කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමග ගන්නාලද සෞඛ්‍ය ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන රියදුරන්  දැඩි ලෙස පීඩාවට පත් වූ අතර,


මෑතකදී සිදුවූ  ඉන්ධන මිල ගණන් ඉහල යාමත් සමඟ ඔවුන් තවත් අපහසුතාවයට පත්විය,
ඇතැමුන් හට බැංකු හා ලීසිං සමාගම් වෙත  ගෙවිය යුතු වාහනයේ ණය සහ කල්බදු වාරික පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.
කුලී රථ රියදුරන් රජයෙන් ඉල්ලා සිටියේ තම ආදායම වැඩි කර ගැනීමට සහ බැංකු වලට සිය මූල්‍ය වගකීම් ගෙවීමට හැකි වන පරිදි ප්‍රවාහන ගාස්තු වැඩි කරදෙන ලෙසයි.මේ සමග පළවන්නේ ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රවෘත්ති වාර්තාවක වීඩියෝවකි.

Source - A24 News