුරාදා වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට හැකි වනු ඇති බවයි.ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදුකළ ආචාර්යවරයා, "අපි ජාන විශ්ලේෂණ පක්ෂණයක් ආරම්භ කර තිබෙනවා ශ්‍රී ලංකාව පුරා පැතිරුණු කෝවිඩ් -19 රෝගය සම්බන්ධයෙන් මොන ප්‍රභේදද හේතු කාරක වුණේ කියලා. ඒ අනුව මේ වනවිට දිවයින පුරා සෑම ප්රදේශයකින්ම නියැදි අපට ලැබිලා තියෙනවා. නියැදි 94ක් යොදාගෙන සිදුකරන ලද මූලික වාර්තාව සෙනසුරාදා වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වනවිට කෝවිඩ් රෝගීන් වැඩි ප්‍රමාණයකට. හේතුකාරක වී ඇත්තේ, ඩෙල්ටා වෛරස ප්‍රභේදය වන බවට එමගින් අනාවරණය වී තිබෙනවා” යැයිද ප්‍රකාශ කළේය.
(නිදර්ශනී වික්‍රමසිංහ)
0 Comments