Explains the commitments that people have to make

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවැති මාධ්‍ය හමුවකදී ජනතාවට සිද්ධ කරන්නට සිදුවන කැපකිරීම් කිහිපයක් ගැන අද දින  බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා හා රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් විස්තර කළහ.




කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි රටට අවශ්‍යකරන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට සිද්ධ වෙන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේය. ලංකාවේ පවතින්නේ කුඩා ආර්ථිකයක් බැවින් මේ දේ සිදු කරන්නට සිදුවන බවත් ලංකාවේ  නිෂ්පාදනය කළ නොහැකි හා නිෂ්පාදනය ප්‍රමාණවත් නැති භාණ්ඩ ආනයනය කරන්නට සිදුවන බවත් කීය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් අඩුකිරීමට කිසිඳු තීරණයකට පැමිණ නොමැති බවද ඔහු පැවසීය.
මේ අතර රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් දන්වා සිටියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බවයි.
මේ ව්‍යසනකාරී සමයේ නිවැරදි ආර්ථික කළමණාකරනය සඳහා සාර්ව ආර්ථික සාධක සැලකිල්ලට ගතයුතු
බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දුන්නේය.
රට වැසූ විට ආර්ථික ක්‍රියාකාරිත්වය පහත බසින බවත් එවිට දළ ජාතික නිෂ්පාදනය අඩුවෙන බවත් ඔහු
පැවැසීය.
“අපේ රටේ ශ්‍රම බලකාය 80 ලක්ෂයක්. ඔවුන්ගෙන් 15 ලක්ෂයක් පමණ රජයේ සේවකයන්. ඔවුනට මාසික
ආදායමක් ලැබෙනවා.

  ඉතිරි පිරිස විවිධ සුළු ව්‍යාපාර , වෙළෙඳාම්, ඉදිකිරීම් වැඩ ආදී කාර්යයන්හි
නිරත වෙමින් ආදායම් උපයන අය. මිනිස් ජීවිත වැදගත්. එසේම ජීවනෝපායත් ඒ තරමට වැදගත්. ජීවිත හා ජීවනෝපාය දෙකම රැක ගැනීමට ආර්ථිකය ආරක්ෂාකර ගැනීම ප්‍රමුඛතාවක්.”  යැයි පැවසූ රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මේ ආපදා
සමයේ අවශ්‍ය කැප කිරීම් කරන්නට සියලුදෙනා සුදානම් විය යුතු බවත් ආර්ථිකය අවුල් කිරීමට උදව්
නොකළයුතු බවත් අවධාරණය කළේය. 

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින්